Mini Stories

මේ මිනිස්සු මහ නරකයි.." දිලානි එහෙම කියලා දුරකථනය මේසේ උඩින් තිබ්බේ සද්දෙට.එයා ළඟම වාඩි වෙලා හිටිය මාලතී හිස ඔසවලා බැලුවේ පුදුමයෙන්. "ඇයි...මොකෝ වුණේ?" දිලානිට ඉන්නේ පුංචි දුවෙක්.එයා නිසා දිලානි සමහර වෙලාවට පුංචි දුව නිසා ඕනෑවටත් වඩා කලබලයට පත් වෙනවා.මේ එහෙම අවස්ථාවක් කියලා මාලතීට හිතුණා. "ෆේස්බුක් ගෘප්ස් වල ඉන්නේ මහ යක්ෂණියො වගේ ගෑනු.." දිලානි කියන්නේ...
"මට අනූව මාරම අප්‍රසන්නයි.." නුලාරා එහෙම කිව්වේ ලතිකා හදාගෙන ආව තේ එක බොන ගමන්.ලතිකා නුලාරා දිහා බැලුවේ පුදුමයෙන්. "එයා හැමතිස්සෙම කියවන්නේ එයාගේ නැන්දම්මා කරන වෙනස්කම් ගැන.මට මහ විකාරයි ඒවා.." අනූෂා සමහර වෙලාවට ජීවත් වෙන්නෙ පුදුමාකාර වේදනාවකින්.එයාට තියන ප්‍රශ්න වෙනුවෙන් මානසික ප්‍රතිකාර පවා ලබා ගන්න සිද්ධ වුණා කියලා දන්න ලතිකා මොකුත්ම නොකියා ටික...
තමන්ගේ විදිය
"ඔයා අශේන් එක්ක සම්බන්ධෙ ප්‍රසිද්ධ කරේ ඇයි අනේ?" නිකිණි ගැස්සිලා බැලුවේ තමාලිගේ ඒ කතාවට.ප්‍රසිද්ධ කරන්න තමන් සෙලිබ්‍රිටි කෙනෙක් නෙවෙයි කියලා හිතුණත් නිකිණි එහෙම කිව්වේ නෑ.ඒත් හිනා වුණා.ප්‍රසිද්ධ කරනවා කියන්නේ ෆේස්බුක් එකට ෆොටෝ අප්ලෝඩ් කිරීම ද කියල අහන්න හිතුණත් නිකිණි ඒ ප්‍රශ්නේ ඇහුව තාලෙට මොකුත්ම නොකියා ඉන්න එක හොඳයි නිකිණි හිතුවා. "එයා...
පසුගිය සතියෙන් වෙනදා” ආදරෙයි” කියා නවතන ඇමතුම අද ක්ෂණිකව නවතා දැමීමේ පාලුව විඳගනිමින් නැගී සිටි ඈ තමාට කිසියම් විවේකයක් ටික දිනකට හෝ අවශ්‍ය බව තේරුම් ගත්තා.දුරකතනය ඕෆ්කර දැමූ ඈ ජීන්ස් එකකින් සහ ටී ශර්ට් එකකින් සැරසී ගමන් මල්ලට ඇඳුම් කිහිපයක් දමා ගත්තා.යන්නේ කොහොදැයි නොදැන දොර අගුලු ලෑ ජීවිතයේ පළවෙනි දිනය...
happy family
"ඊයේ අපේ පුතාලගේ කොන්සර්ට් එක බලන්න ගියාම මාරම විකාරයක් දැක්කනෙ.." මධූ එහෙම කියාගෙන ආවේ අලුත් ඕපාදූපයක් මුණ ගැසීමේ රසය කාර්යාල මිතුරියන් එක්ක බෙදා ගන්න.පෙර පාසල් කොන්සර්ට් එකක අපූරු දේවල් ඕන තරම් වෙන්න පුලුවන් නිසා හැමෝම මධූ වටේ එකතු වුණා. "කෝ සජානා..ඇවිල්ලා නැද්ද?" කතාව පටන් ගන්න කලින් මධු හිස හරවලා ඕපාදූපය සුරක්ෂිතව කියන්න...
"ඔයා ලෑස්තිද ශානු?" ගයාන් කතා කරනකොටත් ශානිකා හිටියේ.දරාගන්න බැරි උදරයේ වේදනාව නිසාම ශානිකාට ඕනෑ වුණේ හොඳටම නිදාගන්න.පැලෙන තරම් වේදනා දෙන හිසත් රිදෙන කකුල් සහ ඇඟත් උදර වේදනාවට එකතු උනාම ශානිකාට ජීවිතය කලකිරෙන තරම් වුණා.එහෙම වේදනාවකින් ඉන්නකොට තමයි ගයාන් මේ පාටියකට යන්න කතා කරන්නේ. "අනේ මට බෑ ගයාන්.." ශානිකාගේ කටහඬත් කෙඳිරිල්ලට බරයි.කෙඳිරිගාමින් ඇඳේ...
"ඔයාලගේ වෙඩින් එක ගන්නත් වුණේ නෑ නේද?" විවාහ උත්සවය අතරතුර නෙත්මි ළඟට ආව ජානකී එහෙම ඇහුවේ කට අමුතු කරලා.නෑහුණා වගේ ඉන්න හැදුවත් කේන්තිය ඊට කලින් වැට පැන්න නිසා නෙත්මි යාන්තන් හිනවක් දීලා ෆෝන් එක දිහා බලා ගත්තා. "නංගි ඔයාගේ ඩොක්ට කවුද?" ජානකීට තවත් ප්‍රශ්නයක් මතු වුණා.නෙත්මි ජනප්‍රිය වෛද්‍යවරයෙක්ගේ නම කියන ගමන් ඉවත...
"දසුන් එක්ක නේද ආවේ පුතේ.." අම්මා මම ගෙට ගොඩ වෙනකොටම ඇහුවා.ඒ දසුන් ගේට්ටුව ළඟින්ම හැරිලා ගිය හින්දා වෙන්න ඇති කියලා හිතුනු මම අම්මා දිහා බැලුවේ සමාව අයදින හිනාවකින්. "අනේ අම්මෙ වැඩ ගොඩක් තියෙනවාලු.අපි මේ වෙඩින් එකේ වැඩ ගොඩ කරගත්ත වැඩිද මන්ද.." මං එහෙම කියනකොට අම්මා යමක් හංගන තාලේ බැල්මක් මං දිහාට පා...
happy couple
නිමායා ජංගම දුරකතනය අතේ තබා ගෙනම මොහොතකට ගල් ගැසී සිටියා.තමන් මේ දකින්නේ සිහිනයක් ද?මෙය කිසි සේත්ම සැබෑවක් විය හැකිද?දෑසින් රූරා යන කඳුලු කැට දුරකතන තිරය සිප ගනිද්දී නිමායා ක්ෂණික සිතුවිල්ලකින් අසුනෙන් නැගිට නිදන කාමරය වෙතට පියවර තැබුවා.විසල් සුන්දර සිනහවක් මුව පුරා රඳවාගෙන සුව නින්දක ගැලී සිටි අතර නිමායා සිය...
separation
"ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ?" දුලාජ් එහෙම අහනකොට හිරුෂි මොකුත්ම නොකියා ඈත බලාගෙන හිටියා.මුණ ගැසිය යුතු බවට හිරුෂි පණිවිඩයක් එවද්දී දුලාජ් පුදුම වුණත් නෑවිත් හිටියේ නෑ.හිරුෂිට කවදාවත්ම නෑ බෑ නොකියපු අතීතය මඟ හැර ගන්න දුලාජ්ට අපහසුයි. "ප්‍රශ්න නැති මිනිස්සු නෑ නේද?" එහෙම කියලා හිරුෂි හිනා වුණත් දුලාජ් ආපස්සට හිනා වුණේ නෑ. "අම්මාට පිටුපාන්න...