ADHD දරුවන් හඳුනා ගනිමු -Attention Deficit Hyperactive Disorder)

පුංචි දරුවෝ සාමාන්‍යයෙන් දඟ කරන්න හරිම හපන් අය. දඟකාර දරුවෙක් කියන්නේ නීරෝගි දරුවෙකුට.ඒත් අසාමාන්‍ය දඟයෙක් කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව රෝගී දරුවෙක්.

ADHD (Attention Deficit Hyperactive Disorder) ලෙස හඳුන්වන මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරී දරුවන් 5% පමණ සාමාන්‍ය දරුවන් අතරේ ඉන්නවා.

දරුවාගේ මොළයේ රසායනික වෙනස් වීමක් නිසා තමයි මේ තත්වය හට ගන්නේ.

  1. ඌණ අවධානය
  2. අධි ක්‍රියාකාරීත්වය
  3. ආවේගශීලිබව

මේ රෝගයේ ලක්ෂණ වෙනවා.

මේ දරුවන් හඳුනා ගත හැකි ආකාර-

  1. එක් තැනක වැඩි වෙලා රැඳී නොසිටීම.
  2. අවධානය නැතිවීම සහ ආවේගශීලී වීම.
  3. තරහ පාලනයක් නැති වීම
  4. අවදානම් ක්‍රියාවල නිරත වීම.
  5. නිතර ප්‍රශ්න ඇසීම සහ කතා කිරීම.
  6. ඉවසිලිවන්ත නොවීම
  7. යම් කාර්යයක් අවසන් වන තුරු එහි නියැළීමට බැරිකම.
  8. පිළිවෙළක් නැති කම.
  9. කණ්ඩායම් සහයෝගිතාවය මදිකම.
  10. තම භාණ්ඩ නැති කර ගැනීම.

ADHD ඇතිවීමට බලපාන හේතු මේ විදියට හඳුන්වන්නට පුලුවන්.

1. ජානමය ගැටළු
2. දරුවාගේ මොළයේ සිදුවන රසායනික වෙනස් වීම්
3. දරුවා ලැබීමට සිටි කාලයේ මව දුකින් සහ කළකිරීමෙන් සිටීම.
4. හිසට සිදුවන අනතුරු.
5. දරුවාගේ උපත් බර අඩුවීම
6. මත්ද්‍රව්‍ය භාවිතා කරන දෙමාපියන්ගේ දරුවෙකු වීම
7. ඇතැම් වෛරස් ආසාදන
8. නොමේරු දරු උපතක් වීම සහ ස්නායු ගැටලු ඇතිවීම.

දරුවා මේ තත්ත්වයෙන් පෙළීම ළමා කාලයේදීම හඳුනා ගැනීම සහ දරුවා ඒ සඳහා සුදුසු වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කිරීම මවක් ලෙස ඔබ වඩා වගකීමකින් කටයුතු කළයුතු අවස්ථාවක්. ඖෂධ ලබා දීම සහ චර්‍යා රටාව සම්බන්ධ චිකිත්සක ප්‍රතිකාර, අවධානය සහ හැසිරීම් රටාව වෙනස් කිරීම මේ දරුවන්ට සිදු කළ හැකි ප්‍රතිකාරයි. ඔබේ දරුවා මේ තත්වයට ලක් වී ඇතැයි ඔබට හැඟෙනවා නම් වහාම මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලට රැගෙන යන්නට අමතක කරන්න එපා.

අසාමාන්‍ය දඟ බබෙක් කියන්නේ රෝගී දරුවෙක් මිස කරදරකාරී ළමයෙක් නොවන බවත් මතක තියා ගන්න. ආදරය සහ ප්‍රතිකාර දරුවා ඉක්මනින් යථා තත්වයට රැගෙන ඒවී.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles