කවුරුත් කැමති වඩේ රෙසිපි

සයිවර් කඩේකට ගිහින් කන්න අප කවුරුත් කැමතී. ඒත් අද මේ සූදානම් වෙන්නෙ සයිවර් කඩේක ජනප්‍රිය කෑම වර්ග දෙකක් වන උලුඳු වඩේ සහ පරිප්පු වඩේ ගෙදරම හදලා ඔබේ ආදරනීය දරුවන් සමග නිවසේදීම රස බලන්නයි. ඒ වගේම මේක අපේ හිතමිතුරු දමිල සහ මුස්ලිම් ජනතාවගෙන් අපට ලැබුණු රසවත් කෑමක් බවත් එයාලට කියල දෙන්න අමතක කරන්න එපා.

මුලින්ම හදන්න යන්නෙ උලුඳු වඩේ …..

අවශ්‍ය දේවල්:

  • උඳු ඇට ග්‍රෑම් 250,
  • සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 10,12
  • අමු මිරිස් කරල් 3,4.
  • කරපින්චා කිනිති දෙක තුනක්වි
  • යලි මිරිස් කරල් 4,5ක් කෑලි කඩා ලුණු වතුරේ දමන්න,
  • හාල් පිටි හෝ පාන් පිටි මේස හැඳි 3,
  • ලුණු රසයට
  • බැදීමට තෙල්.

සාදන ක්‍රමය:

පළමුව උඳු ඇට සෝදා බඳුනකට දමා ඇටවලට උඩින් සිටින ආකාරයට වතුර දමා රැයක් පෙඟෙන්න තබන්න.ඉන්පසු වතුර පෙරා දැල් පෙරනයකට දමා තෙත හින්දවන්න. දැන් උඳුඇට ගලේ දමා හෝ බ්ලෙන්ඩරයට දමා අඹරන්න. තෙතමනය මදි නම් වතුර මේස හැඳි එකක් පමණ එකතු කරන්න. එහෙත් ඕනෑවට වඩා දියාරු වීම සුදුසු නැහැ. පසුව මිශ්‍රණය බඳුනකට දමා එක පැත්තකට පමණක් අනාගන්න. එයින් කුඩා ප්‍රමාණයක් ගෙන බෝලයක් සාදා වතුර බඳුනකට දමන්න. එවිට එම ගුලිය වායු බුබුලු සෑදී උඩට එනවානම් මෙම මිශ්‍රණය පදමට ඇති බව කියන්න පුලුවනි.

ඉන්පසු එයට ලියාගත් රතුලූනු, අමු මිරිස්,කරපින්චා, මිරිස් කැබලි සහ හාල්පිටි හෝ පාන් පිටි එකතුකර ලුණු රසයට දමා අනන්න. දැන් කෙසෙල් කොළයක හෝ ඉටි කොළ කැබැල්ලකට වතුර ටිකක් තවරා ඒ මත වඩේ මිශ්‍රණයෙන් ටිකක් තබා අත තෙමමින් වඩේ ආකාරයට අතින් හැඩ කරන්න. අවසානයේ එහි මැද කොටසින් ටිකක් රවුමට ඉවත්කර රන්වන් පාට වනතුරු අඩු ගින්දරේ බැදගන්න. නැතිනම් මැද අමු වෙන්න පුලුවනි.

වඩේ කෑමට පොල් චට්නි

අවශ්‍ය දේවල්:

  • සිහින්ව ගාගත් පොල් බෑයක පොල්අ
  • මු මිරිස් කරල් 6
  • වියලි මිරිස් කරල් 2
  • රතුලූනු ගෙඩි 6
  • ගම්මිරිස් ටිකක්,
  • කුඩා ඉඟුරු කැබැල්ලක්,
  • රසයට අනුව ලුණු සහ දෙහි

සාදන ක්‍රමය:

ඉහත සියලුම ද්‍රව්‍ය එකට දමා සිහින්ව අඹරාගන්න. රස අනුව දෙහි එකතුකරන්න.

පරිප්පු වඩේ

අවශ්‍ය දේවල්:

  • කඩල පරිප්පු ග්‍රෑම් 250,
  • රතු ලූනු ගෙඩි 15,
  • අමු මිරිස් කරල් 4,
  • කරපින්චා ඉති දෙකක්,
  • වියලි මිරිස් කරල් 5,
  • සූදුරු ඇට තේ හැඳි 1,
  • සිහින්ව ගාගත් පොල් මේස හැඳි 1,
  • පාන් පිටි මේස හැඳි 3,
  • රස අනුව ලුණු,
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය:

කඩල පරිප්පු හොඳින් සෝදා පැයක් හෝ දෙකක් පොඟවා ගන්න. ඉන්පසු වතුර පෙරා පරිප්පු වලින් බාගයක් අඹරා ගන්න. ඉතිරි බාගය යන්තමින් කැඩෙන සේ කොටන්න. ඉන්පසු කොටස් දෙක එකට එකතුකරන්න. ඉහත අනෙක් ද්‍රව්‍ය සියල්ල කලවම් කර පැය බාගයක් පමණ පිපෙන්න තබන්න. ඉන් පසු මිශ්‍රණයෙන් ටික ටික ගෙන අල්ල මත තබා වඩේ ආකාරsයට සකස්කර අඩු ගින්දරේ බැදගන්න්. බාගෙට බැදුනු පසු ඉවතට ගෙන පසුව සියලුම වඩේ දෙවන වරට රන්වන් පාට වනතුරු බැදගන්න. දැන් ලස්සනට සරසා මේසයට පිලිගන්වන්න.උණු උණුවේ ඉඟුරු ප්ලේන්ටියක් එක්ක කදිමයි.

– ඉරේශා –

Related Articles

Don't Miss


Latest Articles