“මට යන්න දිය හැකි තරමට ආදරේ කරන්න”
මේ දවස් වල ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙන ඒ වැකිය ඔබ දැකලා ඇති. තමන්ගේම පෙම්වතා අතින් ඝාතනය වුණ තරුණියගේ කතාවේ උණුසුම යන්නත් කලින් අපි ඔබට මේ මතක් කරන්නේ ජීවිතේ ඔබ ගොඩ නඟා ගන්නා සම්බන්ධතා වලදී ඔබ කොයි තරම් නම් වග වෙන්න ඕනිද කියන කාරණාව.
මාර්ක් වැන් ඩන්ගන්, 1971දී ඉපදිලා, නෙදර්ලන්තයේ හැදිලා වැඩෙන තරුණයෙක්. කුඩා කාලයේ ඉඳන්ම මාර්ක් බොහෝම ගුණයහපත් දරුවෙක්. ඔහු තරුණ වියට එලැඹුනෙත් ඒ ගුනයහපත්කම් එක්කමයි. කිසිම කෙනෙක්ගේ හිත නොරිදවන, හැකි හැක වෙලාවකම කාට හරි උදව් කරන්න උත්සාහ කරන මාර්ක් ඔහු අවට උන්න බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන උන්න කෙනෙක්. අධ්‍යාපන කටයුතු අවසන් කරලා උසස් අධ්‍යාපන කටයුතු වලට යොමු වුනාට පස්සේත් මාර්ක්ගේ ඒ හැසිරිම් වෙනස් වෙන්නේ නැහැ. උසස් අධ්‍යාපන කටයුතු වලදී බොහෝම උනන්දුවෙන් කටයුතු කරන මාර්ක් මිතුරන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙනුත් බොහොම උදව් කරන කෙනෙක්. ඒ හින්දාම ඔහු සරසවිය තුළත් ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. අධ්‍යාපන කටයුතු අවසන් කරලා, සිවිල් ඉන්ජිනේරුවරයෙක් විදියට තමන්ගේ වෘත්තීය ජීවිතය ගොඩ නගා ගන්න අවශ්‍ය වුන නිසාම මාර්ක් නෙදර්ලන්තයේ ඉඳලා, එංගලන්තයට සංක්‍රමණය වෙනවා.
රැකියාවක් හොයාගෙන එංගලන්තයට එන මේ කඩවසම් තරුණයාගේ ජීවිතේ අලුත් පරිච්චේදයක් එතැනදි පටන් ගන්නවා. මාර්ක්ට එංගලන්තයේදි මුණ ගැහෙනවා බර්ලිනා වැලස් කියන මෝස්තර නිරූපණ ශිල්පය හදාරපු දකුණු අප්‍රිකානු යුවතිය. ඒ වෙනකොට බර්ලිනා අවුරුදු 20ක් විතරයි. කොහොමහරි මේ දෙන්නාගෙ හමුවීම ඉතාම ඉක්මනින් ප්‍රේම සම්බන්ධතාවයක් බවය පත් වෙනවා. බෙරීන් සහ මාර්ක් 2010 අවුරුද්දේ දී එකිනෙකාට ප්‍රේම කරන බව නිල වශයෙන් හුවමාරු කරගන්නවා.
බර්ලිනා ට ඉතාම උමතුවෙන් ප්‍රේම කරන මාර්ක් ඇගේ වැඩ කටයුතු වෙනුවෙන් තමන්ට කරන්න පුලුවන් හැම උදව්වක්ම කරනවා.ඇයට මූල්‍යමය සහයෝගයත් ලබා දෙනවා. ඇය මානසිකව ඇද වැටෙන හැම වෙලාවකට ඇය වෙනුවෙන් මාර්ක් ඉන්නවා.
ඒත් ටික කාලයක් යනකොට තමන් බර්ලිනාට දක්වන සහයෝගය ඇගෙන් පෙරලා තමාට නොලැබෙන බව මාර්ක් වටහා ගන්නවා.
” බර්ලිනා හැම තිස්සේම උත්සාහ කරන්නේ එයාට ඕනි විදියට මාව පාලනය කරන්න .. ඇත්තටම මට නම් දැන් මේ සම්බන්ධතාවය ඇති .. ඇය ඉතාම පහත් විදියට මට බැණ වදිනවා.. මාත් එක්ක රණ්ඩු කරනවා.. මේ මම බලාපොරොත්තු වුන ජීවිතය නෙවෙයි …”
මාර්ක් ඔහුගේ මිතුරන්ට වගේම පවුලේ අයටත් නිතරම එහෙම කියනවා. බර්ලිනාගේ මේ විෂ සහගත සම්බන්ධතා නඩත්තුව දකින ඔහුගේ මිතුරන් ඔහුට ඇගෙන් වෙන් වෙන්නම කියලා යෝජනා කරනවා. ඒ බර්ලිනා විසින් මාර්ක්ට පහර දෙන බව ඔවුන් ඇස් පණා පිටම දකින නිසා. ඒ වගේම මාර්ක් නිදාගෙන ඉන්න වෙලාවක බර්ලිනා නටපු උණු වතුර ඔහුගේ ඇඟට විසි කරපු බවත් මිතුරන් දැනගන්නවා. ඒත් ඔහු වෛද්‍යවරයාට පවසන්නේ උණු තේ කෝප්පය හැලිලා තමන් පිලිස්සුන බව
” උඹ ඔහොම ටොක්සික් රිලේෂන්ශිප් එකක දුක් විඳින්න ඕනි මිනිහෙක් නෙවෙයි මාර්ක් ..ඔතනින් අයින් වෙන්න ..අපි දන්නවා ඒ යක්ෂණී උඹව බය කරලා තියෙන්නේ කියලා…”
” මට තේරෙන්නේ නෑ … මට ඇගෙන් ඉවත් වෙන්න ඕනි .. ඒත් ඇය කියන්නේ මම ඇයව අත් හැරියොත් ඇය සිය දිවි නසාගන්න බව…”
මාර්ක් මිතුරන්ට එහෙම කියනවා. කොහොම වුනත් මේ තාඩන පීඩන මැද්දේ මාර්ක් බර්ලිනා එක්ක සම්බන්ධතාවය අවුරුදු පහක් තිස්සේම නඩත්තු කරනවා. ඒත් ඒ අවුරුදු පහට පස්සේ 2015 දී මාර්ක් තීරනය කරනවා බර්ලිනාගෙන් ඉවත් වෙන්න. ඒ ඔහුට අන්තර්ජාලය හරහා හමුවන වයලට් කියන තරුණිය එක්ක ඔහු ප්‍රේම සම්බන්ධතාවයක් අරඹන නිසා. තමන් බර්ලිනා සමඟ සම්බන්ධතාවය නවත්තලා දැම්මත් මාර්ක් ඇයට මූල්‍යමය වශයෙන් උදව් කරන්නේ ඇය සමඟ සාමකාවීම ඉන්න අවශ්‍ය නිසා. ඒත් බර්ලිනාට ඒක ප්‍රමානවත් වෙන්නේ නැහැ.
” කොහොමද මට මෙහෙම කලේ?.. මාව අතෑරලා වෙන කෙනෙක්ට ආදරේ කරන්න ඔයාට පුලුවන්ද ?.. අවුරුදු පහක් මම ඔයා වෙනුවෙන් හිටියා .. මගේ ජීවිතේ නාස්ති කලා …”
බර්ලිනා මේ විදියට මාර්ක්ව මානසිකව ඇද වට්ටවන්නට උත්සාහ කරන පණිවිඩ සිය ගානක් යවනවා. ඒ වගේම ඇය සිය දිවි නසාගන්නා බව කියන පණිවිඩ දිනපතාම මාර්ක්ට යවනවා.
මාර්ක් සහ ඔහුගේ අලුත් පෙම්වතිය ගැන බර්ලිනාගේ හිතේ තිබුන ඉරිසියාව වෛරයක් බවට පත් වෙනවා. බර්ලිනා මේ දෙන්නාටම ඇමතුම් අරගෙන කිසිම දෙයක් නොකියා නිහඬව ඉන්නවා. ඔවුන්ව බිය පත් කරවන පණිවිඩ යවනව. බර්ලිනා කියන්නේ කිනම් ආකාරයක යක්ෂණියක්ද කියලා දැනගෙන උන්න නිසාම මාර්ක් ඉදිරිය ගැන ඉන්නේ බයෙන්.
” මට ඇත්තටම බයයි බර්ලිනා ඊළඟට මොකක් කරාවිද කියලා..”
ඔහු තාත්තාට වගේම මිතුරන්ටත් කියනවා. අවසානේදී 2015 සැප්තැම්බර් මාසේ දවසක මාර්ක් බර්ලිනා නැවතිලා උන්න නවාතැනට යනවා
‘” මම ඇයව මුණ ගැහිලාම මේක ඉවර කරගෙන එන්නම් … මේක මෙහෙම වෙන එක අපි හැමෝමට වදයක් ..”
මාර්ක් ඔහුගේ මිතුරන්ට සහ පෙම්වතියට එහෙම කියනවා. මාර්ක් බර්ලිනාගේ නවාතැනට ඇතුලු වෙනකොට රාත්‍රී 10 පහු වෙලා.
” ඔයා කොච්චර කිව්වාත් මට මේ සම්බන්ධතාවය නවත්තන්න ඕනි නැහැ…”
මාර්ක්ගේ පැහැදිලි කිරීමට ඉස්පාසුවක්වත් නොදි බර්ලිනා කෑ ගහනවා.
” ඒත් මට මේක ඕනි නැහැ…”
” මට ඕනි .. මම ඔයාට යන්න දෙන්නේ නැහැ..”
මාර්ක් එක්ක ඉතාම උණුසුම් වචන හුවමාරුවක පැටලෙන බර්ලිනා උමතුවෙන් කෑ ගහනවා. කොහොම හරි එදා රෑ මාර්ක් බර්ලිනාගේ නවාතැනේ නැවතෙනවා. ඔහු යට ඇඳුම් පිටින්ම බර්ලිනාගේ ඇඳේ නිදාගන්නේ හිතට කිසිම සැනසීමක් නැතුව.එදාම පාන්දර තුනට විතර එකපාරටම බර්ලිනාගේ හඬින් මාර්ක් ඇහැරෙනව.
” මට ඔයාව ලැබෙන්නේ නැත්නම්, මම වෙන කාටවත්ම ඔයාව ලබාගන්න දෙන්නේ නැහැ..”
ඇය උමතුවෙන් කෑ ගහනවා. මාර්ක් වහාම නැගිටගන්න උත්සාහ කරනවා. ඒත් බර්ලිනා ඒකට ඉඩක් දෙන්නේ නැහැ. ඇය සල්ෆියුරික් අම්ලය තිබුන බෝතලයකින් ඔහුගේ මුහුණට සහ ඇඟට අම්ලය වත් කරනවා.
මාර්ක්ගේ සම සහ මාශෙපේශී ඒ අම්ලයෙන් දියවෙලා වැක්කෙරෙනවා. මාර්ක්ගේ මුවින් මහා වේදනාත්මක කෑ ගැහිල්ලක් නැගෙනවා. ඔහු ඒ වේදනාව එක්කම නවාතැනෙන් එලියට පැනලා පාර දිගේ දුවනවා.තමන්ගේ යට ඇඳුම පිටින් වේදනාවෙන් කෑ ගහ ගහ දුවන තරුණයාව තමන්ගේ ජනේල අස්සෙන් දකින අසල්වැසියෝ එලියට බහිනවා. ඔහුගේ ශරීරය වටා කළු පාටට වැගිරෙන්නේ මඩ නොවන බවත්, ඒ ඔහුගේම සම බවත් වටහා ගන්නා ඔවුන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් වහාම ඔහුව සීතල වතුරෙන් නාවනවා. වෛද්‍යවරුන් ඇවිල්ලා ඔහු වහාම ඔවුන්ගේ බාරයට ගන්නවා. ඒ වෙනකොටත් මාර්ක්ගේ ශරීරය දැඩි රසායනික පිළිස්සීමකට ලක් වෙලයි තියෙන්නේ.
” අනේ කරුණාකරලා වයලට් ගැන හොයලා බලන්න …බර්ලිනා ඇයට හානි කරාවි”
මාර්ක් ගලපගන්න පුලුවන් විදියට වචන එකතු කරලා කියනවා. බර්ලිනා ඇයටත් හානියක් කරාවි කියන බය ඔහුට දැනෙනවා.
පොලිසිය වහාම ක්‍රියාත්මක වෙනවා. අසල්වාසීන් උපරිමයෙන් තොරතුරු ලබාදෙනවා. පොලිසිය බර්ලිනාගේ නවාතැනට ඇතුලු වෙනවා. එතකොට පොලිසිය දකින්නේ බොහෝම සන්සුන්ව සෙටියේ ඉඳගෙන ඉන්න බර්ලිනාව. පොලිසිය බර්ලිනාව අත් අඩංගුවට ගන්නවා. ඒ වගේම ඇගේ නවාතැනේ තියෙන ඇසිඩ් බෝතලයත් හොයා ගන්නවා. බර්ලිනා පොලිස් ප්‍රශ්න කිරීම් වලදී දක්වන්නේත් හරිම සන්සුන් විලාසයක්.
මාර්ක් කෝමා තත්වයට පත් වෙනවා. ඔහුගේ ශරීරයෙන් 25% පමණ පිළිස්සිලා බව හෙලි වෙනවා.
” මේ මගේ ජීවිතේ දකින්න ලැබුන දරුණුම පිලිස්සීමක් ..”
වෛද්‍යවරු එහෙම කියනවා.
ඒ අතරේ බර්ලිනාගේ තියෙන මානසික මට්ටම එක්ක ඇයව මනෝ වෛද්‍යවරියක් වෙත යොමු කරනවා. ඇය කියනවා ඇය සල්ෆියුරික් ඇසිඩ් ගෙන්වාගත්තේ අන්තර්ජාලය හරහා බව. තමාට අවශ්‍ය තමා වටේ සියල්ල විනාශ කරලා දාන්න බවත් ඇය කියනවා.
මේ අතරේ පොලිසිය මාර්ක් වෙනුවෙන් උපරිම ප්‍රතිකාර කරනවා ඔහුගේ මාංශපේශීන්වල ක්‍රියකාරිත්වය අහිමි වෙලා යෑම නිසා ඔහු එක්වරම තාවකාලිකව ආබාධිත වෙනවා.ඔහු යම් ආකාරයකින් අදහස් ප්‍රකාශ කරගන්නට හැකි තත්වයකට පත් වුනත්, පසුව එයත් අහිමි වෙනවා.
” මට මෙහෙම ඇඳක් උඩට වෙලා බලාගෙන ඉන්න බැහැ තාත්තේ…”
මාර්ක් අවසානයේදී දරාගන්නට නොහැකි වේදනාවෙන් මිදෙන්න මරණය ලබා දෙන්න කියලා ඉල්ලනවා. මෙය ඔහු ජීවත් වුන රටේ නීතිගත තත්වයක්. වෛද්‍යවරුන් තිදෙනෙක්ගේ නිර්දේශ වලට අනුව මාර්ක්ට මිය යන්න අයිතිය ලැබෙනවා.
මේ විදියට තමන් ගේ වරදක් නැතිවවම මාර්ක් ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නේ නුසුදුසු කෙනෙක්ට ආදරේ කල නිසා.
ඒ වගේම බර්ලිනාත් ඇය කල වරද ගැන කිසිම අවබෝධයක් නැතිව උසාවි සහ රෝහල් වල රස්තියාදු වෙමින් ඇගේ ජීවිතය තුල ඇයට හිමි නිදහස අහිමි කරගන්නවා.
ඉතින්,, ආයේම කියන්නේ,
“මට යන්න දිය හැකි තරමට ආදරේ කරන්න”