බිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම

පුංචි බබාලා ඉන්න නිවෙස් වල තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි බිත්තිවල පැල්ලම් ඇති වීම. නිතරම තීන්ත ආලේප කිරීමත් මෙයට විසඳුමක් නොවන නිසා ඔබ බොහොම හිත කරදරයට පත් වෙලා ඇති. එයට සරල විසඳුම් කිහිපයක් තමයි මේ.

සබන් කුඩු යෙදීම.

මද උණුසුම් ජලයට  විනාකිරි ස්වල්පයක් හා සබන් කුඩු ස්වල්පයක් එක් කර බිත්තියේ පැල්ලම් ඇති ස්ථාන වල බ්‍රෂ් එකකින් ආලේප කර සෙමින් අතුල්ලා සෝදා හරින්න.

දන්තාලේප භාවිතය.

මෙය කුඩා පැල්ලම් ඉවත් කිරීමට පහසුම ක්‍රමයයි.  බිත්ති මත ඇති කුඩා පැල්ලම්වල සුදු පැහැ  දන්තාලේපනයක් ආලේප කර  ටික වෙලාවක් තබා ගොරෝසු රෙදි කැබැල්ලක් පැල්ලම් මත  අතුල්ලන්න. ඉන්පසු තෙමා ගත් ස්පොන්ච් එකකින් දන්තාලේප ඉවත් කරන්න.

වැලි කඩදාසි භාවිතය. 

කාලයක් තිස්සේ ඇති පැල්ලම් අතට අසු වෙන තරම් ඝනව වර්ධනය වී තිබෙනවා. මේ පැල්ලම් ඝන කඩදාසියකින් සීරුවට ඉවත් කර ඉන්පසු ඉතිරි පැල්ලම් දන්තාලේපනයකින් මකා ඉවත් කරන්න.

බේකින් සෝඩා භාවිතය.

උණු වතුරට බේකින් සෝඩා ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණය පැල්ලම ඇති ස්ථානයේ ආලේප කර ඝන රෙදි කැබැල්ලකින් පිස දමන්න.
මේ ක්‍රම DIY ක්‍රම ලෙසත් හඳුන්වන්න පුලුවන්. කිසිවෙකුගේ උදව් නැතිව ඔබට තනිවම ඔබේ නිවස පිරිසිදු කරගන්න මේ ක්‍රම හරහා සාර්ථකව හැකියාව තිබෙනවා.

තවත් DIY ලිපියකින් හමු වෙමු.

 

-නිබන්ධිකා-

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...