මම ඒ වෙනකොට රැකියාවෙන් ඉවත් වෙලා ටික කාලයක්.වෘත්තිය සැලසුම් ශිල්පිනියක් වුණු මම ඒ ක්ෂේත්රයට ආයේ අඩිය නොතියන්න හිතුවා.ඒ පුංචි කපටිකමක් නිසා.සැලසුම් ශිල්පිනියකට රස්සාවක් හොයාගන්න මහනුවරින්ම පුළුවන්.මට එහෙ නැති දෙයක් කරන්න ඕනෑ වුණා.
"මම චෙෆ් කෙනෙක් වෙනවා."
මං තීරණය කළා.අවුරුදු විසි තුනක් වෙනකන් ළූණු ගෙඩියක්වත් සුද්ධ නොකරපු මම එහෙම තීරණයක් ගන්නකොට අනිත්...
ඒ රෝහල් සයනයේ ඉන්න කාලයේ මං හිතපු කාරණාවක් තිබුණා.මට ඒ වෙනකොට අවුරුදු තිහක්.විවාහයට අවුරුදු හතක්.ඒ අවුරුදු හත පුරාවටම යුතුකම් ඉටු කළා මිසක ආදරය හෝ රැකවරණය මට ලැබුණේම නැහැ.මම ජීවත් වෙන්නේ කාන්තාරයක.ලංකාවේ ලස්සනම නගරය මහනුවර කිව්වට මම අඳුරු ලෝකයක ජීවත් වෙමින් හිටියේ.
"මොකටද මෙහෙම ජීවිතයක්."
මම හිතන්න පටන් ගත්තා.ඒ වුණත් කළ යුතු...
දුක ගැනම කියවන ගෑනියෙක් මහා කන්දොස්කිරියාවක් කියලා ඔබට හිතෙමින් තිබෙන බව මම දන්නවා.කෙළවරක් නැතුව වේදනාව ගැනම කියවන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක්වත් අදහසක් නැති ගෑනියෙක් විදිහට මාව කියවන සමහර මට ලේබල් අලවමින් ඉන්න මොහොතක් මේ.ඒ වුණත් ඔබට කියන්නේ වේදනාව ගැහැනියක් යකඩයක් බවට පත්කරමින් ශක්තිමත් කරන හැටි බව මට විශ්වාසයි.
"මොකක්ද ඔයාගෙන් අපට...
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අගපිපි මල් නවකතාව ඔබ කියවලා තියනවද? ඒ පොත ගැන දන්නා අය ඒ ඇසුරෙන් කළ ටෙලි නාට්‍යයත් නරඹලා ඇති.ඒ ටෙලි ටෙලිනාට්‍යයේ බොහොම ජනප්‍රිය වුණු තේමා ගීතයේ මෙහෙම පද පේලියක් තියනවා.
"කාලයක් නැති තාලයක් නැතිවිජිතයේ කටු ඔටුනු හැර යමි"
ආදරය අහිමි ලෝකයක ගැහැනියක රැඳිය යුතුද? ඇත්තටම පිළිතුර වන්නේ නැහැ කියන...
"පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ."
වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ ජීවිතය ඉතාම වටිනවා.ඒ නිසාම කකුල ඉවත් කර හෝ අම්මාගේ ජීවිතය බේරා ගන්න අපි සූදානම් වුණා.ඒත් අම්මා ඒකට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කෙටියෙන්ම කිව්වොත් අම්මා ඒකට තදින්ම...
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි අනතුරු ඕනෑතරම්.ඒත් මේ කියන්නේ ඒ වගේ දේවල් නෙමෙයි ,සැබෑවටම සිදුවන අනතුරු ගැන.
අපි හිටිය පිළිස්සුම් අනතුරු සම්බන්ධ වාට්ටුවේ.ජීවිතය මුහුණ තරම් ඛේදවාචකයකට හැරෙන්න පුළුවන්ද කියලා ඇස් පනාපිට...
මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා රෝහලට ගියෙත් කිසිම විලාප නැඟීමකින් තොරවයි.එහෙම ගිය ඇය ගැන වෛද්‍යවරුන් පැවසුවේ එකම එක දෙයක්.
"කකුල කපන්න ඕනේ.."
එහෙත් අම්මා එයට එතරම් මනාපයක් දැක්වූයේ නෑ.කකුල කපන්න ඉඩ දෙන්න...
අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්‍රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න උත්සාහ ගත්තා.එයා මහ ගෙදර ගියාම තනියම ඉවුම් පිහුම් පවා කරන බව මම දන්නවා.වළක්වන්න උත්සාහ කරත් එයා ඒව අත් ඇරියෙත් නෑ.
යන්තම් පුංචි හෙම්බිරිස්සාවක් හැදුණත් කෙඳිරි ගාමින්...
අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ දෑසට කඳුලු නැගෙනවා.
"මට පිලිකාවක්!"
ඒ වගේ කතාවක් අහන්න ලැබීම ඕනෑම කෙනෙක් මානසිකව වට්ටනවා.ඒත් අසංකගේ අම්මා පුදුම ඉවසීමකින් සහ හයියකින් ඒ රෝගයට මුහුණ දුන්නා.ඒ වගේම තමයි ඇය...
අසංකගේ අම්මා එන්න එන්න රෝගී වෙනකොට ඇය හිටියේ මාත් එක්ක.මහ ගෙදර අතෑරලා ඇයත් අප්පච්චිත් අපේ කුලී ගෙදරට ආවා.මම හිතන්නේ අසංකගේ සහෝදරයන්ගේ හිතේ තිබුණා අපිට ආපහු මහ ගේ ලබාදෙන්න.ඒ ආදරයකට නම් නෙමෙයි.අම්මගෙ කටයුතු මං අතින්ම කරවන්න.
"අම්මා අපි ලඟ හිටපුවාවේ."
මහ ගෙදර නොගිහින් මං මෙහෙම තීරණයකට ආවා.ඒ තීරණය ගන්න ප්‍රධානම හේතුව වුණේ...