(අ)හිමි සිහින -28

අසංකගේ අම්මා එන්න එන්න රෝගී වෙනකොට ඇය හිටියේ මාත් එක්ක.මහ ගෙදර අතෑරලා ඇයත් අප්පච්චිත් අපේ කුලී ගෙදරට ආවා.මම හිතන්නේ අසංකගේ සහෝදරයන්ගේ හිතේ තිබුණා අපිට ආපහු මහ ගේ ලබාදෙන්න.ඒ ආදරයකට නම් නෙමෙයි.අම්මගෙ කටයුතු මං අතින්ම කරවන්න.

“අම්මා අපි ලඟ හිටපුවාවේ.”

මහ ගෙදර නොගිහින් මං මෙහෙම තීරණයකට ආවා.ඒ තීරණය ගන්න ප්‍රධානම හේතුව වුණේ අසංකගේ පවුල විස්තෘත පවුලක් වීම.මහ ගෙදරට යනවා කියන්නේ ඒ මුළු පවුලම වෙනුවෙන් නිතරම කැප වෙන්න සිද්ධ වීමයි.ඒක මගේ වයසට දරාගන්න අමාරු බව මම දැනගෙන හිටියා.

මේ වෙනකොට මම මගේ රැකියාවෙන් ඉවත් වෙලා හිටියේ.ප්‍රධාන සැලසුම් ශිල්පිනියක් විදිහට ඒ ස්වර්ණාභරණ ආයතනයේ සේවය කරාට ඇත්තටම මට ප්‍රමාණවත් වැටුපක් ලැබුණේ නෑ නේද කියලා දැන්නම් මට හිතෙනවා.ඉවත් වෙනකොට මට ආයතනයෙන් මුදල් ත්‍යාගයක් ලැබුණා.මම ඒකත් ලියුම් කවර‍ය පිටින්ම ගෙනල්ලා අසංකට දුන්නා.ඒ තරමට මම ඔහු වෙනුවෙන් දේවල් කරපු කෙනෙක්.

අම්මත් අප්පච්චිත් අපි ළඟ ඉන්නකොට සති අන්ත නිවාඩුවට සහ ඉඩ ලැබෙන නිවාඩු දවසට සන්කදි මුළු පිරිවරම අපේ ගෙදර එනවා.ඒ එන්නෙ මුළු දවසම ඉන්න.

ඉතින් මං උයන්න ඕන! කුස්සියට වැදීගෙන මම කෑම උයනවා.

“දැන් කරන රස්සාවට තෝරාගන්න පන්නරය හම්බෙන්න ඇත්තෙ එහෙනම් එතනින්…”

මගේ කතාව අහගෙන ඉන්න ලියන්නිය හයියෙන් හිනා වෙන්නේ මගේ හිතේ බර නිදහස් කරන්න වෙන්නත් ඇති.

“ඒ කාලේ නම් මට උයන එක පෙන්නන්නම බැරි වැඩක්..”

දැන් ඉවීම සහ මගේ රැකියාව ගැන සම්බන්ධය ඔබට හිතාගන්න බැරුව ඇති.මේ වෙනකොට මම ඔබට කියලා තියෙන්නේ මම විලාසිතා නිර්මාණ ශිල්පය හැදෑරූ කෙනෙක් බව.ඉතින් එහෙම තමයි.ජීවිතය මහ පුදුම විදිහට වෙනස් වෙනවා.ඒ නිසා ඉස්සරහට මගේ ජීවිතය ඊට වඩා ගොඩක් වෙනස් වෙන බව විතරක් දැනට මතක තියාගන්න.මට දුවෙක් ඉන්නවද කියලත් ඔබ අහල තියෙනවා මම දැක්කා.ඒකටත් දෙන්න තියෙන උත්තරය තමයි මම මේ කියමින් මගේ ඉන්නේ මගේ ජීවිතයේ දෙවැනි දශකය ගැන.දැන් මම හතරවෙනි දශකය ගෙවමින් ඉන්න ගැහැනියක්.

කුතුහලය ඇවිස්සුවා ඇති! අපි ආපහු කතාවට යමු.

ඉතින් ඒ දවස් වල අසංකගේ මුළු පවුලම අපේ ගෙදර එන්නේ වාහන පුරවගෙන.මම තේ හදනවා; කෑම උයනවා.ඉදිමුනු කකුලත් එක්ක අම්මත් ඇවිල්ලා පුළුවන් විදිහට මට උදව් කරනවා.

“මම මොනවද පුතේ ඔයාට කරලා දෙන්නේ?”

අම්මා එහෙම අහනකොට මට ඇති වෙන්නේ වේදනාවක්.ඇය ඉන්නේ පිළිකාවක් නිසා හරිම වේදනාවෙන්.ඇය බලන්න එන බලන්න එන ඇගේ දරුවෝ මගෙන් විතරක් නෙමෙයි ඇගෙනුත් වැඩ ගැනීම මොනතරම් කැතයි ද?ඒත් ඉතින් ඔව්වා කියලා පහදන්න බැරි කාරණා කියලා මට නොතේරෙනවා නෙමෙයි.උදේටත් කාලා දවල්ටත් කාලා හවසට තේ බීල රෑට කෑමත් ඔතන් එයාල ආපහු යන්න යනවා.ගෙදර ෆ්‍රිජ් එක සම්පූර්ණයෙන් සුද්ද වෙනවා.

අපි සිංහල මිනිස්සු.කෙනෙකුට කෑම කටක් දෙන එක ගැන කවදාවත් වරදක් නොහිතන අය.මොන තරම් අගහිඟකමකින් හිටියත්,දහ පහළොස් දෙනෙකුට උයන එක අවුරුදු තිහවත් සම්පූර්ණ වෙලා නැති මට මොන තරම් අමාරු වුණත් මම ඒවා ඉවසීමෙන් දරා ගත්තා.

Mother and daughter love

“අපෝ ඔන්න අදත් එනව. අනුරාධට වෙන වැඩක් කරගන්න වෙන්නෙත් නෑ..”

අපේ ගෙහිමි කාන්තාව කියපු හැටි මට තාම මතකයි.ඒ දේවල් මතක් වෙනකොට මටත් තරහක් ඇති වෙනවා තමයි.ඒ මගේ යෞවන කාලය කුස්සියට හිර කරන්න ඔවුන් උත්සාහ දැරීම ගැන නෙමෙයි.අසනීපයෙන් හිටපු අම්මා මගේ ලග සැනසීමෙන් ඉන්න කොට වත් එක විදියකට ඉන්න නොදීම ගැන.ඒ අම්මා මහගෙදර ඉඳහිට ගිය දවසටත් අමාරුවෙන් නැගිටගෙන කෑම උයපු හැටි මං මගේ ඇස් දෙකටම දැකලා තියනවා.

සමහර පවුල් විනාශ කරලා දාන්නේ නෑදෑයන්.අසංකගේ නෑයෝ ගැන මට කියන්න තියෙන කතාව අන්න එච්චරයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles