වියළි සමට නිවසේදීම ප්‍රතිකාර..

පැහැපත් දිදුලන සමගින් කාන්තාවකට ලැබෙන්නේ ඉතාමත් සුන්දර පෙනුමක් .ඒ වගේම පැහැපත් නිරෝගී සමක් කියන්නේ අද බොහෝ කාන්තාවකගේ සිහින බවට පත් වෙලා තියෙනවා .අනවශ්‍ය තරම් කෘතිම සංයෝග වලින් යුතු ක්‍රීම් වර්ග ආලේප කිරීමත් ,කෘතීම ආහාර පානත් එයට හේතු වන්නට පුළුවන් .ඉතින් මේ සත්කාරයන් ඔබට දිදුලන සුන්දර සමක් ලබා දේවි .

  • උණු වතුර නෑමෙන් වැළකී සිටින්න  .
  • සබන් ,ෆේස් වොශ් ආදිය තෝරා ගැනීමේදී ගැනීමේ දී තමන්ගේ සමට වඩාත් සුදුසු දැයි හොඳින් බලන්න
  • සමබල ආහාරයක් ලබා ගන්න .
  • සිරුරේ අනවශ්‍ය කැලරි දහනය කර ගන්න .
  • අවම වශයෙන් දිනකට ජලය වීදුරු  හතක් හෝ අටක්  පානය කරන්න .
  • මී පැණි, කෝමාරිකා ,කිරි, පිපිඤ්ඤා වැනි දෑ නිතර ආලේප කරන්න
  • මී පැණි  සහ කෝමාරිකා ඉතාමත් හොඳ මොයිස්චරයිස එකක් ලෙස ක්‍රියා කරනවා
  • නැවුම් කිරි බීමට ගන්නා විට මේස හැඳි දෙකක් පමණ ගැන ගෙන සිරුරේ ආලේප කරන්නට පුළුවන් .
  • කිරි, පිපිඤ්ඤා සමඟ  මිශ්‍ර කර එයට වියළි කහ කැබැල්ලක් උරච්චි කර දමා එම මිශ්‍රණය ආලේප කිරීමෙන් සම වියළීම වළක්වනවා .
  • නෑමට පෙර වර්ජින් කොකනට් ඔයිල් ආලේප කර සම සම්බාහනය කරන්න.

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content