පුංචි සුරතලාට විනෝදය වගේම දැනුම ගෙනෙන අලුත් සෙල්ලම් එකතුවක් (1වන කොටස)

දරුවන්ට කොපමණ සෙල්ලම් කලත් මදි. සමහරවිට අපි හැමදාම ඔවුන් සමඟ කරන්නේ එකම සෙල්ලම වියහැකියි. ඒ වගේම අතිශය කාර්ය බහුල ජිවිතයක් ගෙවන ඔබට අලුත් සෙල්ලම් නිර්මාණය කිරීම හෝ ඒවා ගැන සොයා බැලීම අපහසු බව අප දන්නවා.

ඉතින් ඒ අඩුව පුරවමින් අද සිට ඇරඹෙන ”සෙල්ලම් කරමු” විශේෂාන්ගයෙන් අප අදහස් කරන්නේ ඔබට දරුවා සමඟ කල හැකි, හෝ ඔවුනට තනිව විනෝද විය හැකි සෙල්ලම් විධි ක්‍රම ගැන හඳුන්වා දීමටයි.

මේස් රූකඩ

පරණ මේස් ටිකක් හොයා ගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමේ. ෆැබ්රික් පේන්ට් ටිකකුයි බ්‍රෂ් එකකුයිත් ලංකර ගන්න. ඔන්න දැන් අපට පුළුවන් මේස් පපට් හදන්න. ඔබේ දරුවා කැමති චරිත තෝරා ගැනීමට ඔවුනට ඉඩ දෙන්න. එහෙම නැත්නම් ඔබ සියලු දෙනා එක්ව නිර්මාණය කල කතාවක් හෝ ප්‍රියතම කතා පොතකින් ගත් කතාවක් වෙන්නත් පුළුවන්, දැන් මේස් මත අදාළ මුහුණු නිර්මාණය කරන්න. අතට දමාගෙන අදාල චරිත රඟ දක්වන්න.

අමුතු ඇඳුම්

දරුවන් හරිම ආසයි විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙන්න. ඉතින් ගෙදර තියෙන පරන තොප්පි, ඇටමාල, සපත්තු, හෑන්ඩ් බෑග්, ඇඳුම් වගේ දේවල් ටිකක් හොයාගන්න. කැමතිනම් දරුවන් සමඟ ඔබත් මේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසෙන්න. මේ ඇඳුම් පැළඳුම් වල දරුවන්ගේ බෙල්ලේ හිරවෙන දේවල් නොමැති බවට හොඳින් පරික්ශාකරලා බලන්නත් මතක තියාගන්න. ඕනනම් පරණ පෙට්ටි ටිකකින් වෙස් මුහුණු ටිකකුත් කපා ගන්න පුළුවන්.

පුංචි කතාවක් හෝ ගීතයක් රඟ දැක්වෙන අතරේ ලස්සන ෆොටෝ එකක් ගන්නත් අමතක කරන්න එපා.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles