වර්තමාන ලෝකයේ කොතරම් කාර්ය බහුලද කියනවා නම් බොහෝවිට බොහෝ දෙනාට තම ප්‍රධාන ආහාර වේල් ලබා ගැනීම පවා මඟ හැරෙනවා. ඔබ ඔබේ ආහාර වේල් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදක්වන කෙනෙක් නම් ඔබට පහත සඳහන් තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය ඉතා වැඩි බව කිව යුතුයි. පෝෂණය අපගේ ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ශරීර අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුවීම සඳහා ප්‍රෝටීන , විටමින් සහ ඛනිජ ලවන වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ආකාරයෙන් ලබා ගැනීම අවශ්‍ය වනවා.අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබ නිරාහාරව සිටීමෙන් ඔබට ලැබිය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳවයි.
ආහාර ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි ?
අස්ථි සහ දත් ශක්තිමත් කිරීමට
පරිවෘත්තිය ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීමට
අධි රුධිර පීඩනය සහ අධික සීනි මට්ටමට එරෙහිව සටන් කිරීමට
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කිරීමට
විවිධ ආකාරයේ බරපතළ රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට
තුවාල ඉක්මනින් සුව කිරීමට
තරබාරුකම අවම කිරීමට
මොළයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු කිරීමට
නිරාහාරව සිටීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මොනවාද ?
තරබාරුකම
ඔබ බර අඩු කර ගැනීම සඳහා ආහාර ගැනීම පාලනය කරනවා නම් එය නිසි පරිදි කළ යුතු වෙනවා. බොහෝ දෙනා ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටීම සිදු කරනවා. මෙහිදී සිදුවන්නේ ඉන් අනතුරුව ඔබට දැනෙන කුසගින්න සඳහා ඔබ සීමාවකින් සහ පාලනයකින් තොරව අධික ලෙස ආහාර ලබා ගැනීමයි. මෙයින් ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම සහ තරබාරුකම ඇතිවීම සිදුවනවා. එම නිසා සම්පූර්ණයෙන්ම නිරාහාරව සිටීම වෙනුවට ආහාර පාලනය කිරීම නිසි පරිදි සිදුකිරීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි.
රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනයේ මට්ටම පහත වැටීම
නිරාහාරව සිටින විට රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය ඉතා ඉක්මණින් පහත වැටීම සිදුවනවා. ඉන් පසුව කරකැවිල්ල සහ කලන්තය ඇතිවීම වැනි තත්ත්වයන් ඇතිවීමේ හැකියාවද පවතිනවා.
ආහාර දිරවීමේ ආබාධ සහ අජීර්ණ තත්ත්වයන්
අප නිරාහාරව සිටින විටත් අපගේ ආමාශය දිගින් දිගටම ආහාර ජීර්ණ යුෂ නිපදවන අතර දිගු වේලාවක් නිරාහාරව සිටින විට ආමාශයේ ශ්ලේෂ්මල ඛාදනය වී ආමාශයේ තුවාල සහ ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ඇතිවීම සිදුවනවා. මෙවැනි තත්වයන් ඉතා බරපතල තත්වයන් දක්වා වර්ධනය වීමේ හැකියාවද පවතිනවා.
කරකැවිල්ල ඇතිවීම
ආහාර වේල් මගහැරීම නිසා රුධිරයේ සීනි මට්ටම පහත වැටෙනවා.එය හයිපොග්ලිසිමියා ලෙස හැඳින්වෙන බරපතල වෛද්‍ය තත්වයක් වන අතර එමගින් අපගේ සංජානන හැකියාවන් අඩු කර , කරකැවිල්ල සහ අධික තෙහෙට්ටුව ඇති කරනවා.
දරුණු හිසරදය සහ ඔක්කාරය
ආහාර වේල් මඟ හැරීම අධි රුධිර පීඩනය සහ හයිපොග්ලිසිමියා රෝගයට හේතු වන අතර එය දරුණු හිසරදය මෙන්ම ඉරුවාරදය ද ඇති කරනවා. මොළයට නිසි පරිදි ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ග්ලුකෝස් ප්‍රමාණවත් නොවීම , තෙහෙට්ටුව , මනෝභාවයන් ඉක්මනින් වෙනස්වීම ආදී තත්ත්වයන්ද නිරාහාරව සිටීම මගින් සිදුවනවා. මනෝභාවයන් ඉක්මනින් වෙනස්වීම මගින් මානසික ආතතිය වැඩිවීම , අලස බවක් දැනීම වැනි සංකීර්ණ තත්වයන්ද ඇතිවිය හැකියි.
ශක්ති මට්ටම පහත වැටීම
ආහාර වේල් මඟහැරීම සහ නිරාහාරව සිටීම මගින් අපගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම සහ ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට බාධා එල්ල කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශරීරයේ ශක්ති මට්ටම තියුණු ලෙස පහත වැටීම , ශරීරය දුර්වල වීම , අධික තෙහෙට්ටුව දැනීම වැනි තත්ත්වයක් ඇති වනවා.
මේ අනුව ඔබ දවස පුරා දිගින් දිගටම නිරාහාරව සිටීම සහ ඔබගේ ප්‍රධාන ආහාර වේල් මඟ හැරීම එතරම් නුවණැති දෙයක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන, ආහාර වන අතර ආහාර නොමැති වීම නිසා ශරීරය ක්‍රියාකාරීත්වය අඩපණ වී ඉතා අහිතකර තත්ත්වයන් ඇතිවීම සිදුවන නිසා ඔබගේ ප්‍රධාන ආහාර වේල් මගහැරීම සහ නිරාහාරව සිටීමෙන් වැලකීම කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතුයි.
ReplyForwardAdd reaction |