අළු හම් සුව කරන්න පුලුවන්ද?

අළුහම් ඇතිවන්නේ ඇයි?

අපි හැමෝගෙම සමේ තිබෙන දිලිර වර්ගයක් ඇතැම් ඇයගේ සම මත වැඩිපුර වැවෙනවා. අළුහම් ඇති වීමට මුලිකම හේතුව මෙයයි.

ඒ වගේම ලේ අපිරිසිඳු වීමත් මෙයට එක් හේතුවක් වෙනවා.

අළුහම් ඇති අයෙකුගේ රෙදි පිළි භාවිතා කිරීම,ඉස්සොරි වලට ප්‍රතිකාර ලබා නොගැනීම සහ රූපලාවන්‍ය නිෂ්පාදන වල ඇති රසායනික වල බලපෑමත් මෙයට හේතුවක්.

සුව කර ගන්නේ කොහොමද ?

  1. වෛද්‍ය උපදෙස් මත අළුහම් සුවවීම සඳහා නිෂ්පාදනය කළ ආලේපන වර්ග මිලදී ගන්න.
  2. වෛද්‍ය උපදෙස් මත දිලීර නාශක බෙහෙත් ලබාගන්න.
  3. ලේ පිරිසිඳු වීම සඳහා බෙහෙත් ලබාගන්න.
  4. ඔබ පාවිච්චි කරන රෙදි පිළි නිතර නිතර විෂබීජ නාශක යොදා ගනිමින් සෝදා ගන්න. ඒවා තද අව්වේ වේලා ගන්න.
  5. උෂ්ණාධික ආහාර ගැනීමෙන් වලකින්න.
  6. කොළ පැහැති එළවලු වැඩිපුර ආහාරයට ගන්න.
  7. දෙහි යුෂ, එල කිරි, කැඳ සහ මුන් ඇට තැම්බූ වතුර නිතිපතා පානය කරන්න.

දේශීය බෙහෙත් ක්‍රම

  • පේර කොළ කොටා අළුහම් මත ආලේප කරන්න. පැයකට පමණ පසු සෝදා හරින්න.
  • ඇත්තෝර කොළ කොටා, එයට දෙහි යුෂ මිශ්‍ර කර අළුහම් මත ආලේප කරන්න. විනාඩි 15කට පසු සෝදා දමන්න.
  • පේර දළු, අමු කහ, එළඟි තෙල් එකට අඹරාගෙන අළුහම් මත ආලේප කරන්න.
  • කහ කුඩු සමඟ තල තෙල් මිශ්‍ර කර අළුහම් මත ආලේප කරන්න.
  • කරවිල කොළ අඹරා අළුහම් මත ආලේප කරන්න.

අළුහම් තවදුරටත් පැතිරීම වළක්වා ගන්නා ක්‍රම.

  1. හිරු එලියට නිරාවරණය වීමට පෙර සන් ක්‍රීම් ආලේප කරන්න.
  2. විටමින් D ලබාගන්න.
  3. ඔබේ ශරීරය වැඩියෙන් ආවරණය වන, තද පැහැති ඇඳුම් අඳින්න. එමඟින් අළුහම් පාලනය වෙනවා.
  4. වෛද්‍ය උපදෙස් මත මල්ටි විටමින් ලබා ගන්න.
  5. මේකප් සහ ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී ඒවා අළුහම් වලට අහිතකරද යන්න සොයා බලන්න.
  6. පෙයාර්ස් සහ බ්ලු බේරී ආහාරයට ගැනීමෙන් වලකින්න. ඒවායේ ඇති එන්සයිම අළුහම් වැඩි කිරීමට හේතු වෙනවා.
  7. බ්ලීචින්ග් සහිත ආලේපන භාවිතා කිරීමෙන් වලකින්න.

 

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles