මෝටර් රථයක් මිලදි ගැනීමෙන් පසු

මෝටර් රථයක් කවදා හෝ මිලට ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනයක්. ඉතින් සිහිනය සැබෑ වී මෝටර් රථයක් මිලට ගැනීමෙන් පසුසියල්ල නිමාවෙන්නෙ නැහැ. අතරමගකදී ආපාදාවක් නොඑන ලෙස නිසි පරිදි නඩත්තු කරන්නෙ කොහොමද කියලා දැනගැනීමත් හරිම වැදගත්. ඉතින් අප මේ ඔබව දැනුවත් කරන්නට යන්නෙ පිලිබඳවයි.

  • මිලට ගත්තේ අලුත්ම වාහනයක් නම් නඩත්තු කටයුතු පිලිබඳ අදාල විකිණුම් ආයතනය ඔබව දැනුවත් කරනවා. නිසි කිලෝ මීටර් ගණන අදාල නඩත්තු කටයුතු නිසි පරිදි කරගත යුතුවෙනවා.
  • අවසරලත් සහ වගකීම් සහිත පළපුරුදු ආයතනයකින් මිස වෙනත් තැන් වලට අලුත්වැඩියා කටයුතු ලබා දෙන්නට එපා.
  • සෑම නඩත්තු කටයුත්තක්ම දින වකවානු සහිතව සටහන් කරගත යුතු අතර ඉදිරි කටයුතු සඳහා දිනද සටහන් කරගත යුතුයි.

මිලදී ගන්නේ පාවිච්චි කළ වාහනයක් නම්

  • අයිතිකරු වාහනය විකිණීමට හේතුව හොඳින් සොයාබලන්න.
  • සුදුසුකම් ලත් ප්‍රවීනයෙකු ලවා හොඳින් පරීක්ෂා කර බලන්න.අමතර කොටස් අවශ්‍යවේද ,පෙර භාවිතය කෙසේද ?වගේම මීට පෙර සිදුකළ නඩත්තු කටයුතු  ආදිය පිලිබඳවද සැලකිලිමත් වන්න.
  • එසේම වoචා ආදිය සම්බන්ධයෙන් පෙර වැරදි ඇති වාහනයක්දැයි සොයා බලන්න.
  • බ්‍රේක් පද්ධතිය,සක්ෂ්පෙන්ශන් පද්ධතිය,බැටරිය සහ චාජින් පද්ධතිය,එන්ජිම,ටයිමින් බෙල්ට් සහ අනිකුත් බෙල්ට් වර්ග,ගියර් පෙට්ටිය,විදුලි පද්ධතිය,ස්ටියරින් පද්ධතිය වාහනයක ඉතාමත්ම වැදගත් අoගයන් වනවා සේම වාහනයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් අඩපන කිරීමට සමත් වෙනවා,නිවැරදි තත්වයේ නැත්නම්.බොහෝ වාහන විකිණුම් කරුවන් වාහනය විකිණෙන තෙක් පමණක් මේ අoග තාවකාලිකව සකසා තබනවා.ඒ නිසා පළපුරුද්දක් සහිත ආයතනයක් ලවා මේ සියල්ලම මනාව පරීක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත්.
  • වාහනයේ පෙර හිමිකරුවන් සිටීනම් ඔවුන්ගෙන් නිසි පරිදි නීත්‍යානුකූලව පවරාගෙන තිබේදැයිත් සොයා බැලිය යුතුයි.
  • මෝටර්රථ ප්‍රවාහන දෙපාර්ත්මේන්තුව හරහා නව පවරාගැනීම ඉක්මනින් සිදුකරගැනීමට මෙන්ම පෙර විස්තර ලබා ගන්නට පුලුවන්.
  • ෆිනෑන්ස් සහ රක්ෂණ ගෙවීම් සහ එම පහසුකම් ලබා ගත් ආයතන සේම ඒවා වෙනස් කරගන්නේ නම් මිලදී ගැනීමේදීම එම කටයුතු සිදුකරගැනීම  පහසුවක්.
  • ඒ වගේම සැලකියයුතු දුරක් ධාවනය කර බැලීමද අනිවාර්යයෙන්ම වැදගත් වනවා.
  • මීට පෙර භාවිතා කල වාහනයක් නම් මෙතෙක් නඩත්තු කටයුතු කල ආයතනය පිලිබඳ විමසා දැන එය සුදුසු ආයතනයක් නම් ඔබේ පෙදෙසට ආසන්නව පිහිටා ඇත්නම් ඔවුන්ගේ සේවය ද ලබා ගන්නට පුලුවනි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles