"හරිම ෂෝක්.පිරිමි ළමයි ඔහොමත් අඬනවද?"
පුංචි චතුක ඒ ප්‍රශ්නෙට ඔලුව උස්සල බැලුවේ පුදුමයෙන්.පිරිමි ළමයින්ට අඬන්න නරක බව එයා දැනගෙන හිටියේ නෑ.ඇත්තටම පිරිමි ළමයි ඇඬුවම මොකද?
එයාලාව බලා ගන්න කියලා අත්තම්මගෙ අත් උදව්වට ආපු අලුත් අත්උදව්කාරි චතුක දිහා බලන් ඉන්නේ සමච්චලේට. වැටිලා රිදෙන බව පවා අමතක කරලා චතුක එයා දිහා බලාගෙන හිටියා.
"කඳුලු...
" අවුරුදු තුනක් නිරෝධා .. දැන් ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? "
අපර්ණා අහද්දි මම අපර්ණා දිහා බැලුවෙ විමතියෙන්.
" මොනවද .. ? "
මම අහද්දි අපර්ණා හිනාවුනේ සරදමට ..
" ආදරේ කරලා එක පාරටම අතුරුදහන් වුන මිනිහෙක් මත්තේ නැහුනා ඇති කියලා හිතෙන්නෙ නැද්ද .. ? "
අපර්ණා පරණ මතක අවුස්සද්දි .. මම...
" රතු රෝස මල් හැමදාම පිපෙනවා චේතිය. ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒවා වටින්නෙ පෙබරවාරි මාසෙදි විතරයි."
මේ පෙබරවාරියත් පටන් ගත්තෙ පුරුදු විදියටම සචිනිගෙ වචන මතක් කරන ගමන්. දැන් අවුරුදු පහක් ගෙවිලා. ඒත් සමහර දේවල් ලේසියෙන් අමතක නොවෙන හැටි.
පැත්තක නිදන් හිටපු මේඝනා දිහා මං බැලුවෙ හූල්ලන ගමන්. සචිනි මගෙ ජීවිතෙන් ගියෙ කොච්චර...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?"
රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල් බොකියකුත් අතේ තියාන, මම වත්ත පල්ලෙහ පොකුණ පැත්තට වැටිච්ච පඩිපෙළ උඩ වාඩිවෙලා උන්නා.
උන්නෙ තනියම උනාට එකපාරටම පිටිපස්සෙන් ඇහිච්චි කටහඬට මන් තිගැස්සුනේ නැත්තෙ, ඒ කටහඬ මට...
මුහුදු හුළං එක්ක යාලු වෙලා හිතෙන හිතෙන අතට දුවන කෙහෙරැලි එකට එකතු කරලා බැඳලා දාන්න ඕනෑකමක් මට තිබුණේ නෑ. අගක් මුලක් හොයාගන්න බැරි තරමට ම පැටලුන නූල් බෝලයක් වගේ හිතක් එක්ක ඉන්න මට නිදහස කියන දේ උවමනාවටත් වඩා ඕනේ වෙලා ඉන්න වෙලාවක් මේක.. ඉතිං එහෙව් මම මගේ කොණ්ඩෙට නිදහස...
"තාත්තා,අම්මාට මගෙ ඉෂ්කෝලට එන්න බැරි වෙයි නේද?අම්මාට මල්ලිව බලාගන්න ඕනි නෙ" දුවගෙ සිගිති කතා සද්දෙ සාලේ දිහාවෙන් ඇහෙනකොට කාමරෙ පුතාට කිරි දිදි හිටපු මම අකුණක් ගැහුවා වගෙ තෘෂ්ණිම්භූත වුණා.හිත අස්සෙන් ආපු මොකක්දෝ කියාගන්න බැරි වේදනාවක් ක්ෂණිකව ඇස් දෙකට දැනිලා ඇස් තෙත්වුණා.
ඒත් එක්කම මට මැවිලා පෙනුනෙ මදුපානීව,රතු වුණ ඇස් දෙකෙන්...
අපි දෙන්නටම තිබුණා ලොකු ගමන් මළු දෙකක්..!
ඈට තිබුණේ මහා පීඩාකාරී ළමා කාලයක්. රට ගියපු අම්මෙක්, උප්පැන්නෙටවත් නම දුන්නැති තාත්තෙක්, අසනීප වුණු ආච්චියෙක් සහ නිතර බීගෙන හිටපු අසමජ්ජාති බාප්පෙක් එක්ක එයාගෙ ජීවිතේ කවදාවත් ලස්සනට තිබුණේ නෑ. අම්මගේ රූපෙවත් මතක නැති අවුරුදු නමයක දරුවෙක්, ගොරහැඬි අත්වලට පොඩි වෙන බව කන් දෙකවත්...
ජීවිත කාලයෙන් තුනෙන් එකක්ම ඇමරිකාවෙ හිටියට අව්‍යාට කසාද බඳින්න ඕනි වුණේ ට්‍රැඩිෂනල් කැන්ඩියන් ඇඳලා මාල හත දාලා. කොණ්ඩෙට, පෝරුවට, ඩෙකරේෂන් ඔක්කොටම පිච්ච මල් විතරයි. පිච්ච මල් සුවඳට පුළුවන් වෛද්‍ය සමන්ති දිසානායකව අවුරුදු ගාණක් ආපස්සට අරන් යන්න.
කැප්ටන් නුවන් දිසානායකට රස්සාව හින්දා උතුරට යන්න සිද්ධ වුණාම සමන්ති දෙපාරක් නොහිතා එහෙ යන්න...
"නුවන් මාර වාහනයක් අරන්."
පවනි ඒ කතාවට මොකුත්ම නොකියා හිනා වූණා.මාර වාහන කියලා දෙයක් මේ ලෝකේ නෑ කියලා කියන්න හිතුණත් ඇය කිසිවක් නොකියා හිනාවක් මවා ගත්තා
"නුවන්ට අවුරුදු දෙකක විතර ඉඳලා මාර විදියට හරි යන්නේ."
දේවින්දි මෙහෙම කියන්නේ ඇයි කියලා පවනි හොඳින්ම දන්නවා.නුවන් එක්ක තිබුණු විෂ සහිත සම්බන්ධය අවසන් වෙලා දැන් අවුරුදුම...
"මොකද ළමයො මේ ගෙදරක හැටි?"
නදීකා වතුර කේතලේ ලිප උඩින් තියලා චාමරගේ අම්මාගේ කියවිල්ල අහගෙන හිටියා.පිරිසිදුකම පරම සැපත කියලා හිතන නදීකාට චාමරගේ අම්මාට මේ කතා අහන්න හරිම අපහසුයි.විවිධ පිරිසිදුකිරීම් ක්‍රම,නිවස පිළිවෙලකට තියාගන්න ක්‍රම හොය හොයා අන්තර්ජාලය පීරන නදීකාට චාමරගේ අම්මා කියන දේවල් තේරෙන්නෙත් නෑ.ඒත් ඇය කියන විදියට මුළුතැන්ගෙයි පිළිවෙල හොඳටම...