සඳුදා දිනය එළඹෙන කොට ඔබටත් පීඩනයක් දැනෙනවද?

විවේකී සති අන්තයකින් පසු, සඳුදා දිනයේදී වේලාසනින් අවදි වී වගකීම්වලට නැවත පිවිසීම අධික පීඩනයක් ලෙස බොහෝ දෙනෙකුට දැනෙනවා. කෙසේ වෙතත්, සඳුදා දිනය ආතතියෙන් ගෙවීම හෝ සෘණාත්මක බවකින් හේතුව ගෙවීම කළ යුතු නැත. ඇත්ත වශයෙන්ම, එය ඔබේ මානසිකත්වය නැවත සකසා ගැනීමට, ඔබේ ඉලක්ක සංවිධානය කර ගැනීමට සහ අලුත් සතිය ශක්තිමත්භාවයකින් සහ හොඳ අරමුණකින් ආරම්භ කිරීමට පරිපූර්ණ අවස්ථාවක් බවට පත්කර ගත යුතුය.

ඔබ ඔබේ සඳුදා ආරම්භ කරන ආකාරය අනුව ඔබේ මුළු සතිය පුරාම ඔබේ මනෝභාවයට, ඵලදායිතාවට සහ විශ්වාසයට බලපෑම් කළ හැකියි. සෞඛ්‍ය සම්පන්න පුරුදු කිහිපයක් ගොඩනඟා ගැනීමෙන් සහ ඔබේ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමෙන්, ඔබට සඳුදා දිනයට පෙර පීඩනයට පත්වීම වෙනුවට එය නැවුම් ආරම්භයක් බවට පත් කළ හැකිය.

විවේකී සති අන්තයකින් පසුව සඳුදා දිනය ප්‍රබෝධමත් ලෙස ආරම්භ කර ඵලදායී සතියක් ගත කිරීමට ඔබට කළ හැකි දේවල් කිහිපයක් ගැනයි මේ ලිපිය

ඔබේ උදෑසන සුපුරුදු පරිදි කලින් ආරම්භ කරන්න

සඳුදා දිනය අවුල් සහගත බවක් දැනීමට ඇති ලොකුම හේතුවක් වන්නේ උදෑසන කාලය වේගයෙන් ගලා යාමයි. එම නිසා සඳුදා දිනයේදී තරමක් කලින් අවදි වීම ඔබට දවස සඳහා මානසිකව සහ ශාරීරිකව සූදානම් වීමට කාලය ලබා දෙනවා.

උදෑසන අවදි වූ වහාම ඔබේ දුරකථනය පරීක්ෂා කිරීම වෙනුවට, ඔබ ඔබේ උදෑසන සන්සුන්ව ගත කරන්න. අනතුරුව හොඳින් ජලය පානය කරන්න, සරල ව්‍යායාමයක යෙදෙන්න , සංගීතයට සවන් දෙන්න, දිනපොතක් ලියන්න, නැතහොත් නිහඬව ඔබ කැමැති ආකාරයේ පෝෂ්‍යදායී උදෑසන ආහාරයක් භුක්ති විඳින්න.

සාමකාමී උදෑසන කාලයක් සාමකාමී මානසිකත්වයක් ඇති කරනවා. ඔබ පීඩනයෙන් සහ ආතතියෙන් තොරව දවස ආරම්භ කරන විට, ඔබට ස්වභාවිකවම වැඩි අවධානයක් සහ අභිප්‍රේරණයක් දැනෙන්නට පටන් ගන්නවා.

එය වැදගත් වන්නේ ඇයි?

නිස්කලංක උදෑසනක් ඔබේ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි දියුණු කරනවා.ඊට අමතරව ඔබ තුළ ඇති මානසික පීඩාකාරී තත්ත්වයන්ද අඩු කරනවා. එවිට ඔබට ඔබේ  කාලසටහනට අනුව සාමාන්‍ය දින චර්යාවක් ගත කිරීමට වැඩි හැකියාවක් ලැබෙනවා

සතිය සඳහා එක් ප්‍රධාන ඉලක්කයක් තබන්න

බොහෝ අය එකවර බොහෝ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන නිසා අධික ලෙස වෙහෙසට පත්වෙනවා. එම නිසා ඔබ ඉදිරියේ ඇති සෑම වගකීමක් ගැනම සිතීම වෙනුවට , සතිය තුළ ඔබට සැබවින්ම ඉටු කර ගැනීමට අවශ්‍ය එක් වැදගත් ඉලක්කයක් තෝරාගන්න.

එහිදී,

ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීම

ඔබේ සෞඛ්‍ය චර්යාව වැඩිදියුණු කිරීම

මුදල් ඉතිරි කිරීම

බිල්පත් ගෙවා අවසන් කිරීම 

රැකියාවේ හෝ අධ්‍යයන කටයුතුවලට අදාළ විශේෂ කටයුත්තක් අවසන් කිරීම 

වැනි ඉලක්ක තබා ගන්න.

එක් පැහැදිලි අවධානයක් තබා ගැනීම ඔබේ සතියට මඟ පෙන්වීමක් ලබා දෙන අතර ආතති සහගත අවස්ථාවන්හිදී පවා ඔබව අභිප්‍රේරණයෙන් තබා ගැනීමට උපකාරී වනවා.

එය වැදගත් වන්නේ ඇයි?

පැහැදිලි ඉලක්ක ව්‍යාකූලත්වය අඩු කරන අතර ඔබේ ඉලක්කය පිළිබඳව ඔබ හොඳ අවබෝධයකින් සහ අවධානයකින් සිටින නිසා මේ ඔබේ ඵලදායිතාව වැඩි කරනවා.

විශ්වාසය වැඩි කරන ආකාරයෙ ඇඳුම් ඇඳීම

ඔබ අඳින දේ ඔබට හැඟෙන ආකාරය කෙරෙහි සෘජුව බලපෑම් කරනවා.එම නිසා සඳුදා දිනයේදී විශේෂිත ලෙස සහ සුවපහසු ලෙස ඇඳුම් ඇඳීමෙන් ඔබේ මනෝභාවය සහ විශ්වාසය ක්ෂණිකව වැඩිදියුණු කළ හැකියි.

මේ සඳහා ඔබට මිල අධික ඇඳුම් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට නැවුම් බවක් සහ විශ්වාසයක් දැනෙන සරල ඇඳුම් පවා ඔබේ මානසිකත්වයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකියි. ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් ඇති වූ විට, ඔබේ වැඩ, අධ්‍යයන කටයුතු හෝ දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි ඔබට වැඩි ශක්තියක් ලබා දෙනවා.

එය වැදගත් වන්නේ ඇයි? 

විශ්වාසය බොහෝ විට ස්වයං රැකවරණය සහ කුඩා පියවරවල් සමග ආරම්භ වෙනවා. කුඩා උත්සාහයන් වලට බලවත් මානසික වෙනසක් ඇති කළ හැකි බැවින් ඔබට විශේෂයෙන්ම එවැනි පියවරක් අලුත් සතියක් ආරම්භ කිරීම වෙනුවෙන් භාවිතා කරන්නට පුළුවන්.

සෘණ සිතුවිලි සඳුදා දිනය ආරම්භ කිරීමෙන් වළකින්න

බොහෝ අය සඳුදා ආරම්භ කරන්නේ,

“මේ සතිය වෙහෙසකර වනු ඇත.”

“මට මෙය හැසිරවිය නොහැක.”

” තවත් සතියක් වැඩ කළ යුතුව ඇත “

යන ඍණ සිතිවිලි වලිනි. දවස ආරම්භ වීමටත් පෙර ඔබ තුළ පවතින මෙම සිතුවිලි  ඍණාත්මක බවක් ඇති කරවනවා. ඒ වෙනුවට, ඒවා සෞඛ්‍ය සම්පන්න සහ ධනාත්මක සිතුවිලි බවට පත්කිරීමට උත්සාහ කරන්න. 

“මෙය නැවුම් ආරම්භයක්.”

“මේ සතියේ මම මගේ උපරිමය කරමි.”

” මේ මගේ හොඳම සතියයි ” 

ධනාත්මක ස්වයං කතාව කුඩා පියවරක් ලෙස  පෙනෙන්නට තිබුණත්, එය ඔබට විශාල  අභිප්‍රේරණයක් ගෙන එන සහ චිත්තවේගීය ශක්තියට දැඩි ලෙස බලපාන පියවරක්.

එය වැදගත් වන්නේ ඇයි?

ඔබේ මානසිකත්වය ඔබේ අත්දැකීම් හැඩගස්වනවා. සිතුවිලි දිරිමත් කිරීම  චිත්තවේගීය ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උපකාරී වන නිසා ඔබ තුළ ධනාත්මක සිතිවිලි ඇති කර ගැනීම අතිශයින්ම වැදගත් වනවා.

ඔබ සඳුදා දිනය භුක්ති විඳින කුඩා දින චර්යාවක් සාදන්න

සඳුදා දිනයට ඔබේ සිතට සතුටක් ගෙන දෙන  විනෝදජනක දෙයක් එකතු කිරීමෙන් දවස තුළදී ඔබට දැනෙන පීඩාකාරී බව තරමක් දුරට හෝ අඩු කළ හැකියි.

ඔබ ප්‍රිය කරන ආකාරයේ කෝපි කෝප්පයක් මිලදී ගැනීම

විවේක කාලයන් හීදී අභිප්‍රේරණයක් දැනෙන වීඩියෝවක් නැරඹීම

සවස් කාලයේදී ඇවිදීම 

රැකියා වේලාවෙන් පසුව ස්වයං රැකවරණ වේලාවක් ගත කිරීම 

මෙවැනි කුඩා පියවරයන් ඔබට ධනාත්මක හැඟීම් ලබා දෙනවා.

එය වැදගත් වන්නේ ඇයි?

ප්‍රීතිමත් දින චර්යාවන් ආතතිය අඩු කරන අතර දුෂ්කර දිනයන් වලදී පවා වඩාත් සමබර බවක් ලබා දෙනවා

ඔබේ සතිය කල්තියා සංවිධානය කරන්න

අවුල් සහගත කාලසටහනක් සහ දින චර්යාවක් බොහෝ විට ආතතියට සහ අභිප්‍රේරණය නොමැතිකමට හේතු වනවා. එම නිසා සඳුදා උදෑසන හෝ ඉරිදා රාත්‍රියේ ඔබේ සතිය සැලසුම් කිරීමට මිනිත්තු කිහිපයක් ගත කරන්න.එම නිසා සතිය තුළදී ඔබට නියමිතව ඇති,

වැදගත් කාර්යයන්

රැස්වීම් හෝ පන්ති

විශේෂ දින

පෞද්ගලික ඉලක්ක

ස්වයං රැකවරණ කාලය

ලියා තබන්න. සැලසුම් කිරීම ඔබට අවසාන මොහොතේ ඇතිවන පීඩනය වළක්වා ගැනීමට සහ කාල කළමනාකරණය වැඩි දියුණු කිරීමට උපකාරී වනවා.

එය වැදගත් වන්නේ ඇයි?

සංවිධානාත්මක වීම මානසික පැහැදිලි බවක් ඇති කරන අතර එළඹෙන සතියට  විශ්වාසයෙන් ප්‍රවේශ වීමට ඔබට ඉඩ සලසනවා.

පරිපූර්ණත්වය කෙරෙහි නොව ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන්න

බොහෝ අය සෑම දෙයක්ම පරිපූර්ණ ලෙස කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන නිසා අභිප්‍රේරණය අහිමි කර ගන්නවා . නමුත් ඇත්ත වශයෙන්ම වර්ධනය සිදුවන්නේ කුඩා හා ස්ථාවර ප්‍රගතියක් හරහායි.

ඔබේ සඳුදා ආරම්භයේ සිටම ඵලදායී නොවුනත්, එයින් ඔබේ සම්පූර්ණ සතියම ඵලදායින් නොවන බව අදහස් වන්නේ නැහැ.

එක් දුෂ්කර දිනයක් ඔබේ සතිය නිර්වචනය නොකරන බව,

විවේකය ද ඵලදායිතාවයේ කොටසක් බව,

කුඩා ජයග්‍රහණ පවා වැදගත් වන බව,

මතක තබා ගන්න.

 එය වැදගත් වන්නේ ඇයි?

ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරන මානසිකත්වයක් පීඩනය අඩු කරන අතර දිගුකාලීන අනුකූලතාවය සඳහා ඔබව දිරිමත් කරවනවා. 

ධනාත්මක ශක්තියෙන් ඔබව වට කර ගන්න

ඔබ වටා සිටින පුද්ගලයින් සහ අන්තර්ගතය ඔබේ අභිප්‍රේරණයට ඍජුවම බලපෑම් එල්ල කරනවා. එම නිසා විශේෂයෙන්ම සඳුදා දිනවල, ධනාත්මක ශක්තියෙන් ඔබව වට කර ගැනීමට උත්සාහ කරන්න.

ඔබට සහයෝගය දක්වන මිතුරන් 

ඔබට අභිප්‍රේරණයක් ගෙන දෙන ලිපි සහ පොත්

අභිප්‍රේරණයක් ගෙන දෙන පොඩ්කාස්ට්

සාමකාමී සංගීතයන්

වැනි දේවල් සඳහා යොමු වන්න. ඔබේ ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ඔබේ මානසික අවකාශය ආරක්ෂා කිරීම වැදගත් වන අතර විශේෂයෙන්ම එම සාමකාමී බව සතිය ආරම්භයේදීම ආරක්ෂා ගැනීමද වැදගත් වෙනවා.

එය වැදගත් වන්නේ ඇයි?

ධනාත්මක පරිසරයන් චිත්තවේගීය යහපැවැත්ම වැඩි දියුණු කරන අතර අභිප්‍රේරණය පවත්වා ගැනීමට උපකාරී වනවා.

කෘතඥතාවයෙන් සඳුදා අවසන් කරන්න

දවස කාර්යබහුල හෝ ආතති සහගත වුවද, දවස පිළිබඳ එක් හොඳ දෙයක් හෝ අගය කිරීමට රාත්‍රියේ දී මිනිත්තු කිහිපයක් ගත කරන්න.

ඔබ සම්පූර්ණ කළ කාර්යයක්

කාරුණික සංවාදයක්

සාමකාමී මොහොතක්

ඔබ ඉගෙන ගත් පාඩමක්

ඔබව ශක්තිමත්ව තැබූ කාරණාවක් 

කෙරෙහි කෘතඥතාවය පළ කරන්න.කෘතඥතාව ආතතිය තුලින් ඔබේ අවධානය ඉවත් කර ප්‍රගතිය සහ ධනාත්මක බව දෙසට ඔබව යොමු කිරීමට උපකාරී වනවා.

 එය වැදගත් වන්නේ ඇයි? 

කෘතඥතාව පළ කිරීම චිත්තවේගීය සමතුලිතතාවය වැඩි දියුණු කරන අතර දවස සාමකාමීව අවසන් කිරීමට ඔබට උපකාරී වනවා.

සඳුදා දිනය යනු පීඩාකාරීව ආරම්භ කළ යුතු දවසක් නොවේ. එය නැවුම් ආරම්භයකට, ඔබේ මානසිකත්වය නැවත සකස් කිරීමට සහ ඔබේ ඉලක්ක කරා තවත් පියවරක් තැබීමට ඔබට ලැබෙන නව අවස්ථාවක්.

ඔබේ මුළු ජීවිතයම එක රැයකින් ධනාත්මක දෙසට පරිවර්තනය කිරීමට අවශ්‍ය නොවන නමුත් සරල පුරුදු කිහිපයක් මගින් ඔබේ සම්පූර්ණ සතියම ඵලදායී කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles