ක‍රපිංචා ඔය කියන තරම් හොඳ ද?

කරපිංචා වලින් ඇත්තටම කොලොස්ට්‍රෝල් අඩු කරගන්න පුලුවන්ද?

නැත්තම් ෆැටි ලිවර් තියෙන අයට ඇත්තටම මේ කරපිංචා වලින් හොඳ ප්‍රතිඵලයක් අත්වෙනවද?

රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න කරපිංචා හොඳද වගේ ප්‍රශ්න අපේ අයට කරපිංචා ගැන තියෙනවනෙ. ඒ වගේම තමයි කරපිංචා වල effectiveness එක හොඳටම වැඩි කැඳ විදියට බිව්වොත් ද? එහෙනම් කොච්චර ප්‍රමාණයක් බොන්න ඕනද වගේ ගැටළුත් මිනිස්සුන්ට තියෙනවා.

අන්න ඒ හන්දම තමයි අපි හිතුවෙ අද මේ කරපිංචා කොච්චරක් බිව්වොත් ද හොඳ කියලා ඔයාලා එක්ක කතාකරන්න. ඉස්සෙල්ලා අපි බලමු මේ කරපිංචා වල තියෙන ගුණ සහ වැදගත්කම මොකද්ද කියලා.

කරපිංචා කියන්නේ ඉන්දියාවට ආවේණික සුවඳ කොළයක්.

අපි කරි, බත්, පරිප්පු වගේ කෑමවලට මේක දාන්නේ රසයයි, සුවඳයි නිසා. හැබැයි, ඒක විතරක් නෙමෙයි, කරපිංචා කොළවල තියෙන ගුණ නිසා අවුරුදු ගාණක ඉඳලා අපේ සාම්ප්‍රදායික බෙහෙත් වලටත් මේක පාවිච්චි කරනවා.

  1. ඇඟට හොඳ ප්‍රතිඔක්සිකාරක තියෙනවා

කරපිංචා කොළවල ඇල්කලොයිඩ්, ග්ලයිකෝසයිඩ් සහ ෆීනෝලික් සංයෝග කියන ඒවා තියෙනවා. මේවායින් අහිතකර ෆ්‍රී රැඩිකල් (free radicals) කියන දේවල් නැති කරලා, ඇඟේ ඔක්සිකාරක ආතතිය (oxidative stress) අඩු කරනවා. ඒක නිසා නොයෙක් ලෙඩ හැදෙන එක අඩු වෙනවා.

  1. හදවතට හොඳයි

කරපිංචා වල තියෙන මහනිම්බයින් (mahanimbine) කියන එකෙන් කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් අඩු කරන්න උදව් වෙනවා කියලා පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ හෘද රෝග හැදෙන එකත් අඩු වෙනවා.

  1. ස්නායු පද්ධතිය ආරක්ෂා කරනවා

කරපිංචා කොළවල තියෙන සංඝටක වලින් මොළයට හානි වෙන එක නවත්වලා, මතකය වැඩි දියුණු කරන්න උදව් වෙනවා. මුලික පරීක්ෂණ වලින් ඇල්සයිමර් රෝගය වගේ දේවලටත් මේක හොඳයි කියලා හොයාගෙන තියෙනවා. හැබැයි, මේ ගැන තව පරීක්ෂණ කරන්න ඕනේ.

  1. පිළිකා වළක්වන ගුණ තියෙනවා

කරපු අධ්‍යයන වලින් පෙන්නලා දීලා තියෙනවා, කරපිංචා කොළවල තියෙන ක්වෙර්සිටින් (quercetin) සහ ගලික් අම්ලය (gallic acid) නිසා, පියයුරු, ගැබ්ගෙල සහ මහා බඩවැලේ පිළිකා වගේ ඒවා වර්ධනය වෙන එක අඩු කරන්න පුළුවන් කියලා.

  1. රුධිර සීනි පාලනය කරන්න උදව් වෙනවා

 පර්යේෂණ වලින් පෙන්නලා දීලා තියෙනවා, කරපිංචා කොළවලින් රුධිර සීනි මට්ටම පාලනය කරන්නත්, ඒ වගේම දියවැඩියාව නිසා ස්නායු රෝග සහ වකුගඩු වලට වෙන හානි වලින් ආරක්ෂා වෙන්නත් පුළුවන් කියලා.

  1. ස්වාභාවික වේදනා නාශකයක්

පරීක්ෂණ වලින් කරපිංචා කොළවල වේදනාව අඩු කරන ගුණ තියෙන බව පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා වේදනාවට හොඳ ස්වාභාවික බෙහෙතක් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්.

  1. ඇඟේ ප්‍රදාහය (inflammation) අඩු කරනවා

කරපිංචා වල ප්‍රදාහය අඩු කරන සංඝටක තියෙනවා. ඒ නිසා, මේක ඇඟේ තියෙන ප්‍රදාහ සලකුණු අඩු කරන්න උදව් වෙනවා. මේ ප්‍රදාහය නිසා තමයි ගොඩක් නිදන්ගත ලෙඩ හැදෙන්නේ.

  1. ප්‍රතිබැක්ටීරීය ගුණ තියෙනවා

කරපිංචා කොළවල ස්ට්‍රෙප්ටොකොකස් පයෝජීන්ස් (Streptococcus pyogenes) සහ කොරිනිබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් (Corynebacterium tuberculosis) වගේ හානිකර බැක්ටීරියා වර්ධනය නවත්වන්න පුළුවන් කියලා අධ්‍යයන වලින් සොයාගෙන තියෙනවා. මේක ප්‍රතිශක්තියටත් උදව් වෙනවා.

  1. ඔබේ කෑමට රසයක් එක් කරන්න පුළුවන්

මේ හැමදේටම වඩා හොඳම දේ තමයි, කරපිංචා කොළ ඔබේ කෑමවලට පහසුවෙන් එකතු කරන්න පුළුවන් වීම. රහට කෑමක් හදන්න වගේම කරි, හොදි, චට්නි වගේ දේවලටත් දාන්න පුළුවන්. වියලි කොළ කුඩු කරලා පාන් වගේ දේවලට එකතු කරගන්නත් පුළුවන්.

කරපිංචා වල A, B, C, සහ E වගේ ගොඩක් වැදගත් විටමින් වර්ග වගේම, කැල්සියම්, යකඩ, සහ තන්තු (fiber) පවා තියෙනවා. මේවා අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරන්න, ඇටකටු ශක්තිමත් කරන්න, සහ සම ලස්සන කරන්නත් උදව් වෙනවා. ඉතින් කරපිංචා කෑමට එකතු කරගන්න එකෙන් අපිට ස්වාභාවික පෝෂණ කොටස් හොඳටම ලැබෙනවා.

කරපිංචා කියන්නේ ආහාර ජීර්ණයට හොඳම බෙහෙතක්. ඒකෙන් ආහාර ජීර්ණ එන්සයිම උත්තේජනය කරනවා. ඒක නිසා කෑම හොඳට ජීර්ණය වෙනවා. බඩ පිපීම, මලබද්ධය, සහ අජීර්ණය වගේ දේවල් වලටත් කරපිංචා හොඳයි. ඒකෙ තියෙන මෘදු විරේක ගුණ නිසා අපේ බඩවැල් හොඳින් තියාගන්න පුළුවන්.

හැමදාම කරපිංචා කන එක හදවතටත් ගොඩක් හොඳයි. ඒකෙන් LDL (නරක කොලෙස්ටරෝල්) අඩු කරලා, HDL (හොඳ කොලෙස්ටරෝල්) වැඩි කරනවා. ඒ නිසා හෘද රෝග හැදෙන එක අඩු වෙනවා. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් වලින් රුධිර නාල වලට වෙන හානිත් අඩු කරනවා.

තව දෙයක් තමයි, කරපිංචා කොළ වලින් කොණ්ඩේ වර්ධනය වැඩි වෙනවා, හිස්හොරි හැදෙන එක අඩු කරනවා, ඒ වගේම කොණ්ඩේ ඉක්මනින් සුදු වෙන එකත් වළක්වනවා. ඒකෙ තියෙන ඇන්ටිඔක්සිඩන්ට් සහ ප්‍රතිබැක්ටීරීය ගුණ නිසා සමේ පැහැය වැඩි දියුණු වෙලා, සමට නිරෝගී පෙනුමක් සහ දීප්තියක් ලැබෙනවා.

කොලෙස්ටරෝල් අඩු කරගන්න කරපිංචා කන සරල ක්‍රම 5ක්

  1. කරපිංචා තේ බොන එක ගොඩක් ලේසියි. නැවුම් කරපිංචා කොළ ටිකක් රස්නේ වතුර එකකට දාලා ටික වෙලාවක් තියලා බොන්න. හැමදාම මේක බොන එකෙන් LDL (නරක කොලෙස්ටරෝල්) අඩු කරලා, හදවත නිරෝගි වෙනවා.
  2. උදේට ස්මූති (smoothie) එකක් හදනකොට කරපිංචා කොළ ටිකක් එකතු කරගන්න. බෙරි, ඇපල්, සහ නිවිති එක්ක කරපිංචා දාලා ස්මූති එකක් හැදුවොත් කොලෙස්ටරෝල් පාලනයටත් උදව් වෙනවා.
  3. කරපිංචා කොළ ටික හොඳට වේලලා, සිහින් කුඩු (powder) එකක් විදියට හදාගන්න. මේ කුඩු සලාද, සුප්, හෝ යෝගට් වලට ඉහලා කන්න පුළුවන්. හැමදාම කරපිංචා කුඩු කන එකෙන් කොලෙස්ටරෝල් පාලනය වෙනවා වගේම, ආහාර ජීර්ණයත් හොඳට වෙනවා.
  4. ඔලිව් තෙල් හෝ පොල් තෙල් වලට කරපිංචා එකතු කරලා, ඒ තෙල් සලාද ඩ්‍රෙසින් වලට හරි, කෑම උයන්න හරි පාවිච්චි කරන්න. මේකෙන් ඇඟට හානිකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න පුළුවන්.
  5. පරිප්පු හොදි හෝ ව්‍යංජන හදනකොට කරපිංචා කොළ ටිකක් එකතු කරගන්න. කරපිංචා වල තියෙන තන්තු සහ ඇන්ටිඔක්සිඩන්ට් වලින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා, හදවත නිරෝගීව තියාගන්න උදව් වෙනවා.
  • Reference:

https://timesofindia.indiatimes.com/life-style/health-fitness/health-news/how-to-use-curry-leaves-to-lower-cholesterol-5-simple-tips-to-know/articleshow/117228015.cms

https://www.healthline.com/nutrition/curry-leaves-benefits

https://www.youtube.com/watch?v=s8aNtpihTU8

Related Articles

Don't Miss


Latest Articles