මේ කතාව ආරංචි වෙන්නෙ ඉන්දියාවෙ නිව් දිල්ලිවල ඉන්දර්පුර්වලින්. මේ දවස 2021 අවුරුද්දෙ පෙබරවාරි 01 වෙනිදා.
මෝහන් කියන්නෙ ඉතාම දක්ශ ව්‍යාපාරිකයෙක් වගේම ගොඩක් සල්ලි තියෙන මනුස්සයෙක්. මෝහන්ට ඉන්නවා ප්‍රියංකා කියලා දුවෙක්. මේ ප්‍රියංකා දවසක් ඉද්දි හොඳටම අසනීප වෙනවා. එයාට ඉතාම දරුණු බඩේ අමාරුවක් හැදෙනව වගේම කකුල් දෙක පිච්චෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. තමන්ගෙ දුව මෙහෙම ඉන්නවා දකින්න බැරිකම හන්දම ප්‍රියංකගෙ අම්මයි තාත්තයි ප්‍රියංකව හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා. හැබැයි ඩොක්ටර්ස්ලටත් හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ මොකද්ද මේ ප්‍රියංකාට තියෙන ප්‍රශ්නෙ කියන එක.
එන්න එන්න ප්‍රියංකගෙ තත්ත්වෙ දරුණු වෙන හන්දා ඩොක්ටර්ස්ලා ප්‍රියංකව වෙන ඉස්පිරිතාලෙකට මාරුකරලා යවනවා. මේ ඉස්පිරිතාලෙවත් ඉන්න ඩොක්ටර්ස්ලට හිතාගන්න පුලුවන් වෙන්නෙ නෑ මොකද්ද මෙ ප්‍රියංකට තියෙන ලෙඩේ කියලා. ඒගොල්ලො ප්‍රියංකා ගැන හැම පරීක්ශණයක්ම කරත් ඒ හැම ටෙස්ට් එකක්ම එන්නෙ නෝමල් කියලා. ඩොක්ටර්ස්ලට කරන්න දෙයක් නෑ කියල තේරෙන තැන ප්‍රියංකගෙ අම්මයි තාත්තයි ගිහිල්ලා දෙවියන්ගෙනුත් ඉල්ලනවා ප්‍රියංකාව බේරලා දෙන්න කියලා.
ඒ වුණාට දෙවියන්ටවත් ප්‍රියංකව බේරගන්න පුලුවන් වෙන්නෙ නෑ. එයා පෙබරවාරි 15 වෙනිදා ජීවිත ගමන අවසන් කරනවා.
හොඳට හිටිය තමන්ගෙ දුවට මෙහෙම උනේ ඇයි කියන එක ඉන්පස්සෙවත් එයාගෙ පවුලෙ අයටවත් ඩොක්ටර්ස්ලටවත් ප්‍රියංකට මොකද උනේ කියල හිතාගන්න බෑ. මේ සිදුවීමෙන් දවස් හයකට පස්සෙ ප්‍රියංකගෙ අම්මා, තාත්තා සහ එයාලගෙ ගෙදර ඉන්න සර්වන්ට්ටත් ප්‍රියංකාට හැදිච්ච විදියෙ අසනීපයක් හැදෙනවා.
අන්න ඒ වෙලාවෙ තමයි කට්ටියට තේරෙන්න ගන්නෙ මේක නම් මේ ස්වභාවික දෙයක් වෙන්න බෑ කියන එක.
ඩොක්ටර්ස්ලා මෙයාලව චෙක් කරත් ඩොක්ටර්ස්ලට හිතාගන්න බෑ මොකද්ද මේ ප්‍රශ්නෙ කියලා. කොහොමහරි වාසනාවකට වගේ මෝහන්ට සහ එයාලගෙ සර්වන්ට් සනීප වෙනවා. ඒ උනාට මෝහන් ගෙ බිරිඳ අනිටාට තාම සනීප නෑ. මෝහන් සහ සර්වන්ට් සනීප වෙලා ගෙදර ඇවිල්ලා ටික දවසකට පස්සෙ මෝහන්ගෙ පලවෙනි දුව වෙන දිව්‍යාගෙ සැමියා වන වරුන් මෝහන්ට හරිම කලබලයෙන් කෝල් එකක් ගන්නවා.
අරගෙන එයා කියන්නෙ “තාත්තේ දිව්‍යාට හරිම අමාරුයි, ඉක්මනට එන්න” කියලා. මේක ඇහුවම මෝහන් තවත් කලබල වෙනවා. මොකද තමන්ගෙ පවුලෙ අයට මේ එකපාර පලදිල තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියන එක තේරුම්ගන්න බැරි හන්දා.
මෝහන් ඒ නිසා තමයි ඉක්මනට යනවා දිව්‍යාව බලන්න. දිව්‍යාව බලන්න ගියාම මෝහන්ට හිතාගන්න බැරිවෙනව එයාව දැක්කම. මොකද දිව්‍යාට තියෙන්නෙත් ප්‍රියංකට හැදිච්ච ලෙඩේමයි. ඒ උනාට දිව්‍යාට ඊටත් වඩා අමාරුයි කියල දැනගන්න මෝහන් ටක්ගාලා දිව්‍යාව හොස්පිටල් එකට අරගෙන යනවා. හැබැයි ඉස්පිරිතාලෙදි හඳුනාගන්න බැරි ස්නායු රෝග තත්වයක් නිසා දිව්‍යා කෝමා එකකට යනවා.

මේ වෙලාවෙ ඩොක්ටර්ස්ලා තේරුම්ගන්නව අපි හිතනවට වඩා ලොකු දෙයක් මෙතන තියෙනවා කියලා. ඒ නිසාම එයාලා තව ඉතාම සංකීර්ණ ටෙස්ට් කිහිපයක් කරලා ඒකෙ රිසල්ට්ස් එනකම් බලාගෙන ඉන්නවා. ඒ එන රිසල්ට් එක ඇත්තටම හැමෝගෙම ඇස් උඩ යවන්න හේතු වෙන විදියෙ එකක් වෙනවා.
මේ පරීක්ශන වල ප්‍රතිපල අනුව මේ හැමෝගෙම ඇඟට මොකක් හරි විදියකින් තැලියම් සල්ෆේට් කියන භයානක රසායනික ද්‍රව්‍ය ඇතුලුවෙලා තියෙනවා කියන එක.
මේ විශ ද්‍රව්‍ය එක එක රටවල මිනිස්සු මේක පාවිච්චි කරලා තියෙනවා තමන්ගෙ හතුරො මරලා දාන්න. මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකට කිසිම සුවඳක්, රසක්, පාටක් එහෙම නෑ. ඒ වගේම මේකෙ කාගෙහරි ශරිරයට ඇතුලු උනොත් ඒ විශ ද්‍රව්‍යට පුලුවන් ඒ කෙනාගෙ මොලය, හදවත, වකුගඩු වගේ ඔක්කොම අවයව අකර්මණ්‍ය කරලා දාන්න. ඒ වගේම ඒක ටිකෙන් ටික ඇඟ ඇතුලෙ දියවෙන්න ගන්නව සහ සාමාන්‍ය පරීක්ශන වලින් මේක හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ.
මේ වෙද්දි මේ විශ ශරීරගත වෙලා ඉන්න දිව්‍යාගෙ ඇඟේ අනිත් හැමෝටම වඩා දහ ගුණයකින් මේ විශ ශරීරගත වෙලා තියෙනවා කියන එක වෛද්‍යවරුන්ට හොයාගන්න පුලුවන් වෙනවා. මේ පරීක්ශන ඔක්කොම කරගෙන යන අතරවාරෙ තමයි අනිතාත් ප්‍රියංකා වගේම තමන්ගෙ ජීවිතෙන් සමුගන්නෙ. අනිතාගෙ ඇඟේ තියෙන්නෙ මේ විශ පොඩි ප්‍රමාණයක් උනත් අනිතාගෙ වයස එයාගෙ මරණයට හේතුවක් වෙන්න ඇති කියන එක එතනදි වෛද්‍යවරු නිගමනය කරනවා.
හැබැයි තාම ඩොක්ටර්ස්ලටත් හිතාගන්න බෑ මේ විශ රසායනිකය කොහොමද මේ පවුලෙ හැමෝගෙම ඇඟට ආවෙ කියලා.වෛද්‍යවරු මේක මෝහන් එක්ක කතාකරනවා. ඒ වෙලාවෙ තමයි මෝහන් කල්පනා කරන්නෙ ප්‍රියංකා මැරෙන්න කලින් ඇත්තටම තමන්ගෙ ගෙදර මොකද උනේ කියන එක. ඒ කල්පනා කරද්දි තමයි මෝහන්ට මතක් වෙන්නෙ ප්‍රියංකා නැතිවෙන්න කලින් දවස් කීපෙකට ගෙදර නතරවෙන්න තමන්ගෙ දරුවො දෙන්නත් අරගෙන දිව්‍යා ගෙදර ආව කියන එක.
දිව්‍යා එහෙම ගෙදර ඉද්දි දිව්‍යාව බලන්න වරුන් ගෙදර ඇවිල්ලා තියෙනව. එයා සාමාන්‍යයෙන් නිතර මේ ගෙදරට ආවෙ නැති උනත් එදා එද්දි මාලු කරියක් අරගෙන ඇවිල්ල පවුලෙ හැමෝටම ඒක දීලත් තියෙනවා. හැබැයි වරුන් පොඩ්ඩක්වත් ඒකෙන් කාලා නෑ. වරුන් කන්නෙ නැද්ද කියලා ඇහුවම වරුන් කියලා තියෙනවා “මම එලියෙන් කාලා ආවෙ, ඒ නිසා ඔයාලා කන්න” කියලා.
ඒ වෙලාවෙ ප්‍රියංකා ගෙදර ඉඳලා නෑ. හැබැයි වරුන් ප්‍රියංකා එනකම්ම ඉඳලා ප්‍රියංකටත් මාලු කරිය කන්න දීලා තමයි ආයෙ ගෙදර ගිහින් තියෙන්නෙ. මේව කල්පනා කරද්දි මෝහන්ට හිතෙනවා මේක කරන්න ඇත්තෙ වරුන් කියලා. මේ සැකේ නිසා මෝහන් පොලිසියට ගිහිල්ලා වරුන් ගැන තමන්ට සැකයි කියන එක කියලා එනවා. ඒක අනුව පොලිසිය වරුන්ව ගෙන්නල ප්‍රශ්න කරනවා. පොලිසිය වරුන්ගෙ ලැප්ටොප් එක පරික්ශා කරන්න ගියාට ඒ වෙද්දි එයා ලැප්ටොප් එකේ හිස්ට්‍රි එක සම්පූර්න කරලා තිබ්බත් පොලිසියට පුලුවන් වෙලා තියෙනවා එයාලගෙ ටෙක්නිලක් ටීම් එකේ සපෝට් එක අරගෙන ඒක හොයලා බලන්න.
එතනදි පොලිසියට පුලුවන් වෙනවා වරුන්ගෙ ලැප්ටොප් එකේ තිබිලා එයා මීට කාලෙකට කලින් ඉඳලා මෙ විශ රසායනිකය ගැන හොයලා තියෙනවා කියන එක ඔප්පු කරගන්න. මේ විශ රසායනිකය ඉන්දියාව ඇතුලෙ රජය විසින් අවලංගු කරපු විශක් බෙදාහරින්න. මුල් කාලෙ ඒක මීයන් එහෙම මරන්න යොදාගත්ත පසුකාලීනව මිනිස්සු ඒක තමන්ගෙ හතුරන්ව මරන්න යොදාගත්ත නිආ රජයෙන් ඒක තහනම් කරලා තියෙනවා. හැබැයි බලපත්‍ර තියෙන ආයතන අතර මේක මිලදී ගැනීමක් උනත් වරුන් අතට මේක ආවෙ කොහොමද කියන එක ගැටලුවක් වෙනවා.
වරුන්ගෙන් ඒක පොලිසිය ප්‍රශ්න කරනවා. වරුන් කියනවා ඒයා ඒව මිලදී ගත්තෙ ඩාක් වෙබ් වලින් කියලා. ඒ උනාට පොලිසියට තාම වරුන් මේ කියන්නෙ ඇත්තද කියන එක ගැන ලොකු සැකයක් තියෙනවා. වරුන් කියන්නෙ බොරුවක් කියලා තේරුණාට පස්සෙ පොලිසියට පුලුවන් වෙනවා වරුන්ගෙ තවදුරටත් ප්‍රශ්න කරලා මේක ගැන ඇත්ත නැත්ත දැනගන්න.
වරුන් දැනගෙන ඉඳලා තියෙනව තනි පුද්ගලයෙක් විදියට තමන්ට කීයටවත් මේ රසායනිකය මිල දී ගන්න බෑ කියන එක. හැබැයි කම්පනි එකකට ඒක කරන්න පුලුවන් කියල දැනගෙන වරුන් කරලා තියෙන දේ තමයි ව්‍යාජ ලේඛන හදලා කම්පනි එකක් බොරුවට රෙජිස්ටර් කරලා තමන්ගෙ මාමගෙ ගෙදර ඇඩ්‍රස් එක දාලා මේ විශ ටික ගෙන්න ගන්න එක.
ඒත් ඇයි වරුන් තමන්ගෙ බිරිඳගෙ පවුලෙ අයට මේ වගේ දෙයක් කරන්න හිතුවෙ?
වරුන් කරලා තියෙන්නෙ බිස්නස් එකක්. හැබැයි කාලයක් තිස්සෙ වරුන්ගෙ මේ බිස්නස් එක කඩාවැටෙන එක තමයි වෙලා තියෙන්නෙ. තමන්ගෙ බිස්නස් එක පාඩු ලබන එක ගැන දිව්‍යාගෙ පවුලෙ අයයි දිව්‍යායි වරුන්ව පල්ලෙහට දාලා කතා කරන තරහට තමයි තමන් මෙයාලව මැරුවෙ කියලා වරුන් කියනවා.
හැබයි මේ කතාව ඇත්තක්ද කියල පොලිසිය හොයල බලද්දි එයාලට දැනගන්න ලැබෙනව වරුන් මේ කියන්නෙත් බොරුවක් කියන එක. ඒ කියන්නෙ වරුන්ගෙ ව්‍යාපාර එහෙම පාඩු ලබලා නෑ කියන එක වගේම දිව්‍යාගෙ පවුලෙ අය එහෙම දේවල් වරුන්ට කියලත් නෑ කියන එක. දිගටම බොරු කියන නිසාම වරුන්ට ටිකක් හොඳින් සැලකුවයින් පස්සෙ පොලිසියට පුලුවන් වෙනවා වරුන්ගෙන් මේ මිනීමැරුම් පිටිපස්සෙ තියෙන ඇත්තම කතාව දැනගන්න.
මේ ඇත්ත කතාව ඇත්තටම අපි කවුරුවත් විශ්වාස කරන්නෙ නැති විදියෙ කතාවක් කියන එක කියන්නම ඕන.
ඒ 2009 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ තමයි වරුන් සහ දිව්‍යා විවාහවෙන්නෙ. ඒත් බැඳල ගොඩක් කල් ගියත් මේ දෙන්නට දරුවෙක් හම්බෙන්නෙ නැති නිසා මෙයාලා නල දරු උපතක් කරගන්න ප්ලෑන් කරනවා. ඒ ප්ලෑන් කරා වගේම ඒක හරියනවා සහ මෙයාලට නිවුන් දරුවො දෙන්නෙක් හම්බුවෙනවා.
කොහොමහරි මෙහෙම කාලයක් යද්දි වරුන්ගෙ තාත්තා මැරෙනවා. ඒ මනුස්සය මැරිල මාස තුනකට පස්සෙ විශ්වාස කරන්න බැරි විදියට දිව්‍යා ආයෙ ප්‍රෙග්නන්ට් වෙනවා. මේක හැමෝටම ප්‍රශ්නයක් මොකද කොච්චර ට්‍රයි කරත් දරුවෙක් හදාගන්න බැරිවෙච්ච එකේ එකපාර මෙහෙම ස්වභාවිකවම දරුවෙක් හම්බවෙන්න යන එක කට්ටියටම හිතාගන්න බැරි දෙයාක් වෙනවා. ඒ නිසා වරුන්ගෙ පවුලෙ අය විශ්වාස කරනවා මේ ඉපදෙන්න යන්නෙ තමන්ගෙ මියගිය තාත්තා කියලා.
කොහොමහරි මෙහෙම ඉද්දි දිව්‍යා එකපාර අසනීප වෙනවා. දිව්‍යාව ඉස්පිරිතාලෙට අරගෙන ගියාම ඩොක්ටර් කියනවා “මේ දරු උපත දරුවට වෆේම දිව්‍යාගෙ ජීවිතේටත් ලොකු තර්ජනයක් වෙන්න පුලුවන්. දැනටම දරුවන් දෙන්නෙක් ඉන්න හන්දා මේ කලලය නැති කරලා දාන්න” කියලා.
මේ කතාව අහන දිව්‍යාගෙ පවුලෙ අයත් ඒ ඩොක්ටර් කියන කතාවට එකඟ වෙනවා. ඒත් මේ ලැබෙන්න ඉන්නෙ මියගිය තමන්ගෙ තාත්තා/සැමියා කියල හිතන් ඉන්න වරුන් සහ එයාගෙ අම්මා මේකට කැමතිවෙලා නෑ. ඒ දෙන්න කියල තියෙන්නෙ කොහොමහරි මේ ළමයව හදාගන්න ඕන කියලා.
ඒත් දිව්‍යා ඒකට කැමතිවෙලා නෑ. මේ නිසාම දිව්‍යා සහ වරුන් අතර ප්‍රශ්න වෙලා තියෙනවා. දිව්‍යා අර දරුවො දෙන්නා එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදර ගිහින් හිටියෙත් ඒ ප්‍රශ්න නිසා. මෙහෙම ඉද්දි දිව්‍යා තමන්ගෙ පවුලෙ අයගෙ උදව්වෙන් තමයි ඒ කලලය නැති කරගන්නෙ.
මේකට හොඳටම තරහ යන වගේම දිව්‍යාගෙ පවුලෙ අය එක්ක වෛරයෙන් ඉන්න නිසා තමයි වරුන් මේ වගේ උග්‍ර විශක් දිව්‍යා සහ එයාගෙ පවුලෙ අයට දීලා එයාලව මරන්න ප්ලෑන් කරන්නෙ.
මේකෙදි වරුන්ට විරුද්ධව හේතු ගොඩක් රැස්වෙනවා. ප්‍රියංකා සහ අනිතා ද්විත්ව ඝාතනය, මිනීමැරීමට තැත්කිරීම සහ රජය තහනම් කල විශක් අනවසරයෙන් ගෙන්වා ගැනීම කියන ඒව තමයි ඒ හේතු.
හැබැයි මේකෙන් ප්‍රියංකාගෙ ඝාතනයට වරුන් සම්බන්ධයි කියන එක ඔප්පු කරන්න බැරි වෙන හන්දා වරුන් ඒ චෝදනාවෙන් නම් නිදහස් වෙනවා. වරුන් තමන්ගෙ නිදහස පතලා අභියාචනාවක් ඉදිරිපත් කරත් තාම මේ නඩුව ක්‍රියාත්මක වෙන හින්දා වරුන් ඉන්නෙ හිර අඩස්සියේ!