වේගවත් සහ කාර්යබහුල ලෝකයේ පුද්ගලයකුට දිනපොතක් ලිවීම හෝ තමා විසින් ගෙවූ දවස කෙරෙහි නැවත හැරී බැලීමක් සිදුකිරීමට කාල වේලාවක් ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. නමුත් අතිශය වෙහෙසකාරී දිනයක පවා ඔබේ දවස දෙස නැවත හැරී බැලීමට, එයට ස්තූතිවන්ත වීමට , ඔබෙන් සිදුවන ලද අඩුපාඩු පිළිබඳව මොහොතක් සිතා බැලීමට කාලයක් වෙන් කිරීම සහ ඒ වෙනුවෙන් නිහඬ මොහොතක් ගත කිරීම ඔබේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිකර ගැනීමට ඔබට පුලුවන්.
මේ වන විට වයස් භේදයකින් තොරව ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය පුරුද්දක් ලෙස මේ ජර්නල් කිරීම හඳුන්වන්නට පුළුවන්. එය ඔබේ මනස තේරුම් ගැනීමට, ඔබේ හැඟීම් නැවත සකසා ගැනීමට සහ ඔබේ පුද්ගලික වර්ධනය නිරීක්ෂණය කිරීමට සරල, නමුත් අතිශයින් බලවත් ක්‍රමයක්.
ජර්නල් කිරීම යනු ඔබේ දවස දිනපොතක් මත ලිවීමට වඩා වැඩි කාරණාවක් වන අතර එය ඔබේ සිතුවිලි, සිහින සහ හැඟීම් නිදහසේ ප්‍රකාශ කළ හැකි පුද්ගලික අවකාශයකි. සමහර අය එය ඔවුන්ගේ ඉලක්ක සැලසුම් කිරීමට භාවිතා කරන අතර තවත් අය තම හැඟීම් පිළිබඳව මෙනෙහි කිරීමට භාවිතා කරයි. තවත් බොහෝ දෙනා එය නිර්මාණාත්මක අවකාශයක් ලෙස ද භාවිතා කරන්නේ ජර්නල් කිරීමට හරි හෝ වැරදි ක්‍රමයක් නොමැති බැවිනි.මෙහිදී වඩාත්ම වැදගත් කාරණාව වන්නේ එය ඔබට ඔබ සමඟ සම්බන්ධ වීමට උපකාර කිරීමයි.
ඔබ ජර්නල් කිරීම ආරම්භ කළ යුත්තේ ඇයි ?
සිතුවිලිවල පැහැදිලි බව
ජීවිතය අධික කාර්යබහුල විය හැකි අතර, ඔබේ සිතුවිලි බොහෝ විට නොසන්සුන්ව පවතියි. ඒවා ලිවීම මගින් ඔබේ අදහස් සංවිධානය කර ගැනීමට සහ දේවල් දෙස පැහැදිලි දෘෂ්ටිකෝණයකින් දැකීමට ඔබට උපකාරී වනවා. ඒ වගේම සරල වාක්‍ය කිහිපයකින් පවා ඔබට පුදුම සහගත පැහැදිලි බවක් ගෙන දිමේ හැකියාව මේ ජර්නල් කිරීම සතුව පවතිනවා.
චිත්තවේගීය සුව කිරීම
විනිශ්චයකින් තොරව හැඟීම් ප්‍රකාශ කිරීමට ජර්නල් කිරීම ඔබට ආරක්ෂිත ඉඩක් ලබා දෙන අතර ආතතිය, දුක, සතුට වැනි ඕනෑම ආකාරයක හැඟීමක් ජර්නලයක සටහන් කිරීමෙන් ඔබ තුළ ඇති මානසික පීඩනය සමනය කර ඔබේ චිත්තවේගීය යහපැවැත්ම වැඩි දියුණු කළ හැකියි.
ඔබේ වර්ධනය නිරීක්ෂණය කිරීම
පැරණි ජර්නල් සටහන් දෙස ආපසු හැරී බැලීමෙන් ඔබට ඔබ කොතරම් දුරක් පැමිණ ඇති දැයි නිරික්ෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා . ඔබේ සිතුවිලි, පුරුදු, මානසිකත්වයේ වෙනස්කම් සහ ඔබේ පුද්ගලික වර්ධනය පිළිබඳ සාක්ෂිය ඔබටම කාලයත් සමඟ ඔබේ ජර්නලය හරහාම ඔබට දැක ගත හැකියි
නිර්මාණශීලිත්වය වැඩි කිරීම
බොහෝ ලේඛකයින්, කලාකරුවන් සහ නවෝත්පාදකයින් ජර්නලය නිර්මාණාත්මක මෙවලමක් ලෙස භාවිතා කරනවා. සරල ඩූඩ්ල්, කටු සටහන් හෝ නිර්මාණාත්මක දෑ අඩංගු සටහන් විශාල ව්‍යාපෘති සඳහා අදහස් ඇති කරනවා මෙන්ම පුද්ගලයන් තුළ ඇති නිර්මාණශීලී බවද නිරායාසයෙන්ම වැඩි කරනවා.
සිහිකල්පනාව සහ කෘතඥතාව
දිනපතා ජර්නලයක ලිවීමෙන් පුද්ගලයන්ගේ සිහිකල්පනාව වර්ධනය වීම සිදු වනවා. වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු කිරීම, කුඩා ප්‍රීතිමත් අවස්ථා නිරීක්ෂණය කිරීම සහ ඒවාට කෘතඥ වීම සඳහා ඔබ හුරුවන අතර,ඔබ කෘතඥ වන දේ පිළිබඳව නිරන්තරයෙන් ජර්නල් කිරීම ඔබේ මානසිකත්වය ධනාත්මකභාවය දෙසට මාරු කිරීමද සිදුවනවා .
ජර්නල් කිරීම ආරම්භ කරන්නේ කොහොමද?
ජර්නල් කිරීම ආරම්භ කිරීම සංකීර්ණ විය යුතු නැත. එය සරල ප්රවේශයන් කිහිපයක් ඔස්සේ ඔබ ආරම්භ කල හැකියි.
දෛනික පරාවර්තනය
ඔබේ දවස, ඔබ අත්විඳි දේ සහ එය ඔබට හැඟුණු ආකාරය ගැන ලියන්න.
කෘතඥතාවය
ඔබ සෑම දිනකම කෘතඥ වන දේවල් කිහිපයක් ලැයිස්තු ගත කරන්න.
පිළිතුරු ජර්නලය
” අද මම ආඩම්බර වන්නේ කුමක් ගැනද?” හෝ “අද මට අභියෝග කළේ කුමක්ද?” වැනි ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න
නිර්මාණාත්මක ජර්නලය
වඩාත් දෘශ්‍ය හා ප්‍රකාශන අත්දැකීමක් සඳහා චිත්‍ර, උපුටා දැක්වීම් හෝ කවි සමඟ ජර්නල් කිරීම
බලාපොරොත්තු ජර්නලය
ඔබ ඉදිරි සතියේදී ,ඉදිරි මාසයේදී ,ගෙවී යන අවුරුද්ද තුළදී ඔබේ ජීවිතයේ සිදු කර ගැනීමට බලාපොරොත්තු වන වෙනස්කම් ,අරමුණු සහ ඉලක්ක පිළිබඳව දිනපතා ලිවීම
ජර්නල් කිරීම පුරුද්දක් කර ගන්නේ කොහොමද ?
කුඩා ඉලක්කයක් තබා ගන්න
ජර්නල් කිරීම ආරම්භ කිරීමට දිනකට මිනිත්තු 5 ක් පවා ප්‍රමාණවත්. මේ සඳහා ඔබට අලුයම් කාලය හෝ රාත්‍රී කාලය වුවත් තෝරා ගත හැකියි.
ඔබේ ජර්නලය පෙනෙන මානයේ තබන්න
ඔබ ඔබේ ජර්නලය ඔබේ ඇඳ අසල ,මේසයක් මත හෝ ඔබ එය බොහෝ විට දකින තැනක තබන්න. මේ මගින් ඔබට ජර්නල් කිරීම පිළිබඳව සිහි ගන්වනු ලබනවා.
පරිපූර්ණත්වය ගැන කරදර නොවන්න
ඔබේ ජර්නලය තිබෙනේ ඔබ සඳහායි. එය පිළිවෙලට, ව්‍යාකරණමය වශයෙන් පරිපූර්ණ හෝ වෙනත් කිසිවෙකුට ආකර්ෂණීය වීමට අවශ්‍ය නොවන අතර එය ඔබේ සිතිවිලි සහ හැඟීම් සටහන් කරන නිදහස් අවකාශයක් විය යුතුය.
අවංක වන්න
ඔබේ ජර්නලය මත ඔබ නිදහසේ සහ විවෘතව ලියන්න. ඔබ වඩාත් අව්‍යාජ වන තරමට, ඔබේ ජර්නලය වඩාත් ප්‍රයෝජනවත් සහ ප්‍රතිඵල ගෙන දෙන්නක් බවට පත් වනවා.
දිගුකාලීන ප්රතිලාභ
දිනපතා ජර්නල් කිරිම සඳහා පුරුද්දක් තබා ගැනීමෙන් ආතතිය අඩු කර ගැනීමට, ස්වයං දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට සහ මානසික පැහැදිලිකම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. එය ඔබට අත්දැකීම් සැකසීමට, ඔබේ හැඟීම් තේරුම් ගැනීමට සහ අභියෝගවලට විසඳුම් සොයා ගැනීමට ද උපකාරී වෙනවා වගේම කාලයත් සමඟ, ඔබේ ජර්නලය සටහන් පොතකට වඩා වැඩි යමක් බවට පත් වෙනවා. ඒ වගේම එය, ඔබේ ගමන, ඔබේ වර්ධනය සහ ඔබේ අභ්‍යන්තර ලෝකය පිළිබිඹු කරන කැඩපතක් බවට ද පත් වෙනවා.
ජර්නල් කිරීම යනු විශාල ප්‍රතිඵල ඔබට ලබා දෙන කුඩා පුරුද්දකි. එයට මිල අධික මෙවලම්, පැය ගණනක් නිදහස් කාලය හෝ විශේෂ කුසලතාවක් අවශ්‍ය වන්නේ නැහැ . එයට අවශ්‍ය වන්නේ ඔබේ දවසේ මිනිත්තු කිහිපයක් සහ ඔබට ඔබ සමඟ සම්බන්ධ වීමට ඇති කැමැත්ත පමණයි. ඔබට පැහැදිලිකම, නිර්මාණශීලිත්වය, චිත්තවේගීය සහනය හෝ පුද්ගලික වර්ධනය අවශ්‍ය නම් මේ ජර්නල් කිරීමේ පුරුද්ද ඉතා හොඳ තේරීමක් වන අතර එය ඔබේ ජීවිතය ධනාත්මක මගකට පරිවර්තනය කරන සරල සහ අතිශය බලවත් ක්‍රමයක්.











