කුස්සියේ රහස්

දක්ෂ ගෘහනියකට අවශ්‍ය වෙන තොරතුරු රැසක් අප ඔබට ගෙන එනවා. පුංචි පුංචි මේ තොරතුරු ඔබේ ජීවිතය ට කාර්‍යක්ශමතාවට බොහෝ සෙයින් වැදගත් වේවි.

  • බත් බෙරිවුනාම හොදින් වතුර පෙරෙන ලෙස කිරි ගොටුවකට හෝ දැල් සහිත භාජනයකට දමන්න. අයිස් වතුර උඩින් වත් කරන්න. හොදින් වතුර බේරුනු පසු යාන්තමට නැවත රත් කරගන්න.
  • කුස්සියේ රහස් ගොඩාක් අය අහල තිබුනා බාස්මති හාල බෙරි නොවෙන්න උයන්නෙ කොහොමද කියල. බාස්මතී සහල් වලින් බත් පිසීමට පෙර හොදින් සෝදා පැයක් පෙඟෙන්න තබන්න. කිලෝ එකක් උයනවනම් කිලෝ දෙකක හට්ටියක් භාවිතා කරන්න. යොදාගත් හට්ටිය පිරෙන්න වතුර තුන්කාලක් දාල හොදට වතුර නැටුවට පස්සෙ පෙඟෙන්න තියෙපු හාලෙ වතුර බේරල දාන්න. දැන් ඉතා අඩු ගින්නදරේ විනාඩි 15 කියල ලිප නිවන්න.
  • අලු කෙසෙල් බදින විට සාමාන්‍යයෙන් කහට පිපෙනවා. ඉතින් කපල කහ සහ ලුනු අතගානව. ඒත් වතුර මිරිකා දමන්න වෙනව. එහෙම නොවෙන්න නම් තෙල් රත්වෙන්නට දමා අලු කෙසෙල් පොත්ත පිටින්ම සිහින්ව රවුමට කපා එවේලේම තෙලට දමන්න. නැවත කැපිය යුතුවන්නේ බැදුනු ටික තෙලෙන් ගැනීමට ආසන්නයේයි. පසුව අවශ්‍ය නම් පමණක් ලුනු ඉස කෑමට ගන්න. බැදුම් වර්ග වලටත් මිශ්‍ර කරන්න සුදුසුයි.
  • ගැඹුරු තෙල් බැදුමින් පසු ඉවත් කරන පොල්තෙල් වෙනම බෝතලයකට දමා තබන්න. කොහොල්ලෑ, යැවීම වගේ කටයුතු වලදීත් විදුලිබලය නැතිවිට හදිසියකට පහනක් පත්තු කරගැනීමටත් යොදා ගන්න පුලුවන්.
  • කිරි මිරිකා ඉවත දමන පොල් කුඩු වේලා පොල්තෙල් හිදීම සදහා යොදාගන්න.
  • දෙහි මිරිකා ඉවතල දෙහි ලෙලි වලින් ලුණු දෙහි සාදාගන්න.
  • කරවිල ඉවීමට පෙර පොල් වතුරෙන් තම්බාගන්න. තිත්ත රස දැනෙන්නේ නැහැ.
  • ශීතකරණයෙන් පිටතට ගත් ඉක්මනින්ම මස් මෘදු වීමට විනාකිරි මිශ්‍ර වතුරේ හෝ පොල් වතුර වල බහාතබන්න.
  • බණ්ඩක්කා උයද්දී සෙවල ගතිය අවම වීමට ගොරකා කැබැල්ලක් දමා උයන්න.
  • උම්බලකඩ ලෙහෙසියෙන් ම කුඩු කර ගැනීමට දවසක් පමණ ශීතකරණයේ බහා තබන්න. පහසුවෙන් කුඩු කරගන්න පුලුවනි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles