නව වසර ප්ලෑන් කරන්න smart tips

1. ඉලක්ක තෝරා ගන්න.

මං මේක කරන්නේ මෙන්න මෙහෙමයි .කොළයක් පෑනක් අරං හරි නෝට්පෑඩ් එකේ හරි ලබන අවුරුද්දේ ඔබට අත්පත් කර ගත යුතු ජයග්‍රහණ සියල්ලම ලියා ගන්න.දැන් එකින් එක පිළිවෙලට ඒවා වර්ග කර ගන්න .නිම කරන කාලය පිළිබඳ සටහනක් දමා ගන්න .ඒ විතරක් නෙවෙයි ඔබට නිතර පෙනෙන තැනකින් ඒවා තබා ගන්නත් අමතක කරන්න එපා .

2. ඔබගේ ජීවිතයේ සියලුම පැති ආවරණය වන ලෙස ඉලක්ක සකසා ගන්න .

උදාහරණයක් විදිහට සම්බන්ධතා ,පවුල,සෞඛ්‍ය, ආර්ථිකය ආධ්‍යාත්මික පැත්ත මේ සියල්ල ආවරණය වන ලෙස ඉලක්ක තෝරා ගන්නට අමතක කරන්න එපා.

3.දීර්ඝකාලීන සැලසුම්

සාමාන්‍යයෙන් මේවා වසරක් තුළ අත්පත් කර ගත නොහැකි ඒවා නමුත් වසරක් තුළ ඒ වෙනුවෙන් ඔබට කළ හැකි වැඩ කටයුතු රාශියක් තියෙනවා ඒ නිසා ඔබේ ඉලක්ක අතර මේ ඉලක්ක අනිවාරයෙන් හඳුනා ගත යුතුයි .එම ඉලක්කය වෙත ළඟාවීම සඳහා ලබන වසරේ ඔබ කළ යුතු කාර්යයන් සියල්ල පිළිවෙලින් සැලසුම් කර ගන්න.

4. ඔබට තෑගී ලබා දෙන්න

මේ ඉලක්ක එකින් එක අත්පත් කරගත් පසු ඔබ ඔබට ලබා දෙන ත්‍යාග පවා සැලසුම් කරන්න . ඒවා  ඒ සඳහා ඔබ  කැමතිම දේවල් තෝරා ගන්නට අමතක කරන්න එපා.

5. බාහිරින් උදව් ලබා ගන්න.

ඔබේ පවුලේ අය ඔබේ සැලසුම් ගැන කිසි ම දෙයක් නොදන්නවා නම් මේ ඉලක්ක වෙත ළඟා වීම ඔබට තරමක් අසීරු වෙන්නට පුළුවන් .ඒ නිසා ඔබේ සමීපතමයන්ගෙන් ඒ සඳහා දිරි ගැන්වීම් ලබා ගන්න.එය එසේ සිදු වන්නේ නැත්නම් ඒ ගැන කලබල විය යුතු නැහැ.ඔබේ ගමන ඔබට යා හැකියි

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -17

ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට...

ශරදාකාසේ -31

එසඳි සිටියේ සතුටෙනි. පීසා කෑමෙන් පසු ඇය ට ළමා උද්‍යානයට යාමට අවැසි යයි කීවා ය. සාමාන්‍යයෙන් ඇය මුරණ්ඩු දරුවෙකු නොවේ. නමුත් ශරදාකාසයෙන්...

හිමගිරි අරණ -16

"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ...

සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි...

ශරදාකාසේ -30

පවුලක් බිඳී යාම යනු  නීත්‍යානුකූල වූ බැඳීම් ලිහී යාමක් ම නොවේ. එහිදී ශරීරයක සියලු සෛල වල බිඳී යාමක් සිදු වේ. සිතක ක්ෂුද්‍ර...