සිනමාවට නැඟුනු වූ ඔවුන්ගේ නොමියෙන ආදර කථාව

මෙය මෑත කාලයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ ආදරණීය චිත්‍රපටයක් වන The Notebook සහ එම නමින්ම යුත් නවකතාවට පාදක වුනු ආදරණීය යුවලයි.

ජැක් බාල සංදියේ පටන්ම දිනපොතක් ලියුවේය. ෆිලිස් ඔහුට ප්‍රථම වරට මුණගැසෙන්නේ 1941 දීය. එදින ඔහු සටහන් කරන්නේ අද දින මා ලොව පියකරුම යුවතිය හා රංගනයෙ යෙදුනා යනුවෙනි. පසු කලෙකදී ජැක් සඳහන් කරන්නේ ඇය ඔහුගේ සදාකාලික සහකාරිය වන බව හැඟුන බවයි. එයින් වසර එකහමාරකට පමණ පසු විවිධ හැලහැප්පීම් මැද විවාපත් වූහ. නමුත් ඔවුන්ගේ ආදර අන්දරය එතැනින් නිමානොවුනි. ඔවුන්ගේ විවාහ දිවියේ රසබර, දුක්බර හා ආදරණීය සටහන් වලින් ජැක්ගේ දිනපොත පිරී ඉතිරී ගියේය.

සියල්ල උඩු යටිකුරු වන්නේ ෆිලිස් Dementia රෝගියෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟය. මෙම රෝගය මතකය හා සම්බන්ධ වන අතර වසර කීපයක ඇවෑමෙන් සම්පූර්ණයෙන්ම මතකය මැකී යා හැකග අඩ සිය වසකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යෙයේ, කෙන්ට් ප්‍රදේශයේ එක් වහලක් යට දිවි ගෙවූ ඔවුන් දෙදෙනාට වෙන්වන්නට සිදුවන්නේ ෆිලිස්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමඟ ඇය සාත්තු නිවාසයක නතරකිරීමත් සමඟය.

නමුත් ජැක්ට සිය ආදරිය තනිවෙනවා බලන්නට වුවමනා නොවීය. ඔවුන්ගේ ආදර අන්දරය ඇගේ මතකයෙන් ගිලහෙන බව දැකීම ඔහුට ඉසුලුම් නොදෙන ශෝකයක් විය. නමුත් පසුබට වූයේ ජැක් නොවේ. දිනපතාම සාත්තු නිවාසයට යන ජැක් ඔහුගේ දින පොත ෆිලිස්ට ඇසෙන්නට කියවයි.බොහෝ දිනවල ඇයට ඔහු හඳුනා ගත නොහැක. නමුත් කලාතුරකින් දිනක ඔහුව අස්වසමින් ඔහුව හඳුනා ගන්නීය. විවා දිවියේ සැත්තා වන වියද පියමංකර ඇති මෙම සබෑ ආදර අන්දරය කුඩා ගැටලුවකට පවා දික්කාදය පටලවා ගන්නා වත්මන් විවාපතීන්ට ලබාදෙන්නේ මහඟු ආදර්ශයකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles