අපේ සමාජෙ පිරිමි හරි openly sexual දේවල් කතා කරනවනෙ.
ඒක joke එකක් වෙන්න පුළුවන්. යාළුවො අතර කතාවක් වෙන්න පුළුවන්. Group chat එකක දාන message එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට තමන්ගෙ partner එක්ක තමන්ට ඕන දේ ගැන කිසිම filter එකක් නැතුව කතා කරන පිරිමි අපි ඕන තරම් දැකලා තියෙනවා. පිරිමි වෙනුවෙන් වෙන් වෙච්ච ඒ වගේ Topics කතා කරන Chat Groups ද, දැන් කාලෙ සාහිත්යට ආවම පොත් පත් ද ඕන තරං තියෙනවා. Lust Stories වගේ චිත්රපට ඉන්දියාව වගේ රටවල්වලින් පවා එලියට එනවා. එච්චර ඒ වගේ දේවල් ගැන Openly කතා කරත් සමහර තැන්වලදි අපි දකිනවා තාම සමහර ගෑනු මේවා ගැන කතා කරන්න පොඩ්ඩක් අදිමදි කරනවා.
ගෑනියෙක් තමන්ට sex ගැන හිතෙන දේ openly කිව්වොත් අපි තාමත් ඒ ගෑනි දිහා ටිකක් වෙනස් විදිහට බලන සමාජයක තමයි ජීවත් වෙන්නෙ.
“අපෝ එයා නම් කිසිම ලැජ්ජාවක් නැතුව ඒවා ගැන කතා කරනවා නේද?” කියලා අපි සමහර වෙලාවට එහෙම ගෑනු අයව Judge කරනවනෙ.
ඒක තමයි අවුල. ඒ කාන්තාවට ඒ හැඟීම් තියෙන එක නෙමෙයි අපිට පුදුම. ඒවගේ දේවල් කටින් කියන එකයි අපිට පුදුම. ඇත්තටම ඒක පුදුම වෙන්න ඕන කාරණාවක්ද?
ගෑනු ළමයෙක් පොඩි කාලෙ ඉඳන්ම ඉගෙන ගන්නෙ තමන්ගෙ ශරීරය ගැන කතා නොකර ඉන්න. කැමැත්ත ගැන වැඩිය කියන්න එපා. Sexual desire එකක් තියෙනවා කියලා පෙන්නන්න එපා. පිරිමියෙක්ට කැමති වුණත්, “මට ඔයාව ඕන” කියන තැනට කලින් දහපාරක් හිතන්න. ගෑනු තමන්ගෙ desires හංගගෙනයි ජීවත් වෙන්න ඕන. සමහර වෙලාවට අපි හිතනවනෙ ගෑනුන්ට desires, choices තියෙන්න බෑ කියලාත්. Thank god දැන් නම් ඒවයින් අපි ටිකක් හරි ඉස්සරහට ඇවිත් තියෙනවා.
ගෑනියෙක්ට ආදරේ කරන්න පුළුවන්. ඒත් desires තියෙන්න පුළුවන්ද කියන එක අපි සමාජයක් විදියට සමහර වෙලාවට කල්පනා කරනවා. ගෑනු හරි ලස්සනට ආදරේ ගැන කතා කරනවා. ආදරේ ගැන හරි රහට ලියනවා, කියනවා. හැබැයි ඊට එහා ගියපු මාතෘකා ළඟදි කට වහගන්නවා.
ඒක තාමත් අපිට ටිකක් uncomfortable. හුරුපුරුදු නැති දෙයක් වගේ. හිතෙන් හිතුවට කටෙන් කියන්නෙ නෑ වගේ සීන් එකක් ඇත්තටම තියෙන්නෙ.
ඒ නිසා relationship එකකට ගියාට පස්සෙත් ගොඩක් ගෑනු අය තමන්ට ඇත්තටම මොනවද ඕන කියලා partnerට කියන්නෙ නෑ. තමන් කැමති දේ කියන්න ලැජ්ජයි. කැමති නැති දේ කියන්නත් ලැජ්ජයි. සමහර දේවල් try කරන්න ආස වුණත් ඒක කියලා තමන් ගැන වැරදි impression එකක් Partner ගෙ ඔලුවට යයිද කියලා බයයි. ඊටත් වඩා මේ කාන්තාවො බය පිරිමි අය අහවිද කියලා “ඒකට ආස වෙන්න තමුන් මීට කලින් ඒක ට්රයි කරලා තියෙනවද?” කියන එක. එහෙම නැත්තම් “තමුසෙ කලින් කවුරු එක්කද ඕවා කරේ?” කියලා අහගන්න වෙයි කියන එක.
ඒත් මෙතන මට හිතෙන ලොකුම ප්රශ්නයක් තියෙනවා.
අපි relationship එකක් ඇතුළේ එයා මට අවංක වෙයි කියලා බලාපොරොත්තු වෙනවනෙ. එයා මට cheat කරන එකක් නෑ, බොරුවක් කියන එකක් නෑ, ඇත්ත හැමතිස්සෙම කියාවි කියලා. හැබැයි sexual honesty ගැන කතා කරන්න අපි තාමත් බයයි.
“ඔයා මට ආදරෙයිද?”
“ඔයාට මාව තාමත් attractive ද?”
“Are we good?” වගේ ප්රශ්න අහන්න අපිට පුළුවන්.
හැබැයි,
“ඔයා එක්ක මං ඉන්න ආස මෙන්න මෙහෙම”
“මට මෙහෙම fantasy එකක් තියෙනවා”
“මේක මට comfortable නැහැ”
“මට තව closeness ඕන”
“මට මේ ගැන කතා කරන්න ඕන”
මේ වගේ දේවල් කියන්න ගියාම හදිස්සියේම පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.
ඇත්තටම බැලුවොත්, තමන්ගෙ partner එක්ක තමන්ගෙ sexual needs ගැන කතා කරන්න බැරි relationship එකක් කොච්චර emotionally close වුණත් පොඩි darkness එකක් එතන තියෙනවා. පොඩි හැංගිච්ච කවුළුවක් එතන තියෙනවා. හරියට අර Narnia එකේ වහපු කබඩ් එකෙන් එහා පැත්තෙ වෙනම ලෝකයක් තිබුණා වගේ. ඒ Silence එක කාලයත් එක්ක හෙමින් හෙමින් ලොකු වෙන්න පුළුවන්. ගෑනු හරි දක්ශයි දේවල් හංගන් ඉන්න. මේ කතා කරන ටොපික් එකත් අන්න එහෙම එකක්.
මුලින්ම “කියන්න ලැජ්ජයි” කියලා හිතනවා.
ඊට පස්සෙ “එයාට තේරෙයිනෙ” කියලා හිතනවා.
ඊටත් පස්සෙ “එයාට ඕන දේ මට තේරෙන්නෙත් නැහැ, මට ඕන දේ එයාට තේරෙන්නෙ නැහැ” කියලා හිතනවා.
අන්තිමට එකම relationship එක ඇතුළේ ඉන්න දෙන්නෙක් එකිනෙකාට ආදරෙන් ඉන්නවා, එකට ජීවත් වෙනවා, එකිනෙකා ගැන care කරනවා, හැබැයි එකිනෙකාගෙ ආසාවල් ගැන දන්නෙ නැහැ.
“අපි ඒව ඉවසගෙන ඉන්නවා. ආදරේ කියන්නෙ ඒව දරාගෙන ඉන්න එක තමයි” කියලා sugarcoat කරන්න හිතුවට මෙතන ඇත්තටම ලොකු අවුලක් තියෙනවා. මොකද sex කියන්නෙ relationship එකක වෙනම තියෙන, වසා තැබිය යුතු drawer එකක් නෙමෙයි. ඒකත් communication එකේම කොටසක්.
ආදරේ කියන්නෙ “මං ඔයාට ආදරෙයි” කියන එක විතරක් නෙමෙයි.
සමහර වෙලාවට, “ඔයා ළඟ ඉද්දි මට මෙන්න මෙහෙම feelings එනවා” කියලා කියන්න පුළුවන් වීමත් ආදරේ. ඒ වගේම තමන්ට ඕන දේ කියන්න පුළුවන් වීමත්, තමන්ට ඕන නැති දේ “නැහැ” කියන්න පුළුවන් වීමත්, අනිත් කෙනාගේ “No” එක අහලා ඒකෙන් තමන්ගෙ Ego එක Hurt කරගන්නෙ නැතුව ඉන්න එකත් ආදරේම තමයි.
ඒ හැමදේම intimacy එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. ඒ නිසා සමහරවිට අපි relationship ගැන කතා කරන විදිහ ටිකක් වෙනස් කරගන්න වෙනවා. මොකද ඔය ආදරේටම විතරක් බෑ මේ Modern Relationships පරිස්සං කරන්න. දෙන්නෙක් එකිනෙකාට ආදරේ කළාට, එකිනෙකාට sexual attraction එක තියෙනවද, තමන්ගෙ sexual needs ගැන කතා කරන්න පුළුවන්ද, එකිනෙකාට මොන දේවල් comfortable ද, මොන දේවල් comfortable නැද්ද කියලා openly කියන්න පුළුවන්ද කියන දේවල් ගැනත් relationship එකක කතා කරන්න ඕන. මොකද sex කියන්නෙ relationship එකක අමතර දෙයක් නෙමෙයි. ඒකත් දෙන්නෙක් අතර තියෙන intimacy එකේ කොටසක්. ඒ ගැන කතා නොකරන තරමට, තමන්ට ඕන දේ හංගන තරමට, “එයාට තේරෙයිනෙ” කියලා හිතන තරමට, දෙන්නෙක් අතර physical distance එකකට වඩා ලොකු emotional distance එකක් හැදෙන්න පුළුවන්. ආදරේ තිබුණා කියලා ඒ හිස්තැන හැමදාම පිරෙන්නෙ නැහැ. සමහරවිට relationship එකක් පරිස්සම් කරන්න නම් “මං ඔයාට ආදරෙයි” කියන එකට අමතරව “මට ඔයා තාමත් ඕන”, “මට මේක ගැන ඔයා එක්ක කතා කරන්න පුළුවන්”, “මට මොනවද දැනෙන්නෙ කියලා ඔයාට කියන්න මට ලැජ්ජා නෑ” කියන තැනටත් දෙන්නෙක් එන්න ඕන.
ඔය දෙන්න සමහරවෙලාවට ඔය දෙන්නට Cheat කරගන්නෙ ඒකට පිට මිනිස්සු එක්කහු කරගෙන නෙවෙයි, ඔය දෙන්නගෙ ඇත්ත desires, feelings එකිනෙකාට අවංකව communicate කරගන්නෙ නැති එකෙන්. ඒ අවංකකමට ආදරේ ගැන විතරක් නෙමෙයි, desires ගැනත් ඉඩක් තියෙන්න ඕන.
ගොඩක් වෙලාවට ගෑනු අය තමන්ගෙ ආසාවල් හංගගෙන ඉන්නවා. තමන්ට මොනවද ඕන, මොනවටද කැමති, මොනවද තමන්ව excite කරන්නෙ කියලා partner එක්කවත් හරියට කියන්නෙ නැති ගෑනු ඕන තරම් ඉන්නවා. ඒකට හේතුව සමහරවිට තමන් ගැනම තියෙන ලැජ්ජාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් “මේක කිව්වොත් එයා මං ගැන වෙනස් විදිහට හිතයිද?” කියන බයක් වෙන්න පුළුවන්. මොකද ගෑනියෙක්ට තමන්ගෙ desire එක openly කියන එක තාමත් අපේ සමාජෙ normalize වෙලා නෑ. හැබැයි ගෑනුන්ටත් ආසාවල් තියෙනවා. ඒක ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක කියන්න පුළුවන් වීමත්, අහන්න පුළුවන් වීමත්, ඒ ගැන දෙන්නෙක්ට judgement එකක් නැතුව කතා කරන්න පුළුවන් වීමත් සමහරවිට හොඳ relationship එකක තියෙන ලොකුම intimacy එකක්.
ඒ හින්දා ගෑනු විදියට ඒක කියන්න ලැජ්ජ වෙන්න එපා.
පිරිමි විදියට ඒක අහන්න බය වෙන්නත් එපා.











