(අ)හිමි සිහින -234

මගේ ජීවිතකතාව දැන් ඔබට රහසක් නොවෙයි. මම දෙවරක් දික්කසාද උන ගෑණියක්.ඇයි මම ඒක කියන්න බය වෙන්නේ???මම ඒක කියන්න බය විය යුතු නෑ.ඒක වැදගත්වන්නේ මා සමග ජීවිතය බෙදාගත් අයට විතරමයි.නොගැලපීම් ඕනෑම කෙනෙකුට තියෙන්න පුලුවන් ඒත් සෙනෙහසින් එකිනෙකාට සමුදෙන්න ගොඩක් දෙනෙකුට බෑ.කවදා හරි තමන් එක්ක එකට ජීවිතයක් කුටුම්භයක් බෙදාගත් මිනිහෙක් හෝ ගෑණියක් හරි මගදී මූණගැහුනොත් එකිනෙකාට සිනහවකින් සංග්‍රහ කරගෙන “ඔයාට කොහොමද?හොඳින් ඉන්නවා නේද?තෙරුවන්සරණයි” කියලා වෙන්ව යන්න ගොඩක් මිනිස්සුන්ට බෑ.ඒක පිටරටවල පුලුවන් ඒත් මේ ධරමද්වීපය තුල ඒක බෑ.එච්චරට සදාචාර සම්පන්න රටක අපි ඉන්නේ කියලා හිතෙනකොටත් ඇතිවන්නේ කලකිරීමක්.

“බැඳගත්තානං එකට ඉඳලා මරාගන කාලා හරි එකටම හිටපං”

කියන මිනිස්සු විවාහ උත්සවයටවත් පැමිණි අය නෙවෙයි.ඒ අයගේ ප්‍රශ්න වලදී පිහිටට ඉඳලත් නෑ.හැබැයි පිට අයට ඕනෑ විදියට අනික් මිනිසුන් පවුල් “කන්න” ඕනෑ කියන ප්‍රබුද්ධ මානසිකත්වයක් තියෙන විද්වතුන් හැමතැනම.ඇත්තටම හොයලා බැලුවොත් එසේ අනුන් විවේචනය කරන්නන් ගේ කුටුම්භ තුල ඔවුන්ට විශේෂ සුගතියක් නෑ.

දික්කසාදය හොඳ නෑ.ඒකෙන් දරුවන් අතරමංවෙන්න පුලුවන්.

ඔව්๬ එහෙම වෙන්න පුලුවන් දරුවන් ගැන වගකීමක් ඒ දෙමව්පියන්ට නැතිනම්.එහෙම නැතුව නොගැළපෙන දෙමව්පියන් නොගැලපෙන චරිත ගලපගන්න ගියාම තම නිවස තුලදීම ඒ දරුවන් මානසිකව කඩා වැටෙන එක කාටවත් පේන්නෙ නෑ.ඒ පීඩනයත් එක්ක සමාජයට නිරාවරණය වෙන මල්කැකුලු පොහොට්ටුවෙන් එලියට එන්නෙම තැලිලා පොඩිවෙලා.එවිට ආදරයට විවාහයට හා මානුෂික බැඳීම් වලට ගරුකරන මිනිස්සු මේ සමාජයට බිහිවෙන්නෙ නෑ.ඒ දරුවන්ට පෙනිලාම තියෙන්නේ ගේ ඇතුලේ මරාගන්න එලියෙදි හොඳ පවුලක් ලෙස පෙනී ඉන්න නලු නිලි යුවලක් වූ දෙමාපියන්.එවිට ඒ දරුවන්ට ඇත්තටම ආදරය ගැන විවාහය ගැන යහපත් අදහසක් විශ්වාසයක් ඇතිවේ යැයි මම හිතන්නේ නෑ.ඇත්තටම අපි එහෙම එහෙම විය යුතු ද? ඒ නිසා නොගැලපෙන විවාහයක් බලෙන් රැකගැනීමෙන් දරුවන්ට හොඳක් වෙනවාය කියන දේ මම පිලිගන්නෙ නෑ. ඒක හොඳ නිදහසට කාරනයක් තමන්ගේ වැරදි වලට දරුවන්ව පලිහක් කරගන්න මිනිස්සුන්ට.හරියටම දිල්හානිගේ ජීවිතය වගේ.

සමහර කාන්තාවන් දරුවන් පාවිච්චි කරන්නේ සැමියාගෙන් පලිගන්නටයි.සමහර පිරිමිත් එහෙම කරනවා අපි අනන්තවත් මේ සමාජය තුල දැකලා තියෙනවා.මිනිස්සු ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල මම දන්නෙ නෑ ඇත්තටම. ඒත් එහෙම ජීවත්වෙනවාට වඩා දික්කසාදය හොඳයි.

විවාහ වුණත් සැමියාගෙන් කිසිම උදව්වක් පිළිසරණක් නැතිව දරුවන් තනියම හදාගෙන ජීවිතේට මූණදෙන කාන්තාවන් ඕනතරම් අපි අතර ඉන්නවා.ඒ වගේම පියවරුත් ඉන්නවා. එහෙම එවුන්ට දවසක ඒ විවාහයට තිත තියන්න උවමනා උනොත් ඒ මිනිස්සුන්ට ඇඟිල්ල දිගුකරන්න. පදහදන්න ඒ මිනිස්සුන්ව ගරහන්න එපා.”එක මිනිහෙක් එක්ක ඉන්න බෑ” “එක ගෑණියෙක් එක්ක ඉන්න බෑ” වගේ කතා කියන්න කලින් ජීවිතය කියන්නේ මොනතරම් අසීරු තැනක්දැයි සිතන්න.

අපේ මිනිස්සු හරි පුදුමයි.තමන්ගේ අසාර්ථකත්වය පිලිගන්න අකමැති ගෑණු පිරිමි දෙගොල්ලොම කරන්නේ වෙන් වෙන තැනට ප්‍රශ්නය දුරදිග ගියාම එකාට එකා තනිව හෝ සමාජයක් ඉදිරියේ නින්දා අපහාස කරගැනීම පමණයි.

සුධාරකට මමත්,ඔහුගේම ලෙයින් නොවුණත් ඔහුට අසීමිතව ආදරය කරන මගේ දියණියත් සිටියා.නෛතික බැඳීම් යකාට දමා ඔහුට ජීවිතයක් දුන් ගැහැණියක හා දියණියක ඔහු හදවතින් දරාගෙන යන්නට කැපවී සිටියා.

අද මෙතරම් කතාවක් ඔබට කියන්නට මට හිතුණේ මම මේ හිමි නොවී අහිමිව ගිය සිහිනයේ අවසන් අදියරට පැමිණ ඇති නිසා. අතේ ඇඟිලිවලින් ගැනිය හැකි දින ගණනක අපි නැවත හමු වන්නට ඇති ඉඩ වැඩි නිසා වසරක් පුරා දුන් ආදරයෙන්ම රැඳී ඉන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles