ඔයා ආදරේ කරන්නෙ කළින් බැඳලා Divorce වෙච්ච කෙනෙක්ටද?

අද කාලෙ ගොඩක් සබඳතා පටන් ගන්නෙ දෙන්න හොඳට අඳුරගෙන කතාබහ කරලා බව ඇත්ත. ඉස්සර කාලෙ වගේ “අම්මල හොයන දෙන කෙනෙක්ව බඳින්න” හිතාගෙන ඉන්න කෙල්ලො කොල්ලො ඉන්නෙ හරිම අඩුවෙන්. කොච්චර “මම කවදහරි බඳින්නෙ මම කැමති කෙනෙක්ව” කියල කිව්වට විවාහයකදි ඇත්තටම පවුල් දෙකක් අතරෙ ඇතිවෙන සම්බන්ධයක් මුල ඉඳලම ශක්තිමත්ව ගොඩ නැගෙන එක හරිම වැදගත්. ඒ වගේ දේකෙදි පාර්ශ්ව දෙකේම කිසිම දෙයක් හංගන්නෙ කරන්නෙ නැතිවෙන එක වැදගත් වෙන්නෙ අන්න ඒ සම්බන්ධෙ වඩා ශක්තිමත් කරගන්න.

අපි හැමෝම කසාද බඳින්නෙ කළින් කසාඳ බැඳල හිටියෙ නැති අයම නෙවෙයිනෙ. සමහර අය කසාද බඳින්නෙ තමන් එක්ක යාලුවෙන්න කලින් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා මොකක් හෝ හේතුවක් උඩ දික්කසාද වෙච්ච කෙනෙක්ව.

ඒ වගේ අවස්තාවකට අපි වුණත් ඉස්සරහට මූණ දෙන්න පුලුවන්. ඒ නිසාම තමයි අපි හිතුවෙ ඒ වගේ situation එකකදි අපි මොන වගේ දේවල් ගැනද සැළකිලිමත් වෙන්න ඕන කියලා.

1. එයාගේ past relationship එක ගැන හොඳටම දැනගන්න

ඒ දෙන්නට දික්කසාද වෙන්න හේතුවෙච්ච ඇත්තම කාරණාව මොකද්ද කියන එක ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. එයාගේ past relationship එකේ එකේ තිබුණ ප්‍රශ්නෙ මොකද්ද? එයා තවමත් ex-partner එක්ක close contact එකක් තියෙනවද?කියන දේවල් ගැන හොයලා බලන්න ඔයා එයාට කොච්චර ආදරේ වුණත් එයාගෙ පැත්තෙන් විතරක් කතාව අහලාම නවත්තන්න එපා, එයාගේ ex-partner ගැනේ මනුස්සයව දන්න කෙනෙක්ගෙන්වත් අහලා බැලුවා නම් හොඳයි.

2. එයා emotional baggage එක්ක ඉන්නවද කියලා බලන්න

Divorce එකක් කියන්නේ ලොකුම ලොකු emotional damage එකක්. කවදාවත් හිතුවෙ නැති විදියට ජීවිතය බිඳවැටෙන අවස්ථාවක්. ඔයාගේ boyfriend තවමත් ඒ හැමදේම මතකෙ තියාගෙන ඒක ගැන worry වෙනවද? එයා past එකේ වෙච්ච දේවල් නිසා අසරණකම, hurt වෙන එක වෛරය, guilt එක තාම හිත ඇතුලෙ ගොඩ ගහගෙන ඉන්නවනම් ඒක ඔයාලා දෙන්නගෙ වර්තමාන සම්බන්ධෙටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

3. ඔයා second choice එකක් වුනොත්?

කලින් විවාහවුණු කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එකේ තියෙන අමාරුම part එක තමයි, ඔයා එයාගෙ first choice එක නෙවෙයි කියන එක පිළිගන්න එක සහ තේරුම්ගන්න එක. ඒත් එයා ඔයාට full attention, love, care දෙනවද? එයා ex-wife එක්ක ඔයාව compare කරනවද? “ඔයා හොඳයි. අරයට නම් ඔය වගේ දෙයක්වත් කරගන්න බෑ” වගේ වචන use කරනවද? ඒවට හොඳට අවධානයෙන් ඉන්න.

4. එයාට දරුවන් ඉන්නවාද?

එයාගෙ කලින් විවාහයෙන් දරුවන් ඉන්නවා නම්, ඒක ගොඩක් ගැඹුරින් හිතන්න ඕන සම්බන්ධයක් කියන එක අමතක කරන්න එපා. ඔයා ඒ responsibility එකට සූදානම්ද? එයාගේ දරුවන් ඔයාව accept කරනවද? එයා ex-wife එක්ක එයාගේ ජීවිතේට සම්බන්ධ වෙලා ඉන්න එක almost guaranteed. ඔයාට එහෙම situation එකක් handle කරන්න පුළුවන්ද?

5. එයා divorce එකෙන් පිටවෙලාද?

Legally divorce උනත්, mentally divorce වෙලා නැත්නම්, ඒක ලොකු ප්‍රශ්නයක්. එයා ex-wife  ගැන නිතරම එක එක දේවල් කියනවද? “අපිට reconcile වෙන්න තිබුණා” වගේ දේවල් කියනවද? එහෙමනම් ඔයා මැදිහත් වෙන එකෙන් වෙන්නෙ ඔයාගෙ හිත රිද්දගන්න එක වෙන්න පුළුවන්.

6. ඔයාගේ expectation එක එයාට match වෙයිද?

ඔයා serious commitment එකක් බලාපොරොත්තු වෙනවද? එයාට හුඟක් වෙලාවට second marriage එකක් ගැන ලොකු confidence එකක් නැතිවෙන්න පුළුවන්. එයා තවදුරටත් marriage එකක් ගැන හිතන්නේ නැද්ද? “මට එයාව වෙනස් කරගන්න පුළුවන්” වගේ දේවල් හිතල මේ සම්බන්ධෙ සරලව අරගෙන හිත රිද්දගන්නවට වඩා ඇත්තට මූණ දෙන එක හොඳ බව අමතක කරන්න එපා.

7. එයාට ex-wife එක්ක financial commitments තියෙනවද?

Alimony, child support වගේ දේවල් තියෙනවද? එයාගෙ income වලින් ලොකු ප්‍රමාණයක් එතනට යනවද? එයාගේ future plans වලට ඒවා බලපායිද? ඔයාට ඒක accept කරන්න පුළුවන්ද?

8. එයා තවදුරටත් toxic marriage එකේ hang වෙලාද?

Divorce උනත්, toxic ex-partnerලා ගොඩක් ඉන්නවනෙ. එයාගේ ex-wife constant drama create කරනවද? ඔයාගේ සම්බන්ධේට ඒවා බලපායිද? එයා ඒවා handle කරන්න දන්න කෙනෙක්ද?

9. ඔයාට mentally strong වෙන්න පුළුවන්ද?

Divorced partner කෙනෙක් එක්ක ඉන්න එක challenge එකක්. ඔයාට pressure එනවා, outsider opinion එනවා, එයාගේ past life ගැන gossip එනවා. ඔයාට mentally strong වෙන්න පුළුවන්ද? මොකද සමහරවිට එයා ඇත්තටම හොඳ කෙනෙක් වුණත් සමාජෙ එයාව වැරදිකාරයෙක් විදියට දකින්න පුළුවන්.

10. ඔයාට මේ සම්බන්ධේ සතුටක් ගෙනාවද?

අවසානයේ, ඔයා මේකට සූදානම්ද කියලා හිතන්න. ඔයා එයා එක්ක ඉන්න එක ගැන සතුටුද? එයා ඔයාට respect කරනවද? ඔයාට future එකේ dreams  එයා එක්ක create කරන්න පුළුවන්ද? මේ වගේ කාරණා ගැන හොඳට හිතලා බලන්න අමතක කරන්න එපා.

Divorced boyfriend කෙනෙක් එක්ක relationship එකක් build කරන එක අමාරු දෙයක් වෙන්න පුළුවන් වුණත්, එයා past එක close කරලා, clean slate එකක් ගැන හිතන කෙනෙක් නම්, ඔයාටත් ඒක opportunity එකක් වෙන්න පුළුවන්. හැමදේම හොඳටම analyze කරලා, නිවැරදි තීරණය ගන්න ඔයා හැමදේම හොඳට හිතලා ඉන්න!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles