ජීවිතය මහ මුහුදක් වග මා ඔබට පැවසුවේ මේ කතාව ඔබට කියන්නට පටන් ගත් මුල්ම දවසේ.ඉතා නිශ්චලව පවතින සයුර ඕනෑම මොහොතක චණ්ඩ වෙන්නට පුළුවන්.කිරිකවඩි හසරැලි පිපෙන්නට ගත් මගේ ජීවිතය සුදාරක රෝගී වීමත් සමඟ ඉතා අපහසු එකක් වූවා.මට බොහෝ දේවල් දරා ගන්නට සිදුවුණේ ඔහු කිනම් මොහොතක මා අතහැර යා දැයි දැනෙන...
ඔබේ පවුලේ අසාධ්‍ය රෝගියෙක් ඉන්නවානම් ඔබ ඒ රෝගියාට කළ යුතු හොඳම දේ කරන අතර දිය හැකි ඉහළම වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට කටයුතු කරනවා ඇති.එය එසේ නොවේදැයි ඇසිය යුතු වන්නේත් නැහැ.ඒ නිසා මා මේ කියන්නට යන කතාව ඔබ මහත් පුදුමයකට පත් කරනවාට සැක නැහැ.
ඒ මොහොතේ වෛද්‍යවරයා කතාකරමින් හුන්නේ හමුදා රෝහලේ...
සුධාරකගේ ජීවිතය ඉක්මනින්ම අවසන් වන බවට ඔහුගේ ඥාතීන්ට දැඩි විශ්වාසයක් තිබුණා.යථාව පිළිගන්නට අකමැති වීම සහ ඕනෑම දරුණු අවස්ථාවකදී සටන් කරන්නට ඇති උවමනාව නිසා මම එය නොපිළිගත්තත් ඔවුන් එය දැඩිව පිළිගනිමින් සිටියා.
"දේපලවලට මොකද කරන්නේ?"
දිල්හානි සමඟ එක් වී අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම මේ මොහොතේ ඔවුන්ට විශාලම ගැටලුව වී තිබුණා.ජීවිතයේ එක්තරා...
සුධාරක සුවපත් කර ගැනීමට මා පමණක් ඔහු ඇමතීමේ තේරුමක් නොමැති බව මට වැටහුණා.ඒ නිසා මට ලැබෙන කුඩා කාලසීමාවේ ඔහුගේ කනිෂ්ඨයන්ද ඔහු වෙතට යවන්නට මම කටයුතු කළා.සිරුරෙන් දැවැන්ත තරුණයන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා අසල වැලපෙන්නාක් මෙන් සුදාරක අසල වැළපුණු අන්දම මට තවමත් මතකයේ තිබෙනවා.
"නැගිටින්න සර්.මේ කාලේ අපට කරන්න කොච්චර වැඩ තියෙනවද?...
සෑම කළු වලාවකම රිදී රේඛා ඇඳෙන අවස්ථා ඕනෑ තරම්. සුදාරකගේ නෑදෑයන් මගේ ජීවිතය සම්බන්ධයෙන් ඔවුන්ට ඕනෑ පරිදි උගුල් අටවමින් සිටියදී මා මහත් බලාපොරොත්තු තබා ගෙන සිටි එක් දෙයක් සිදුවෙමින් පැවතුණා.
සුදාරක ඉන්නවාට වඩා සුවයෙන්! අප බලාපොරොත්තු නොවූ පරිදි ඔහුගේ තත්ත්වය මඳක් යහපත් වන්නට පටන් ගත්තා.ඔහු අත් කකුල් සෙලවීම් කරන්නට,ඇස් කරකවමින්...
මිනිසුන්ට ඒ තරම් ඉක්මනින් වචන වෙනස් කළ හැක්කේ කෙසේ දැයි මට සිතා ගන්නට බැහැ.දිල්හානිව ඔවුන් කිසිවෙකුත් ප්‍රිය කරන්නේ නැති බව,ඇයට කිසිවෙක් සමග හොඳින් සිටින්නට බැරි බව මට පැවසූ සුධාරකගේ සහෝදරියන්ම දැන් "පවුල ගොඩ නගන මෙහෙයුමකට" සැරසෙමින් සිටියා.
"අයියා,දිල්හානිගේ වැරදි ඇති.ඒත් දැං ඔයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.මේ පවුල කඩා ගන්න බැහැ.අනුරාධා ඒ...
මේ සෑම දෙයක්ම සිදු වූයේ මා සුදාරකගේ පවුලේ උදවිය ඕනෑවට වඩා විශ්වාස කිරීම නිසා බව ඔබට සිතෙන්නට පුළුවන්.සුධාරක සම්බන්ධයෙන් පමණක් නොවේ.අසංක සහ නලින් සම්බන්ධයෙන් පවා මා සිතුවේ මේ ආකාරයෙන්මයි.විවාහ වූ පසු සැමියාගේ පවුලේ අය මගේ පවුල බවට ද පත්වෙනවා.ඒ නිසා ඔවුන් සමග දුරස්ථභාවයක් පවත්වා ගැනීම හෝ වෙන්ව ජීවත් වීම...
ඒ පහර එල්ල වූ පසු මට ඇතිවුණේ මහත් කේන්තියක්.මගේ වෙලාවේ හොඳකමකට නිය පිටින් සීරීමක් හෝ මට ඇති නොවුනත් ඇය මට පහර දෙන්නට උත්සාහ කිරීම මගේ කෝපය වඩවන්නක් වුණා.මම එය දැන ගැනීමෙන් පසු ආපසු හැරී බැලුවේ ඉතා කෝපයකින්.මට මේ ගැහැනියට ඈ කළ ක්‍රියාව ගැන වැඩිම ඇමතීමට වුවමනාවක් ඇති වුණා.නමුත් රෝහල්...
කොහොමටත් ඒ කාලය වෙද්දී මා සහ සුධාරකගේ පවුලේ අය අතර සබඳතාවය ලෙහෙමින් පැවති එකක්.ඒ නිසා මෙවැනි ඥාතියෙකු එන බව මට දන්වන්නට ඔවුන් කොහොමටත් කල්පනා නොකරන්නට ඇති.
සුධාරකගේ අම්මා ඔහු සමඟ කතා කරමින් සිටියේ මාව නොදන්නා ලෙසින්.මාව සත පහකටවත් ගණන් ගත්තේ නැති බව හොඳින්ම පෙනෙන්නට තිබුණා.එතැනට එන්නේ එක් එක් අයගේ අවධානයට...
මම ආපසු එද්දී අපේ වාහනය වෙනුවෙන් සුදාරක ට ලබා දී තිබූ රියදුරු මහත්මයා මුහුණ අඳුරට හරවාගෙන බලාගෙන සිටියා.ඔහුගේ මුහුණේ වූයේ දැඩි කනස්සල්ලක්.
"මැඩම්,වාහනේ යතුර දීලා වාහනෙන් අයින් වෙනව.මට සමාවෙන්න මට මේක තවදුරටත් කරන්න බෑ."
ඔහු ඉතාම හිතෛශී මිනිසකු වූ නිසා මේ කතාව අදහා ගත නොහැකි වූ මම ඔහුගේ මුහුණ දෙස බැලුවා.
"අපි...