බාර්නි සහ බෙටී හිල් ව පැහැරගත්තේ පිටසක්වලයින්ද?

ඒ 1961 අවුරුද්දෙ සැප්තැම්බර් 19 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන සිදුවීමක්.ාර්නි සහ බෙටී හිල් ජිවත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ.බාර්නි කියන සැමියා black american  වෙද්දි එයාගෙ බීරිඳ බෙටී හිල් සුදු ජාතිකයෙක් වුනා.

මධුසමයට යන යුවල

කසාද බැඳලා මාස දාසයක් ගත වුනත් මේ දෙන්නට මේ දෙන්නගෙ රැකියාවල කාර්‍යබහුලත්වය නිසා මධුසමය ගෙවන්න යන්න වෙන්නෙ නෑ. බාර්නි කියන්නෙ තැපැල් සේවකයෙක්. බෙටී කියන්නෙ සමාජ සේවිකාවක්.

මේ දෙන්නගෙ විවේක කාලය ගතවෙන්නෙ දේශපාලන වැඩ එක්ක. මේ බිසී ජීවිතේ ඇතුලේ මේ දෙන්න එකපාර ප්ලෑන් කරනවා දවස් තුනක නිවාඩුවකට ගිහින් මේ දෙන්නට අහිමිවෙච්ච හනිමූන් එක ගෙවලා එන්න. මේ දෙන්න යන්න ප්ලෑන් කරන්නෙ මොන්ට්‍රියල් හරහා ගිහින් නයගරා ඇල්ල බලන්න.

සාක්කුවෙ ඩොලර් හැත්තෑවක් තියාගෙන, සල්ලි ගන්න බැංකුවටවත් යන්නෙ නැතුව වාහනේට නගින මේ දෙන්න තමන්ගෙ ගමන යන්න ප්ලෑන් කරනවා. ඉතින් ඔය විදියට දවස් තුනක විනෝද චාරිකාව තමන්ගෙ වාහනේ යන මේ දෙන්නා ආපහු සැප්තැම්බර් 19 වෙනිදා මොන්ට්‍රියල් වල ඉඳලා හැම්ප්ශයර් වල තියෙන තමන්ගෙ ගෙදරට එන්න රෑ දහයට විතර පිටත් වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මොන්ට්‍රියල් වලට එනවා කියල නිව්ස් වලට දැනගන්න ලැබෙන ලොකු කුණාටුවක්. ඒකෙන් බේරෙන්න තමයි මේ දෙන්න මෙහෙම රෑම ආපහු තමන්ගෙ ගමන එන්න ප්ලෑන් කරගන්නෙ.

මේ දෙන්න මේ විදියට එන්න තෝරගන්නෙ white mountains කියන ප්‍රදේශය හරහා වැටිලා තියෙන පාලු අධිවේගී මාර්ගයක්. මේ හරිය ඇත්තටම සලකන්නෙ ජන ශූන්‍ය ප්‍රදේශයක් විදියට. හරිම කලාතුරකින් තමයි මේ පාරෙ වාහනයක් වත් යන්නෙ. මේ අධිවේගී මාර්ගයේ නම Lancaster route 3. රෑ දහයමාරට විතර මේ දෙන්නා අධිවේගී මාර්ගයේ යද්දි බෙටී එකපාර ම දකිනවා වාහනේට පිටිපස්සෙන් අහසෙ තියෙන ආලෝකයක් ටිකෙන් ටික තමන්ගෙ දිහාවට එනවා.

කඩා වැටෙන තාරකාව

එයා මුලින් හිතනවා මේ තරුවක් තමයි කඩා වැටෙන්නෙ කියලා. ඒ උනාට ආලෝකය ටික ටික ලොකු වෙවී තමන්ගෙ පැත්තට එනවා කියන එක බෙටී තමන්ගෙ බයිනොකියුලර් එකෙන් දකිනවා. ඒක අනුව තමයි බෙටී තීරණය කරන්නෙ “තරුවක් නම් මේක කඩාවැටිල ඉවර වෙන්න ඕනනෙ, පේන විදියට මේක නම් යානයක්” කියල. බෙටී තමන්ගෙ සැමියා වෙන බාර්නිට මේක කියනව.මේ බාර්නි කියන්නෙ හරිම උස මහත මනුස්සයෙක්. ඒ වගෙම එයා දෙවනි ලෝක යුද්ධ කාලෙදි යුද්ධයට ගිය සෙබලෙක්.

ඒ වගේම එයා ගුවන් යානා ගැනත් දන්න කෙනෙක්. ඒ වගේම හරිම බුද්ධිමත් කෙනෙක් කියලා. එතනදි බාර්නි කියනවා “ඕක මොන්ට්‍රියල් පැත්තට යන කමර්ශල් ෆ්ලයිට් එකක් වෙන්න ඇති” කියලා. හැබැයි සැමියා මොක කිව්වත් බෙටී තමන්ගෙ බයිනොකියුලර් එකෙන් ඕක දිහා ආයෙ ආයෙ බලන්න පෙළඹෙනවා. එහෙම බලද්දි තමයි එයා දකින්නෙ ඒ ආකාශ වස්තුව අර පත්තරවල කියලා තියෙන විදියෙ යානාවක් බව. ඒ වගේම ඒක සිග් සැග් ආකාරයට තමයි අහසෙ එහෙට මෙහෙට ගමන් කරන්නෙ.

බෙටී ඔය කතාව කිව්වට පස්සෙ වාහනේ නතර කරන බාර්නි තමන්ගෙ බයිනොකියුලර් එකෙන් බලනව මේ බෙටී කියන ආකාශ වස්තුව දිහා. දෙන්නම ඊලඟට ඒ පීරිසියක හැඩේ අරගත්ත ආකාශ වස්තුව කොළේක  ඇඳත් ගන්නවා. අතේ පිස්තෝලෙත් තියාගෙන ඉන්න ගමන් බයිනොකියුලර් එකෙන් ඒ ආකාශ වස්තුව දිහා බලන බාර්නි බෙටී කිව්ව “මං හිතන්නෙ ඒක අපිව ෆලෝ කරනවා” කියන කතාව ඇත්තක් කියලා පිළිගන්නවා.

දෙපැත්තෙ රතු පාට බල්බ් දෙකක් තියෙන පෑන් කේක් එකක් වගේ පැතලි, ජනෙල් ගොඩක් තියෙන යානාවක් විදියට තමයි මෙයාලා දකින්නෙ. ඒ වගේම බාර්නි තව අමුතු දෙයක් තියෙනවා දකිනවා ඒ තමයි මේ යානයේ ජනෙල් වලින් යුනිෆෝම් එකක් වගේ ඇඳගත්ත ජීවින් කොට්ටාශයක් තමන් දිහා බලන් ඉන්නවා කියන එක.

අතේ තියෙන පිස්තෝලෙන් මේ දිහාවට වෙඩි තියන්න බාර්නි උත්සහ කරත් එයාට තේරෙනවා තමන්ගෙ අත චලනය කරන්න බෑ කියලා. ඒ වගේම මේ ජීවින් හදන්නෙ තමන්ව පැහැරගන්න කියන එක. ටක් ගාලා තීරණයක් අරගන්න බාර්නි මොකද කරන්නෙ දුවල ගිහින් වාහනේට නැගලා වාහනේ රේස් කරලා යන්න පටන් ගන්නවා.

හැබැයි ඒ ගමන දිගටම යන්න මෙයාලට පුලුවන් වෙන්නෙ නෑ. මෙයාලට තේරෙනවා ඒ ආකාශ වස්තුව තමන්ගෙ වාහනේ උඩ අහසට ඇවිත් නතර කරා කියන එක. ඒ වගෙම වාහනේ පිටිපස්සෙන් බීප් නාදයක් ඇහෙන්න ගන්නවා. බාර්නි සහ බෙටී යුවලට සිහිය නැතිවෙනවා.

ඊට පස්සෙ මොකද වුණේ?

එයාලට ඉන්පස්සෙ ආයෙ සිහිය එද්දි එයාලට මතක තියෙන්නෙ එයාලා වාහනේ පදවගෙන තමන්ගෙ ගෙදරට එනවා කියලා. මෙයාලා කලින් ප්ලෑන් කරගෙන ඉඳලා තියෙන්නෙ උදේ දෙකට විතර එන්න උනත් මේ විදියට ගෙදරට එද්දි වෙලාව උදේ හතරයිලු.

ඒ කියන්නෙ පැය දෙකක කාලයක් තමන්ට සිහිසන් නැති උනයින් පස්සෙ ගෙවිලා තියෙනවා වගේම ඒ වෙලාවෙ මොකද්ද උනේ කියන එක මේ දෙන්නටම මතකයක් නෑ. පස්සෙන්දා උදේ තමයි බාර්නි දකින්නෙ තමන්ගෙ සපත්තු දෙකේ එක එක විදියෙ පැල්ලම් තියෙනව. ඒ වගේම ඒ සිදුවීම වෙලාවෙ බෙටී ඇඳගෙන උන්නු ඇඳුම තැනින් තැනින් කපලා දාලා තියෙනව කියන එකත් බෙටී සහ බාර්නි දකිනවා.

ඒ වගේම මේ ඇඳුමෙ රෝස පාට කුඩු වර්ගයක් ගෑවිලත් තියෙනවා. වාහනේ එංජිමත් අමුතුම විදියෙ විකිරණශීලී බවකුත් පෙන්වනවා. දෙන්නගෙම අත් ඔරලෝසු වැඩ කරන්නෙත් නෑ. බාතෘම් එකට දුවගෙන යන බාර්නි තමන්ගෙ මුලු ඇඟම පරීක්ශා කරත් කිසිම සලකුණක් දකින්න ලැබෙන්නෙ නෑ. හැබැයි මේ විදියෙ පිටසක්වල ජීවි හමුව නිසා තමන්ගෙ මොකක් හරි ඇලර්ජි එකක් වෙයි කියල හිතල හොඳටම ඇඟ හෝදගෙන නාගන්න මේ දෙන්නා අදාල ගුවන් මධ්‍යස්තාන වලට මේ ගැන දැනුම් දුන්නත් මුකුත් ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ.

අමුතු හීන

කතාව එතනින් ඉවරයි කියල හිතුවට එහෙමම නෑ. මේ සිදුවීමෙන් ටික දවසකට පස්සෙ බෙටී අමුතු නරක හීන වගයක් දකින්න පටන් ගන්නවා. එයා දකිනවා ඈත නතර කරලා තියෙන අමුතු යානයකට නිල ඇඳුම් ඇඳගත්ත ජීවින් දෙන්නෙක් තමන්ව සහ තමන්ගෙ සැමියව අරගෙන යනවා.

එහෙම අරගෙන ගිහින් යකඩ මේසයක් උඩ තමන්ව තියලා ඔපරේශන් කරනවා. මේ නිසාම විශාදය, නින්ද නැතිකම වගේ දේවල් අවුරුදු තුනක් විතර තිබුණයින් පස්සෙ මේ දෙන්නා යනවා බෙන්ජමින් සයිමන් කියන මනෝ උපදේශකයා ලඟට.

බෙන්ජමින් සයිමන් මේ දෙන්නව මෝහනය කරන්න පටන් ගන්නෙ මේ රෝග ලක්ශන වලට හේතුව හොයාගන්න බැරි හන්දා. ඒ මෝහන සැසි වලදි තමයි මේ වෛද්‍යවරයට දැනගන්න ලැබෙන්නෙ මේ ජෝඩුවම මේ විදියට තමන්ගෙ යානයට අරගෙන ගිහින් පර්‍යේශන රැසක් කරන්න මේ ජීවින් කටයුතු කරා කියන එක.

මේ ජීවින් අලුපාට ඇඳුමක් ඇඳගෙන තමයි ඉන්නෙ කියලා බෙටී මෝහනයෙදි කියනවා. තමන්ගෙ ඇඟේ පර්‍යේශනය කරල ඉවර උනයින් පස්සෙ බෙටී මෙතන ඉන්න ජීවින්ගෙන් අහලා තියෙනවා ඔයාලා කොයි ග්‍රහලෝකෙ ඉඳලද ආවෙ කියලා. එතනදි ඒ පිටසක්වල ජීවියා දුන්න උත්තරේ බෙටී මෝහනයෙන් ඉන්න අතරවාරයේම කොලේක ඇඳලා තියෙන්නෙ. ඒ ඇඳලා තියෙන්නෙ මේ ජීවින් ආව තාරකා රාශිය බව තමයි වාර්තාවල සඳහන් වෙන්නෙ.

බෙටී ඇඳලා තියෙන තාරකා රාශිය තියෙන්නෙ අපේ ලෝකෙ ඉඳලා ආලෝක වර්ශ තිහක් විතර ඈතින් තියෙන zeta reticuli කියන තාරකා රාශිය කියන එක පස්සෙ හොයාගන්නවා. මෝහනයෙන් පස්සෙ මේ දෙන්නා ආයෙම සාමාන්‍ය ජීවිතයක් ගෙවාගෙන යනවා. හැබැයි ඉන් අවුරුදු දෙකකට පස්සෙ මේ වෛද්‍යවරයා මේ ජෝඩුව මෝහනයට ලක් කරන වෙලාවෙ අරගත්ත හඬ පටයක් මාධ්‍යවේදියෙකුට හම්බුවෙනවා. එතනින් පස්සෙ තමයි මේ පිටසක්වල ජීවින් පැහැරගත්ත ජෝඩුවක් ගැන කතාව මුලු ලෝකෙම කතාකරන්න පටන් ගන්නෙ.

මේ සිදුවීම සම්බන්ධව ලියවිච්ච The Interrupted Journey කියන පොත සමාජයට එනවා. මේ පොත best seller book එකක් වෙනවා වගේම UFO Incident කියලා tv series එකකුත් එනවා. මේ සිදුවීමෙන් අවුරුදු ගානකට පස්සෙ වයස අවුරුදු 49 දි බාර්නි හිල් හදිසියෙ එන හාට් ඇටෑක් එකකින් නැතිවෙනවා. බෙටී හිල් මේ UFO Community එකේ legend එකක් බවට පත්වෙනවා.

මේක ගැන ගොඩක් අය කතාකරන්න පටන් ගන්නෙ ඔන්න ඕකෙන් පස්සෙ.

පිටසක්වලයන් කියල කෙනෙක් ඇත්තටම ඉන්නවද? එයාලා මෙහෙම අපේ ලෝකෙට ඇවිල්ලා අපිව පරීක්ශන වලට ලක්කරනවද කියන එක ගැන කට්ටිය කතාකරනවා. එක එක අය තම තමන්ගෙ මත මේ ගැන පලකරනවා. ඒවයින් එක මතයක් තමයි මේක අධික මහන්සිය නිසා ඇතිවුන මනෝ භ්‍රාන්තියක් වෙන්න පුලුවන් කියලා.

හැබැයි බෙන්ජමින් කියන වෛද්‍යවරයා කියන්නෙ “මේක ෆැන්ටසි එකක් හැබැයි මේ දෙන්නා අවංකයි. මොකද මේ දෙන්නවම මෝහනය කරාම දෙන්නම කියන්නෙ එකම දේ” කියල. හැබැයි දෙන්නම කොහොමද එකම දේ මෝහනයෙන් පස්සෙත් කියන එක.

ඒ කතාව මනෝ විද්‍යාඥයින් පැහැදිලි කරන්නෙ මේක Mandela Effect එක නිසා ඇතිඋන දෙයක් කියලා. බොහෝ දෙනෙක් තුල තිබෙන එකම දෙයක් ගැන තියෙන ව්‍යාජ මතකය කියන කරුණ තමයි බෙටී සහ බාර්නි කියන දෙන්නටම ඇතිඋනේ කියලාත් මතයක් ඒ විදියට ගොඩ නැගෙනවා.

Related Articles

Don't Miss


Latest Articles