සම සුරකිමින් පැහැපත් කරන පොල් තෙල්

සුන්දර රුවක් සඳහා නිපදවන බොහෝ ආලේපන සඳහා විවිධ තෙල් වර්ග යොදා ගන්නවා. නමුත් අපගේ නිවසේ අප ඉවුම්පිහුම් වලට පාවිච්චි කරන පොල්තෙල් වලින් කිසිම වියදමක්නැතිව ලස්සන වෙන්නට හැකියාව තිබෙන බව ඔබ දන්නවාද ?

පොල් තෙල් වල සිරුරට හිතකර සංඝටක රාශියක් ඇතුලත් වෙනවා. ඒ නිසාම පොල් තෙල් මගින් සිරුරට අත්වන ප්‍රතිලාභ රාශියක් තිබෙනවා. ලැරික්, මයිරිස්ටික්, කැප්ලිරික්, ප්ලාමිටික්, ඕලික්, ලිනො ලික් වැනි ඇසිඩ් වර්ග අන්තර්ගත වී තිබීම විශේශයක්.

ඉතින් අපි බලමු ගෙදර දොරේ මෙතරම් සුලබ පොල් තෙල් එක්ක ලස්සන වෙන්නෙ කොහොමද කියලා.

තවත් විශේෂ කරුනක් තිබෙනවා. වෙලඳපොලේ වීවිධ රසායනික ද්‍රව්‍ය මුසු පොල්තෙල් විකිනීමට ඇති නිසා නියම පොල්තෙල් ලෙස තහවුරු කරගත් ඒවා පමනක් සම මතආලේප කිරීමට සැලකිලිමත් වෙන්නට ඕනෑ. වෙලඳපොලේ ඇති සුදු පොල්තෙල් ද මේ සඳහා සුදුසුයි.

  • පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් මී පැනි බින්දු කිහිපයක් සමග හොඳින් මිශ්‍ර කරන්න. මේ ආලේපය මුහුනේ සහ බෙල්ලේ ආලේපකර විනාඩි 20කට පමන පසු සෝදා අරින්න.
  • කෝමාරිකා යුශ ස්වල්පයක් සමග දෙහි බිඳු කිහිපයක් මිශ්‍ර කරන්න. එයට පිරිසුදු පොල්තෙල් තේ හැන්දකුත් එකතු කරන්න. මුහුනේ, බෙල්ලේ ඇතුලු ශරීරයේ ආලේප කර විනාඩි 2කට පමන පසු සෝදා දමන්න.
  • එලඟිතෙල් සහ පිරිසුදු පොල්තෙල් සමව ගෙන මිශ්‍ර කරන්න. මේ මිශ්‍රනය මුහුනේ ආලේපකර විනාඩි 30කට පමන පසු ඇල්වතුරෙන් සෝදා හරින්න.
  • බටර් ස්වල්පයකට පිරිසුදු පොල්තෙල් මුසුකර සමේ ආලේප කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඇල්වතුරෙන් පමනක් සෝදා හරින්න.
  • පිරිසුදු පොල්තෙල් ස්වල්පයක් ගෙන තිත් ආකාරයට මුහුනේ තැනින් තැන තබා මෘදුව පිරිමදින්න. සමේ තෙතමනය ආරාක්ශා කරගැනීමට ඉතාමත්ම සුදුසු ආදේශකයක් ලෙසට මෙයහඳුන්වන්න පුලුවන්. නයිට් ක්‍රීම් එකක් ලෙස රාත්‍රී නින්දට යාමට පෙර ආලේප කිරීමට සුදුසුම තත්වයේ තිබෙනවා.

පොල්තෙල් අතිශයින්ම ස්වාභාවික එකක් නිසා මෙම සත්කාර මගින් සමේ අසාත්මිකතා ඇතිවීමට ඉඩකඩක් නැහැ.

නමුත්ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් මෙය ගැලපෙන්නේ නැහැ. තෙල් ගතිය වැඩිවී සමේ බිබිලි සහ කුරුලෑ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි.

– ඉරේෂා –

 

Related Articles

Don't Miss


Latest Articles