මදුරු කරදරයට ගෙදරින් මෙහෙයුමක්

වැස්ස කියන්නෙ අපට ඉතාමත්ම සුපුරුදු අත්දැකීමක්.වසරේ වැඩි කාලයක් වැස්ස ලබන්න තරම් අප වාසනාවන්තයි.නමුත් වැස්ස සමග පැමිණෙන මදුරු උවදුර අපේ වාසනාව අවාසනාවක් කිරීමට සමත් වෙනවා. ඉතින් බුද්ධිමත් මිනිසුන් ලෙස අපට මේගැන මනාව සැලකිලිමත් වීමට සිදුවෙනවා. ඔබ ට මවක, ගෘහනියක, කාන්තාවක ලෙස මේ වෙනුවෙන් මනා දායකත්වයක් ලබා දීමට හැකියාවක් තිබෙනවා.

මදුරුවන් බෝවෙන තැන් මොනවාද ?

ජලය රැඳුනු ඉවත ලන භාජන , ටයර් ආදිය, අවහිර වූ වැහි පිහිලි, වතුර රැස් කරන බැරල් ආදී උපකරණ, පක්ෂි නාන තටාක, භාවිතා නොකරන වැසිකිලි , නාන තටාක , වැසි ආවරණ සහ පොලිතීන්, මල් වාස්..

මදුරුවන් බෝවීම වැලැක්වීමට කළ හැකි දේවල්.

  1. සතියකට වරක් පවුලේ ශ්‍රමදානයක් -සතියකට වරක් නිවාඩු දවසක පැයක් දෙකක් වැය කර වත්ත සහ ඒ අවට පිරිසුදු කරමු.මේ සඳහා පවුලේ සියලු දෙනාටම සහභාගී වෙන්නට පුලුවනි.ඒ වගේම විශේෂ කෑමක් සමග එය පවුලේ විශේෂ දවසක් විදියට සැලසුම් කලොත් සියලුම දෙනා ආසාවෙන් සහභාගි වෙයි.ඉවතලන සැමන් ටින් ආදී ජලය රැඳෙන උපකරණ වැසුම් සහිත බාස්කට් වලට රැස් කරන්න.එය ඔබට අමතර ආදායමක් ද වෙන්න පුලුවන්.
  2. වතුර රැඳෙන පැලෑටි නොතෙමෙන තැන්වල තබන්න.වතුර පසට පමණක් එක්කරන්න.රම්පා වැනි ගස් ඔහේ වැවීමට නොදී තමනට අවශ්‍ය ප්‍රමාණය පමණක් තබා ගන්න.ගස්වල යටි පෙදෙස පැලීමෙන් වතුර රැඳෙන්නේ නැහැ.
  3. නෙලුම් මල් වවන පෝච්චි,පොකුණු ආදියේ මසුන් ඇතිකරන්න.ඔවුන් මදුරු කීටයන් ආහාරයට ගන්නවා.
  4. මදුරු විකර්ශක පැලෑටි වගා කරන්න.
  5. කොල ආදිය දිගුකල් එක තැනක රැස් නොකර ගිනි තබන්න.
  6. නිවසේ සිටින කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මේ ගැන කතා කිරීම වැදගත්.මොකද මේ සියල්ලටම හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා.ඒ වගේම කුඩා දරුවන්ගේ  සමට අහිතකර නොවන මදුරු විකර්ශක  ආලේපයක් වැසි සහිත දිනවල නිවසේදී මෙන්ම පාසැල් යනවිට ආලේප කර යවන්න ට හැකිනම් වඩාත් ආරක්ෂිතයි.
  7. ඩෙoගු රෝගය ආදී රෝග වල පූර්ව ලක්ෂණයන් පිලිබද දරුවන්ව හොඳින් දැනුවත් කර තබන්න.මදුරුවන් හැසිරෙන වේලාවල් ගැන දැනුවත් කරන්න.අවට මදුරු ගහනය වැඩි නම් වේලාසනින් නිවසේ ජනෙල් දොරවල් වසන්න.සවස් කාලයේ එලිමහන් ක්‍රීඩා හෝ ක්‍රියාකාරකම් අවම කරන්න.
  8. අත් කකුල් දිග ඇඳුම් තාවකාලික පිලිමයක් ලෙස සලකන්න පුලුවන්.
  9. දෙහි කොල,ලෙලි ආදිය පුච්චා දුම් නිවසේ අහුමුලු වලට අල්ලන්න.(හුස්ම ගැනීමේ අපහසුව ඇති නොවෙන පරිදි.)

-ඉරේෂා-

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...