අහසට නැගෙන දුම් රොටු දිහා අසේල බලාගෙන හිටියා. නෑදෑ හිත මිතුරන් එකා දෙන්නා සොහොන් බිමෙන් පිට වෙනකොටවත් නොදැනෙන පාළුවක් අසේලට දැනෙන්න ගත්තා. අද පටන් ඇය නැතිව නිවසේ ගෙවන්නට සිදුවෙන දවස් මොන වගේ වෙයිද? අසේලගේ ගෙදර එනකනුත් කල්පනා කළා
ජීවිතය වෙනස් කරපු දවස් හතක් ගෙවිල ඉවර උනාට පස්සේ අසේලට දැනුනු පාළුව...
මං ඇහැරුණේ මාධවීගෙන් ආව හදිසි ඇමතුමට.නිදිමතේ දුරකථනය අතට අරගෙන වෙලාව බලනකොට පාන්දර තුනත් පහුවෙලා කියලා මං දැක්කා.මම ෆෝන් එකත් අරන් සාලෙට ආවේ හොඳටම නිදාගෙන ඉන්න තරිඳුටත් චූටි පුතාටත් බාධා නොකර.
මේ කාලයේ රෑට එන හදිසි ඇමතුමක් කියන්නෙ පපුව නතර වෙන වැඩක්.මම ඇමතුමට සම්බන්ධ වුණේ ගැහි ගැහී.
"අනේ සුලෝ..මම නරක හීනයක් දැක්කා."
මාධවීගේ...
කාර්යාල වේලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මලීශා ගෙදර යන්න කලබලෙන් ලෑස්ති වෙන හැටි හර්ශනී බලාගෙන හිටියේ කට කොනකට හිනාවක් නගාගෙන
" ඔච්චර හදිස්සි වෙන්නේ කොල්ල බලන්න යන්න වෙන්න ඇති "
සඳමාලිගේ කනට කරලා හර්ශනි මිමිණුවා.
හවස පහ මාර පහුවෙනකොටම මලීශා අත්බෑගයත් අරගෙන කාර්යාල කාමරයෙන් එලියට ආවා. මලීෂා කාර්යාලයට ඇවිත් ගෙවිලා තිබුනේ...
"මං යනව අම්මේ එහෙනම්.."
හිරුණි වඳිනකොට ඉකි ගැහෙන්න ගත්තු නිසා නීතා ඒ ඉකිය වළක්වා ගත්තේ අමාරුවෙන්.
"මං ආයේ ලංකාවට ආවම අම්මලා බලන්න එන්නම්..දවල්ට කෝල් කරන්නත් පුලුවන් ඉතින්, කලන නැති වෙලාවට.."
හිරුණි කියන්නේ නීතාගේ උරහිසක් ආදරයෙන් පිරිමදින අතරේ.නීතා කඳුලක් උරහිසේ පිසදා ගන්න ගමන් තමන්ගේ සැමියා,පාලිත දිහා බැලුවා.
"පුතා, හිරුණි දුවව හොඳින් බලා ගන්න.එයා මැණිකක්...
දුලනි ජංගම දුරකථනයේ තිබුන පැරණි ඡායාරූප එහාට මෙහාට කලා. චතුරගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ජීවිතය මොන තරම් සුන්දරද කියලා ඈට හිතුණා.
" අපි හම්බවෙන තාම අපි මේ විදිහට ෆොටෝ එකක් ගමු .අපි කවදහරි කසාද බැන්ද දවසක ට ඒවා බලන්න පුළුවන්නේ "
මුණ ගැහෙන හැම දවසකම චතුර දුලනි එක්ක ඡායාරූප අරගෙන ඒව...
"අම්මා ආයේ එන්නෙ නැද්ද ආන්ටි.."
මං ගැස්සුණේ ඒ හඬට.භාවනාගේ පුංචි දුව මගේ අතින් අල්ලාගෙන අහන්නෙ අපිට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක්.ඇත්තටම උත්තර නැති ප්‍රශ්නයක්.
"අපි බලන් ඉමුකො පුතේ.අම්මා එයි.."
මං එහෙම කිව්වේ කරන්න දෙයක් නැතිකමට.බොරු කියලා පුංචි දුව රවට්ටන එක හොඳද, එහෙම කියන එක ළමා මනෝ ව්ද්‍යාවට මොනතරම් ගැලපෙනවද වගේ දේවල් මට...
අංජන කාර්යාලයට යන්න ලෑස්ති වුණේ ටිකක් ප්‍රමාද වෙලා. දසුනි කුස්සියෙ උයන හඬ අංජනට ඇහුනා. කීප වරක්ම දසුනිගේ දුරකතනය නාද වන හඬත් දසුනි හෙමින් හෙමින් කතා කරන හඬත් අංජනට ඇහුණා.
" දසුනි ? කෑම එක හරිද ? "
" අනේ අංජන තව විනාඩි පහක් දෙන්නකෝ "
" දැනටමත් පරක්කු වෙලානෙ තියෙන්නෙ . ඔය...
"අනේ ඔයාලා බබාගෙ බර්ත්ඩේ එකට කරපු වැඩේ නියමයි චන්දි..මං මේ ඊයේ දවසම කරේ ඒ ෆොටෝස් බලපු එක.."
නිපුනි කාර්යාල කාමරයට ඇතුළු වුණේ චන්දිමාට එහෙම කියන ගමන්.ඊටත් පස්සෙ කාටහරි ඇනුම්පදයක් කියන්න කැමති නිපුනිට තව දෙයක් කියන්න හිතුණා.
"ළමයින්ගෙ උපන්දිනවලට ෆොටෝ ෂූට් කර කර පාටීස් දම දම නටන මිනිස්සුන්ට අමතකම වෙන දෙයක් තමයි...
අඩ නින්දක හිටපු හසිනි ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩින්. ආපු ඇමතුම ක්‍රියාත්මක කරලා ඇය නිදිමතේම දුරකථනය කනේ හොවා ගත්තා. ඇමතුමේ අනෙක් පස හිටියේ අවිශ්කගේ අම්මා .
" දැන් කොහොමද දූ ඔයාට ? "
" නිදාගෙන හිටියෙ අම්මේ. එලිවෙනකන්ම මට නින්ද ගියෙ නැහැ "
" අනේ මම ඔයාව ඇහැරෙව්වා නේද ?"
" ඒකට කමක්...
"ඔයාගේ ජොබ් එකේ වැඩේ මොකද වුණේ?"
නයෝමි ජාලියගෙන් ඇහුවේ අහන්නේ නැතුව බැරිකමට.දැන් අධ්‍යාපන සුදුසුකම්,වෘත්තීය සුදුසුකම් නැතුව රැකියාවකට යාම අසීරු බව නයෝමි දන්නවා.ඒත් ජාලිය ඒ කිසිම දෙයක් ඇති කරගන්න ඒ හැටි කැමැත්තක් නෑ.
"හරියන්නැති පාටයි.."
ජාලියගේ අඳුරුවෙන මුහුණ දිහා බලන් ඉන්නකොට නයෝමිට ඇත්තටම දුක හිතෙනවා.ඒත් නයෝමි දුක හංගා ගෙන ජාලියට ධෛර්යය දෙන්න විවිධාකාර...