කසාද නොබැඳ ඉන්න එක ලොකු ප්‍රශ්නයක්ද?

“අපෝ තාම ඔයාට කොල්ලෙක් නැද්ද?දැන් අවුරුදු විසි නවයක් නේද? තිහෙන් පස්සෙ නම් කොල්ලෙක් සෙට් වෙයි කියල හිතන්න එපා ඕන. අනික කෙල්ලෙක්ට තිහෙන් පස්සෙ කසාද බැඳල මොනා කරන්නද?”

සෙව්වන්දිට ඔන්න ඔය නෑයොයි, යාලුවොයි කියන කතන්දර අහගෙන ඉඳල ඇතිවෙලා තියෙන්නෙ. සෙව්වන්දිට කවදාවත් ප්‍රේම සම්බන්ධයක් තිබ්බෙ නෑ. ඇත්තටම එයාට කවදාවත් එහෙම සම්බන්ධයක් හදාගන්න උවමනාවක් තිබ්බෙත් නෑ. සෙව්වන්දිට තිබ්බෙ වෙන goals. හොඳට ඉගෙන ගන්න, තමන්ගෙ කියල වාහනයක් ගන්න වගේ දේඑවල්. දැන් සෙව්වන්දිගෙ ලොකුම goal එක තමන්ටම කියල ලස්සන පොඩි ගෙයක් හදාගන්න එක.

ඒ උනාට ඕව අහන කට්ටිය නම් කියන්නෙ “ගෙවල් හදන්නෙ මොකටද කසාදයක් කරගන්නෙ නැතුව? වයසට ගියාම කටට වතුර ටිකක්වත් දාන්න කෙනෙක් නැති වෙයි” කියලා.

සෙව්වන්දිගේ මේවගේ කතා වලට උත්තර දීගෙන නොගියට හැමතිස්සෙම හිතන එක දෙයක් තියෙනවා.

“කසාද බඳින්නෙ නැතුව මනුස්සයෙක්ට තනියම ජීවත් වෙන්නම බැරිද?”

අන්න ඒ ගැන තමයි අපි අද කතාකරන්නෙ.

නැහැ! ඒකෙන් ජීවිතේ ඉවර වෙන්නේ නෑ. හැබැයි, අපේ සමාජයෙ නම් එහෙම හිතන ගොඩක් අය ඉන්නවා. “කසාදයක් කරගන්නෙ නැති life එකෙන් වැඩක් නෑ” වගේම, “අන්තිමේදි තනියම ඉන්න වෙයි” වගේ බය හිතෙන කතා ඔය “කසාද බඳින හරි වයස” කියල කට්ටිය කියන වයස එන්න එන්න පහුවෙද්දි නිතරම වගේ අහන්න ලැබෙනවා. එත් ඇත්තටම, කසාදයක් කරගත්තෙ නැති උනාම ජීවිතේ meaningful නැතිවෙනවද? සතුටු වෙන්න බැරිවෙනවද?

අද කාලේ ගොඩක් මිනිස්සු කසාදය එකම option එකක් විදියට දකිනවා ජීවිතේ සන්තෝසෙන් ඉන්න සහ ජිවීතේ සම්පූර්ණ වෙන්න. ගොඩක් අය කියනවා “මට career එකක් හදාගන්න ඕන, මට මගේ විදියට ජීවත් වෙන්න ඕන” කියලා. කසාදය කියන්නේ මිනිස්සුන්ට අනිවාර්ය දෙයක් නෙවෙයි. කොහොමහරි, ජීවිතේ meaningful කරගන්න නම් මනුස්සයෙක් කසාදයක් කරගන්නම ඕන කියලා නියමයක් නෑ.

Single ජීවිතේ නරකද?

කෙනෙක්ට හිතෙන්න පුලුවන් කසාදයක් කරගන්නෙ නැතුව ගෙවන තනිකඩ ජීවිතේ කිසිම ආතල් එකක් නැති එකක් කියලා.ඒ වුනාට එහෙම නැ. ඔයාගෙ choice එක ඒක නම් please go for it. තනියම ඉන්න මිනිස්සු කියන්නෙ කිසිම දෙයක් achieve කරගත්තෙ නැති, දුක්බර life කක් ගෙවන අය නෙවෙයි. එයාලටත් එයාලගෙම කියල goals, dreams, achievements, happiness moments තියෙනවා.

“අපෝ මට කසාදයක් කරගන්න බැරිවුණා, මම ජීවිතේ පරදිනවා” කියලා හිටියොත් විතරයි ඔයාගෙ life එක වැටෙන්නෙ.

Single ජීවිතේ කියන්නේ තමන් කැමති විදියට ජීවත් විය හැකි ජීවිතයක්.

  • ඔයාට කැමති විදියට ගෙවල් හදන්න පුළුවන්.
  • අලුත් අත්දැකීම් ගන්න පුළුවන්.
  • මිතුරන් එක්ක ජීවිතේ enjoy කරන්න පුළුවන්.
  • ආදරේ, සැලකිල්ල, emotional connection වගේ දේවල් අවශ්‍ය නම් ඒවා හොයාගන්නත් පුළුවන්.

කසාදයක් කරගන්නෙ නෑ කියන්නෙ ඔය fail ද?

නෑ. සමාජය බොහෝවිට කියනවා “කසාදයක් නැත්තම් ජීවිතේ අර්ථවත් නැහැ” කියලා. හැබැයි ඒක ඇත්තක් නෙවෙයි. ඒක එක option එකක් විතරයි. කසාදය කියන්නේ මිනිස්සුන්ට හරි කෙනා සෙට් වුනොත් හොඳ දෙයක්. හැබැයි, හැමෝටම ඒක එහෙම වෙන්නෙ නෑනෙ. සමහරක් අයට අනිවාර්යයෙන්ම ඒක අවශ්‍ය වෙන්න පුළුවන්. සමහරක් අයට නම් කසාදය කියන එක වාසිත් නෑ, අවශ්‍යතාවයත් නෑ.ඒ වගේම “අනේ මම කොහොමහරි කසාදයක් කරගන්න ඕන” කියලා හිතල වැරදි කෙනාම බැඳගත්තොත් අන්න ඒක ඔයාගෙ ජිවීතේ සමහර අවස්තාවලදි  fail වෙන්න හේතුවක් වෙන්න පුලුවන්.

කසාදයක් නොකරන එකෙන් ජීවිතේ meaningful නැතිවෙන්නේ නැහැ. ඔයා කැමති විදියට ජීවත් වෙන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. කසාදය අනිවාර්යමයි කියලා හිතන එක සමාජය හදපු illusion එකක් විතරයි.

අද කාලෙ ඕනතරම් මිනිස්සු ඉන්නවා partner කෙනෙක් නැතුවත් සන්තෝසෙන් ඉන්න. මිනිස්සුන්ට දැනුම, සම්පත්, career opportunities, passion projects වගේ දේවල් එහෙමත් උදව් වෙනවා සන්තෝසෙන් ඉන්න. ඒක කසාදයකින් විතරක්ම වෙන දෙයක් නෙවෙයි. කසාදය මිනිස්සුන්ගේ ultimate goal එකක් වුණත්, හැමෝටම ඒ goal එක සෙට් වෙන්නෙ නැහැ.

“කසාදය නැත්තම් අන්තිමේදි තනියම ඉන්න වෙනවා” කියන එක ඇත්තක්ම කියල අපිට කියන්න බෑ.

එක depend වෙනවා. කසාදයක් කරා කියලා කිසිම guarantee එකක් නෑ ඔයා තනිවෙන්නෙ නෑ කියන එකට. කසාදවෙලා unhappy වෙලා ජීවිතේ ඉතුරු ටික දුකෙන් ඉන්න අයත් ඉන්නවා. Single වෙලා සතුටු ජීවිතයක් ගත කරන අයත් ඉන්නවා.

ඉතින් ඔයාට ඕන මොකද්ද, ඔයා තමයි ඒක decide කරන්න ඕන!

Related Articles

Don't Miss


Latest Articles