කෙට්ටුවෙන්න ආසනම් ඇතිවෙන්න කන්න

කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි. ඉතින් අප කලින් ලිපියකදීත් කතාකළ පරිදි කෙට්ටු වෙන්න යන බොහෝ දෙනෙකුට උරුම වන්නේ පෝෂණ ඌනතා සහ ලෙඩ දුක් වලින් පිරුණු කරදරකාර ජිවිතයක්. ඒ ආහාර පාලනය නිසා.

උදේට රජෙක් වගේ කන්න කියලා අපේ පැරණි කියමනකුත් තියෙනවා. ඒක ඇත්ත බව තහවුරු කරන, ස්ථුලතාවයට වැට බඳින තොරතුරක් ගැනයි අප මේ කතා කරන්න යන්නේ.

මේ අධ්‍යනය සිදුකල පෝෂණ වේදීන් පවසන්නේ සහමුලින්ම වෙනස් කතාවක්. ඔවුන් කියන්නේ හොඳට කන්න කියලා. උදෑසන ආහාරය සඳහා ප්‍රෝටීන් බහුල කෑම වේලක් ලබා ගතහොත් ඕනෑවටත් වඩා ආහාර ගැනීමේ පුරුද්ද මග හරවා ගත හැකි බව ඔවුන් පවසනවා. ප්‍රධාන ආහාර වේල් අතරතුරදී බොහෝ අමතර ආහාර වේල් ගැනීම බොහෝ අයගේ නරක පුරුද්දක්. ස්ථුලතාවයට සහ දියවැඩියාවට එය ප්‍රධාන හේතුවක් වනවා. නමුත් ප්‍රෝටීන බහුල දෙයක් ආහාරයට ගැනීමෙන් මේ තත්වය සමනය කල හැකි වනවා.

ඉතින් ප්‍රෝටීන් සහිත ආහාර මොනවද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. කිරි, බිත්තර, පරිප්පු, සෝයා, බෝංචි, වියලි ධාන්‍ය, යෝගට්, චීස් වගේ කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස් මාලු, රටකජු වගේ එදිනෙදා ජීවිතයේ අපට හමුවන ප්‍රෝටීන් බහුල ආහාර වලින් ඔබේ උදේ ආහාරවේල පොහොසත් කරගන්න අමතක කරන්න එපා. මේ ලිස්ට් එක පොඩියි. අන්තර්ජාලය භාවිතා කලොත් මීට වඩා ලොකු ලිස්ට් එකක් හදා ගන්න ඔබට පුළුවන් වේවි.

පෝෂණ විද්‍යාඥයන් මෙහෙම කියන්නේ නිකම්ම නෙමෙයි. පර්යේෂණ සහ අධ්‍යනයන් වල ප්‍රතිපලයක් ලෙසට. ඒ නිසා ප්‍රෝටීන බහුල උදය ආහාරයක් ඔබේ සෞඛ්‍ය තත්ත්වය විතරක් නෙමේ පෙනුමත් සහමුලින්ම වෙනස් කරාවි.

– චම්මි –

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...