ඔබව උණුසුම්ව තබා ගැනීමට හැකි සෞඛ්‍ය සම්පන්න උණුසුම් පාන වර්ග කිහිපයක් ගැන කියන්නයි අද අපි සූදානම් වන්නේ. මේ පාන වර්ග උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී සකස් කර පානය කරන්න ඔබට හැකියාව තියෙනවා. සීනි අධික සහ කෘතිම බීම වර්ග වෙනුවට මෙවැනි පාන වර්ගයක් සකස් කරගෙන පානය කිරීම ඔබේ සෞඛ්‍යයට ඉතා ගුණදායක වනවා.
Turmeric Latte
කුරුඳු , කහ , ඉඟුරු , කරාබු නැටි පොල් කිරි සහ මී පැණි මේ පානය සඳහා අවශ්‍ය වන අතර මුලින්ම කුරුදු , කහ , කරාබු නැටි සහ ඉඟුරු හොඳින් කුඩු කර කරගන්න. ඉන්පසුව එමම මිශ්‍රණය පොල් කිරි වලට එකතු කර ඉතා අඩු ගින්දරේ එක දිගට මිශ්‍ර කරමින් උතුරවා ගන්න.
Peppermint tea
මින්ට් කොළ කිහිපයක් හොඳින් සෝදා සූදානම් කර ගන්න. උතුර කෝප්ප දෙකක් භාජනයකට එකතු කර හොඳින් උතුරවා ගන්න. ලිප නිවා මින්ට් කොල උතුරවා ගත් වතුර එකට එකතු කරන්න. භාජනයේ පියන වසා විනාඩි පහක් තබන්න. ඉන්පසුව පෙරාගෙන පානය කරන්න.
Fresh ginger tea
නැවුම් ඉඟුරු කැබැල්ලක් එහි පොත්ත ඉවත්කර හොඳින් තලා ගන්න.උතුරවා ගත් වතුර කෝප්ප එකකට තලා ගත් ඉඟුරු එකතු කරන්න. කෝප්පය පියනකින් වසා විනාඩි දහයක් තිබෙන්නට හැර පෙරා ගෙන පානය කරන්න. අවශ්‍ය නම් පමණක් මී පැණි ස්වල්පයක් එකතු කරන්න.
Hot chocolate
මේද රහිත කිරි කෝප්ප එකහමාරක් භාජනයකට දමා අඩු ගින්දරේ තබා මිශ්‍ර කරන අතරතුර පැණි රස එකතු නොකළ කොකෝවා කුඩු මේස හැඳි එකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් පමණක් ස්ටිවියා වැනි රස කාරකයක් එකතු කරන්න.
Masala chai
ඉඟුරු , එනසාල් , කරාබු නැටි , කුරුදු සහ ගම්බිරිස් ඇට කිහිපයක් වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. භාජනයක් ලිප තබා එයට වතුර කෝප්ප එකක් එකතු කර කොටාගත් කුළුබඩු එකතු කරන්න. වතුර උතුරන විට එයට තේ කොළ තේ හැඳි එකක් එකතුකර ගින්දරේ උතුරවා ගන්න. අවසානයට එයට මේද රහිත කිරි ස්වල්පයක් එකතු කර හැඳිගාමින් උතුරවා ගන්න. ඉන්පසුව එය ලිපෙන් ඉවත් කර පෙරා ගන්න.
Spiced almond milk
භාජනයක් ලිප තබා එයට ආමන්ඩ් කිරි කෝප්ප එකක් එකතුකර අඩු ගින්දරේ රත් වෙන්නට හරින්න. ඉන්පසු එයට කහ කුඩු ස්වල්පයක් , ඉඟුරු කුඩු ස්වල්පයක් , කුරුඳු ස්වල්පයක් සහ සාදික්කා එකතුකර මිශ්‍ර කරමින් හොඳින් උතුරවා ගන්න. පසුව ලිපෙන් ඉවත් කර පෙරා ගන්න.
ReplyForwardAdd reaction |