කියවන්න පොතක් – The Alchemist

හුළඟට වැලි කඳුවල හැඩේ වෙනස් වෙනවා. ඒත් කාන්තාරේ වෙනස් වෙන්නේ නෑ.එකිනෙකා ගැන අපේ තියෙන ආදරෙත් අන්න ඒ වගෙයි. “

“The Alchemist” කෘතිය රචනා වන්නේ පාවුලෝ කොයියෝ නම් විශිෂ්ට රචකයා අතින්. ඔබට උද්‍යෝගයේ භාෂාව රස විඳින්නට අවැසි නම් මේ කෘතිය කියවිය යුතුම බව විචාරක අදහසයි.

කොයියෝ යනු ලතින් ඇමරිකානු ලේඛකයෙක්. ඉතා විශිෂ්ට කෘති බොහෝ ප්‍රමාණයක් රචනා කර ඇති ඔහුගේ අග්‍ර කෘතිය ලෙස “The Alchemist” හැඳින්විය හැකියි. මේ කෘතිය ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන කෘති අතරට එක් වී තිබෙන අතර මේ වෙද්දී භාෂා හැත්තෑවකට අධික ප්‍රමාණයකට පරිවර්තනය වී තිබෙනවා.

මෙහි සිංහල පරිවර්තනය චූලානන්ද සමරනායක මහතා අතින් “සන්තියාගෝ නම් සැරිසරන්නා” ලෙස සිංහලට පරිවර්තනය වී තිබෙනවා.

සන්තියාග‍ෝ ස්පාඤ්ඤයේ වාසය කල සෙමනේරියක ඉගෙන ගත් සංචාරයට ප්‍රිය නිසාම එඩේර ජීවිතයකට ඇතුල් වූ පොත පත කියවන්නෙක්; විශ්ව භාෂාවට ඇලුම් කරන්නෙක්;සොබාදහම සමඟ මනසින් ගනුදෙනු කරන්නෙක්;තම සිහින ඉටු කර ගැනීමට වෙහෙසෙන්නෙක්. ඔහු නින්දෙන් නැවත නැවත දකින සිහිනයක් නිසා තම ඉරණම ලුහුබැඳ යන ගමනේ ඔහුගේ අත්දැකීම් මේ කෘතියේ විස්තර වෙනවා.

ආදරේ කියන්නේ කොහොම දෙයක් ද? ´කාන්තාරය ප්‍රශ්න කළේය.

`ආදරය කියන්නේඔබ මතින් සරනා උකුස්සාගේ පියාසැරියටයි.මොකද උකුස්සන්ට හැම වෙලාවෙම දඩයම් සමඟින් ආපහු එන්න ඉඩ හදලා දෙන ඔබ ,ඌට හරිත වර්ණ කෙතක් වගේ.ඌ ඔබේ ගල් කඳු වැලිපර වගේම කඳු පංතීන් ගැන දන්නවා.ඒ වගේම ඔබත් ඌට ත්‍යාගශීලීත්වය දක්වනවා”

මේ නවකතාවේ තේමාව වෙන්නේ “යමෙක් සිය ඉරණම ලුහුබැඳ යාමට එඩිතර වන්නේ නම් ඔහුට එය ජය ගැනීමට උපකාරි වීම පිණිස මුළු ලොවම පෙළ ගැසෙයි” යන්නයි.

මායාව සමඟ චිත්ත ශක්තිය, දාර්ශනික බව, කැපවීම, වීරත්වය ගැන කියැවෙන මේ කෘතියේ මිනිසෙකුගේ ජීවන රටාවට පවා සාධනීය බලපෑම් කළ හැකි තරම් කාරණා අඩංගුයි.

අමතක කරන්න එපා..ජීවිතේ තියෙන්නේ හීන ලුහුබැඳ යන්න.ඒවා හැබෑ කර ගන්න.

Related Articles

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content