අහිමි සිහින

සුධාරකත් මාත් අතර දෙවෙනි වතාවට සම්බන්ධය පටන්ගත් පසු සුධාරකගේ පවුලේ සියලුම දෙනා දිල්හානිත් දරුවනුත් තරයේ ප්‍රතික්ෂේප කර මා ලංකරගත් සැටි ඔබට රහසක් නොවෙයි.නමුත් එසේ සිද්ධවූයේ ඔවුන්ගේ පටු සාපරාධී අදහස්වලට මිස මට ඇති ආදරයකට නොවන බවත් දැන් මටත් ඔබටත් රහසක් නොවෙයි.නමූත් අවාසනාවකට ඔවුන්ගේ ඒ කපටි ගති දැනගන්නට සිදුවුනේ සුධාරක අසනීප...
දිල්හානි ඉන්නා තැනක ලිපිනයක් සොයාගත නොහැකිව තිබුනාට සුධාරක දිල්හානිට එරෙහිව දික්කසාදයක් ගොනුකර තිබුණා.නමුත් සිතාසි යවන්නට ලිපිනයක් නොමැතිකම ඒ නඩුව උසාවියට ඉදිරිපත්කරන්නට ප්‍රමාද වුනා.දික්කසාදය ගොනුකරන විට සුධාරකට කවදා හෝ අනිවාර්යයෙන් ගෙවන්නට වන නඩත්තු ගැන නීතිඥයා අසාසිටිවිට සුධාරක මේ නිවස පමණක් ඔහූට තබාගෙන ඔහු සතු අනෙකුත් සියලුම දේපල දරුවන් අතර බෙදන්නට...
ඉතා හොඳ රැකියාවල නියුතු වූ පවුලේ අභිවෘද්ධිය සඳහා නිරන්තරයෙන් කටයුතුකල දහිරියවන්ත දෙමාපියන්ට දාව උපතලද මා කුඩාකල සිටම ගෙවූයේ ඉතාමත් සහනදායී සුඛෝපභෝගී ජීවිතයක්.ඔවුන් මට කිසිදු අඩුපාඩුවක් වන්නට ඉඩතැබූයේ නැහැ.මගේ ආදර කතන්දරයේ දී මට හරස්වුනා තමයි.ඒ එක් අතකට සුධාරක ගැන තිබුනු වැරදි අවබෝධය නිසා ඒ හැර ඔවුන් සියල්ල කලේ මට සැපවත්...
හත් දවසේ දානයෙන් පසු පොලිසියේදී සිදුවූ කිසිවකින් දිල්හානිට හෝ සුධාරක ගේ පවුලේ අයට හෝ ඔප්පූකරගත හෑකි කිසිවක් තිබුණේ නෑ.ඔවුන් කවදා හෝ අනාගතයේ දී මට ඔවුන්ට එරෙහිව යොදාගත හැකි සාක්ෂි ගොන්නක් පොලිස් පොතේ ලිඛිතව සටහන් කළා පමණයි.කෙදිනක හෝ උසාවියකදී ඔවුන් කී බොරු දිගහරිනතෙක් මා බලා සිටිනවා.දැනට එපමණයි.ඒ නිසා මම පොලිස්...
මගේ ජීවිතකතාව දැන් ඔබට රහසක් නොවෙයි. මම දෙවරක් දික්කසාද උන ගෑණියක්.ඇයි මම ඒක කියන්න බය වෙන්නේ???මම ඒක කියන්න බය විය යුතු නෑ.ඒක වැදගත්වන්නේ මා සමග ජීවිතය බෙදාගත් අයට විතරමයි.නොගැලපීම් ඕනෑම කෙනෙකුට තියෙන්න පුලුවන් ඒත් සෙනෙහසින් එකිනෙකාට සමුදෙන්න ගොඩක් දෙනෙකුට බෑ.කවදා හරි තමන් එක්ක එකට ජීවිතයක් කුටුම්භයක් බෙදාගත් මිනිහෙක් හෝ...
අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ මම වැඩිහරියක් ම කතා කළේ එක් චරිතයක් ගැන.ඒ තමයි මගේ ජීවිතය පුරාම එක්වෙවී වෙන්වෙවී අනේක දුක් දොම්නස් නින්දා අපහාස මැද නොසැලී මා හදවතින් දරාගෙන ආ මගේ සුධාරක. ඒ...
ahimi sihina
මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින් එකිනෙකාට වෙනස් නිසා. අධ්‍යාත්මයෙන් එක සමාන මිනිස්සු ආදරය ගැන හිතන දේ වෙනස් වන්නට පුලුවන්. මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙක් අධ්‍යාපනයෙන් තොර වන්නට පුලුවන්.එහෙයින් මිනිසුන් විවිධාකාර වෙනවා. කෙනෙක් ඕනෑම දෙයක් ගැන...
පොලීසි හබය නිමාවුනේ මිනිස්සු ගැන මගේ හිතේ ඇතිවූ කලකිරීම දෙගුණ තෙගුණ කරමින්.මිනිස්සු අවස්ථාවාදී බව මම දැන සිටියා එහෙත් ලැජ්ජා නැති මිනිසුන් මම මේ ප්‍රසිද්ධියේ දකිනවාමයි.වෛරය තන්හාව පලිගැනීම වැනි දේවල් මිනිස්සු කොච්චර අන්ධ කරනවාදැයි සිතන විට මට මානුෂික සබඳතා ගැන ඇතිවෙන්නේ ප්රශ්නාර්ථයක්. ඔබත් මමත් කිසිදා දැක නැත්නම් ඔබට හෝ මට අප...
මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය ගැන සුධාරකට වැඩි පැහැදීමක් තිබුණේ නෑ.දිල්හානි ඔහු බොරු නඩුවල පටලැවූ විට එය මා ඇයට කීවත්ඉන් පසු කිසිදාක තම සහෝදරයාට කුමක් වේද හෝ වෙලා තියෙන්නේ කුමක්ද වත් ඇය කිසිදා ඇසුවේ නැහැ.නමුත් අවුරුදු...
පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ නීතීඥ මහතා කරුණු පෙන්වා සිටියා. පැමිණිල්ලේ අය කියන හැටියටත් පොලිස් පොතේ පැමිණිල්ල දමා ඇති හැටියටත් මා සුධාරකගේ මරණයටත් පසු ගෙට බලෙන් ඇතුලු වූ කෙනෙක්.නමුත් ඊට වසර පහකට ආසන්න...