නියපොතු ලස්සනට තබා ගන්න නම්..

ලස්සන දෑතකට අත්‍යවශ්‍යම දේ ලස්සන නියපොතු පෙළක්. ඔබේ නියපොතු හැඩට තබා ගන්නත් නියපොතු කැඩීයාම හා දුර්වර්ණ වීම නැති කරන්නත් ඔබ අනිවාර්යයෙන් කළ යුතු දේවල් කිහිපයක් තමයි මේ.

1. නියපොතු නිසි පරිදි කපන්න

ඕනෑවට වඩා දිග නියපොතු ඇත්තෙන්ම හිරිහැරයක්. එහි අපද්‍රව්‍ය එක් රැස්වීමත් සිදු වෙනවා. ඔබ කැමති හැඩයකට සහ ඔබේ ඇඟිලි වලට ගැලපෙන හැඩයට නියපොතු කපා ගන්න.

2. හොඳින් පිරිසිදු කරන්න.

දෙහි යුෂ, ඩෙටොල් ස්වල්පයක් මඳ උණුසුම් වතුරට එකතු කර දෑත සහ දෙපා එතුළට බහා සිටීම නියපොතු පිරිසිදු කළ හැකි ක්‍රමයක්. නියපොතු වල බේකින් සෝඩා ආලේපයත් සුදුසුයි. ඒ වගේම දිනපතා බුරුසුවකින් නියපොතු අතුල්ලන්න.
3. වියළි බව නියපොතු කැඩෙන්නට හේතුවක්.

රාත්‍රී නින්දට පෙර දෑත දෙපය හොඳින් සෝදා මොයිස්චරයිස් ක්‍රීම් ආලේප කරන්න. සතියකට වතාවක් පමණ ඔලිව් තෙල් නියපොතු මත ගල්වන්න.

4. නියපොතු කන්න එපා.

නියපොතු කෑම නියපොතුවල සුන්දරත්වය විනාශ කරන හේතුවක්. දිලීර ආසාදන ඇති වීමටත් හේතුවක්.ඒ වගේම ඒ ඔබේ ස්මාර්ට් බව නැති කරන නරක පුරුද්දක්. එයින් වළකින්න.
5. ප්‍රමිතියක් ඇති නිය ආලේපන භාවිතා කරන්න.
නිතරම ප්‍රමිතියක් ඇති කියුටෙක්ස් භාවිතා කරන්නට සැලකිලිමත් වෙන්න. ඒවා ඉවත් කරන්නට තිනර් භාවිතා කරන්නත් එපා.
ඒ වගේම නිවසේ පිරිසිදු කිරීම් වලදී සැර පිරිසිදු කාරක භාවිතා කරද්දී ග්ලවුස් භාවිතා කරන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles