නිවසේ වහලය නිසා ඇතිවිය හැකි වාස්තු දෝෂ ගැන දැනගමු

අප ජීවත් වන්නේ පෙරදිග රටක. ඉතින් වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් විසින් භාවිතයට යෙදුණු විවිධ විශ්වාසයන් අප අතර තවමත් තිබෙනවා. කෙනෙක් එය බැහැරකරද්දී කෙනෙක් එහි පිහිට සොයනවා. ඉතින් නිවසක් සැදිමේදී බොහෝ දෙනා කැමතියි වාස්තු විද්‍යානුකූලව එය සාදා නිමකරගැනීමට. මේ ඉදිරිපත් කරන්නේ නිවසක වහලය සම්බන්ධයෙන් ඔබ දැනගත යුතුම වාස්තු වැරදි කිහිපයක් ගැනයි. වාස්තු විද්‍යාව පිලිබඳ සැලකිලිමත් වන ඔබ සඳහායි මේ දැනුවත් කිරීම. ඒ වගේම සියල්ලටම වඩාමිනිස් මනස ශක්තිමත් බව ඒ අතරේ ඔබ අමතක නොකරනු ඇතැයිද අප සිතනවා.

වහලයකට යට ලී වර්ග 3ක් පවතිනවා. එනම් බිත්ති යට ලීය, මුදුන් යට ලීය, අතුරු යට ලීයයි. මේ සියල්ලම නිවසේ දියුණුවට අනිවාර්යයෙන්ම වැදගත් වනබව වාස්තුවිද්‍යාව පෙන්වා දෙනවා.

මුදුන් යට ලීය

  • වහලේ ප්‍රධානම තැනක් ගන්නේ මුදුන් යටලීයයි. වහලය සෑදීමේදී මුලින්ම යොදන්නෙත් මුදුන් යට ලීයයි. එය වහලයේ ඉහල කෙලවර සම්බන්ධ කරනවා. නිවසක හෝ ගොඩනැගිල්ලක දිග පැත්තේ සමාන්තරව යොදනවා. බොහෝ විට අඟල් 2

බිත්ති යට ලීය

  • මෙය බිත්තියට සමාන්තරව බිත්ති දිගේ පරාල වල පහළට ආධාරකයක් ලෙස යොදනවා. මේ සඳහා අඟල් 4 3 5 4 දැව භාවිතා කරනවා.

අතුරු යටලීය

  • මුදුන් යට ලීය සහ පරාල අතර ඉඩ පරතරය වැඩිවූ අවස්ථාවල බිත්තිය මැදට යොදනවා. ඒ සඳහා අඟල් 3 5 දැව යොදා ගන්නවා.

පරාල බිත්ති යටලීය

  • මුදුන් යට ලීයට තිරස් ලෙස යොදනවා. පරාලවල පරතරය සෙවිලි කරන ද්‍රව්‍ය අනුව වෙනස් වෙනවා.

බාල්ක

  • කුරුපා රැඳවීමට බිත්ති යට ලී දෙකක් මත බාල්ක යොදනවා. අඟල් 45493436 ලී මේ සඳහා යොදාගන්නවා.

කුරුපා

  • යට ලීයේ සිට යොදන බාල්ක වල සිටුවන කණුව මේ නමින් හඳුන්වනවා. මෙය අඟල් 4446 විය යුතුයි.

යට ලීයක් තැබීමේදී ඇතිවිය හැකි දෝශ

  • යට ලීය මූට්ටු 3 කින් සමන්විත වීම අසුබ බව සලකනවා.
  • යට ලී මූට්ටුවක් කුරුපාවට තබා ඇණ ගැසීම අසුබයි.
  • යට ලී මූට්ටු සහ පරාල මූට්ටු එකට තබා ඇණ ගැසීම අසුබයි.
  • මුදුන් යටලීය මැද පරාල ගැසීම අසුබයි.
  • උලුවස්සේ මැදට සහ උලුවස්සේ කොණට යට ලී ලම්භක වීම අසුබයි.
  • ජනේලය මැදට සහ කොණට යට ලී ලම්භක වීම අසුබයි.

වහලය වැරදි ලෙස යෙදීම නිසා ඇතිවන දෝශ

  • බර ප්‍රමාණය සමතුලිත නොවීම නිසා වහලය පාත්වීම.
  • වර්ෂා අවස්ථාවලදී ජලය කාන්දු වීම.
  • බිත්ති ඉරිතැලීම.
  • දියුණුවට, නිරෝගීකමට බාධා ඇතිවීම.

වහලේ පළ ගණන අනුව යෙදෙන සුබ අසුබ දෝශ

  • තනිපළ මෙයා ඉතා අසුබ බව පවසනවා. මිනිස් වාසයට නුසුදුසු බව වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා.
  • දෙපළ වහල සුබ බව පවසනවා.
  • පළ තුනේ වහල සාමාන්‍යයෙන් සුබ තත්වයක් ඇති කරන පිහිටීමක් බව පවසනවා. නිරෝගී සම්පත්තියට සුදුසු වන්නේ නැහැ.
  • පළ හතරේ වහල තනි පවුලකට සුදුසු නැති බව පවසනවා. වඩාත් සුදුසු වන්නේ පවුල් 2 හෝ 4 ක් වාසය කරන විටදීයි.
  • පළ පහේ වහල සුබ බව පවසනවා.ජයග්‍රහනයන්ට හේතු වෙනවා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles