"ඇයි ඔයා පෝලිම පැන්නේ?'
අමාලි හැරිලා බැලුවේ පිටිපස්සෙන් ඇහුණු සැර හඬට.වයස කියන්න මුව ආවරණය නිසා අමාරු වුණත් නපුරුම නපුරු පාට ඇස් දෙකක් අමාලි දිහා බලාගෙන ඉන්නේ රවාගෙන.පෝලිම පැන්නේ නෑ කියලා විශ්වාස වුණාට අමාලි ඒ කාන්තාවට ඉඩ දීලා පස්සට වුණා.
"කන පැලෙන්න දෙන්න හිතෙනව,බොරුවට අහිංසකකම් පෙන්නකොට.මම මෙතන කාට් එක තියලා බඩුවක් ගන්න...
"රිද්ම..එන්න මේ පහන පත්තු කරන්න.."
රංගන තමන්ගේ සේවක මණ්ඩලයේ එකිනෙකාට අඬ ගහන හැටි චූලනි බලාගෙන හිටියේ මඳ සිනාවකින්.ඒත් හැමෝම හිටියේ වෙනම කල්පනාවක."චූලනි මැඩම්ට සර් කතා කරන්නේ නැද්ද" ඒ ප්‍රශ්නය හැමෝගෙම ඔලුවට ආවේ චූලනි පැත්තකට වෙලා රංගන දිහා බලා ඉන්නකොට.ඇත්තටම ඉතින් චූලනිට පහනක් පත්තු කරන්න ඉඩ ලැබුණෙත් නැහැ.රංගන චූලනි එතන ඉන්න...
කාලෙකට පස්සේ අකේන් බබාව බලන්න එයාගෙ පුංචියි බාප්පයි ආවා. චූටි අකේන්ට තෑගි ගොඩාරියකුත් හම්බුනා.. ආව වෙලාවෙ ඉඳන් බාප්පියි පුංචියි වටේ දැවටි දැවටි කතා කිය කිය අකේන් බබා සතුටු වුණා..
හවස තේ බොන වෙලාව ලං වෙලා අම්මයි පුංචියි කුස්සියට ඇවිත් තේ හදන්න පටන් ගත්තා..පුංචි පුටුවෙන් වාඩි වුණාට පස්සේ අකේන් බබා ඇවිත්...
"අම්මේ, මෙන්න මම කංකුං ඉති ටිකක් ගෙනාවා.. මේව වැවිල තිබුනෙ උඩහ උක්කුක් මාමලගෙ වෙලේ වක්කඩ ගාව. මාම වෙලට ඇවිල්ල හිටිය, මං අහලම කඩාගෙන ආවා.. මේවත් ඉන්දන්න පුළුවන් නේද ?" නිලන්ති හවස් වරුවෙ ගෙවත්තේ වවලා තියෙන එළවළු පාත්තිවලට සාත්තු කරනකොට නිලන්තිලාගෙ ලොකු පුතා කිව්වා.
"අනේ ඔව් මගෙ පැටියෝ. පුතා මාමගෙන් අහලම...
සිනෙලි පන්ති කාමරයට ආවේ හිත හොඳටෝම රිද්දාගෙන.හෙට ජිම්නාස්ටික් තරග පැවැත්වෙන බව එයා දන්නවා.ඒත් තවදුරටත් සිනෙලිට ජිම්නාස්ටික් කරන්න බෑ.
"දැන් ඔයා ලොකු ළමයෙක්.."
පහුගිය දවස්වල ගේ අස්සෙම හිරවෙලා හිටිය සිනෙලිට අම්මා එහෙම කීවේ උදේ පාන්දර නාවලා ලස්සන ගවුමක් අන්දලා තුරුලට අරගෙන.ලොකු ගෑනු ළමයෙක් ජීවත් වෙන්න ඕනෑ හැටි කියලා දුන්නු අම්මා ඊටත් පස්සෙ...
අම්මා..ජීවිතේ ඇතුලේ හැමදේම හැමෝටමසමානව ලැබෙන්නේ..නැහැ…අප්පච්චිගේ හැටි එහෙමනේ..හිතයි හදාගන්න ඕන.. දැන් කොච්චර කාලයක්ද.. නාඩා ඉන්න..මයේ අම්මා.. දැන් අති…ලෙඩ වැඩි වෙයි ඊට පස්සේ.."
වයම අවුරුදු දහතුනක් වන් කුඩා වයසකදි මා හට.. ඒසා පුළුල් ලෙස ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරුදු පුහුනු විය…
"උත්තරා…"
මා අම්මාගේ අතකින් අල්ලා ගත්තා..
"යමුද පාර පැත්තට.. ගිහින් ටිකකින් එමු…"
ඇය හිසවනා එකග...
නිම්නා හදිසියේ ම පැවසූ වදනින් බිරාන්තව ඇය දෙසම බලා සිටි පුෂ්පා සහ ඔසදි යළිත් ඇය පැවසූ කාරණාව සත්‍ය දැයි විමසා සිටියහ.
‘‘ලක්ෂ දෙකක්?”
“ඔව් අනේ ඔව්… අපේ අම්මා මගේ ඩිලිවරි එකට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න කියල මට දීල තිබුණේ… දැන් ඔය ක්ලිනික් ගියාට මම උපන්තේකට රජයේ ඉස්පිරිතාල වලට ගිහින් නෑනේ…ඒකයි… දැන්...
"අක්කේ..මට රුපියල් හත්දාහක් එවන්නකො."
වැඩ ගොඩක පැටලිලා හිටිය නිසලි ඒ කෙටි පණිවිඩය දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්.ඔය මැසේජ් එක දැන්මම කියවලා උත්තර නොයවා හිටියොත් නංගි ආයේ ආයේ පණිවිඩ සහ ඇමතුම් ගන්න පටන් ගන්නවා.එයාට ඕන දේ කොහොමහරි ඕනෑ කියලා හිතීම ඒ වයසේ හැටි වෙන්න ඇති.නොකර ඉන්නේ කොහොමද! එකම නංගි වුණාම.
"පූර්ණිගේ වෙඩින්...
"නංගි..ජානු රිතිකා කියලා ගර්ල් කෙනෙක්ව පේනවද ඔයාට එෆ් බී එකේ.."
අක්කා අහන්නේ එක්සෑම් එකක් නිසා යස්සයා වැහිලා හිටිය මගෙන්.ෆේස්බුක් ඩිඇක්ටිවේට් කරලා ඇප් එකත් මකපු මට මෙයාගෙ ප්‍රශ්න වලට තව යක්කු දෙතුන් දෙනෙක් ආරූඪ වෙනවා.
"මම ෆේස්බුක් නෑ.."
අක්කා ඒ වචනේ අහන්න ලෑස්ති නෑ.විභාගෙට යකා ගහපුදෙන් කියලා මම සේරම පැත්තක තියලා ෆේස්බුක් ඩවුන්ලෝඩ්...
සජිතා තේ හදන්න පටන් ගත්තා.අද නිවාඩු දවස.මොනවාහරි පොඩ්ඩක් හදලා ගත්තම ඇති.ගිහාන් කොහොමටත් අද සජිතාවයි පුතාවයි එළියට එක්ක යන දවස.ඉරිද දවස කියන්නේ සැනසිල්ලේ නිදහසේ ඉන්න ඕන දවස කියලා තමයි ගිහාන් නිතරම කියන්නේ.
"මොනවද ඔයා හදන්නේ?"
සතියේ දවසට නම් දවසටනම් සජිතාටත් කලින් නැගිටලා උයන්න පටන් ගන්න එක ගිහාන්ගේ පුරුද්ද.පුතාව ඇහැරවාගෙන ඇඳෙන් බහින්නේ නැතුව...