(අ)හිමි සිහින – 160

ඒ පහර එල්ල වූ පසු මට ඇතිවුණේ මහත් කේන්තියක්.මගේ වෙලාවේ හොඳකමකට නිය පිටින් සීරීමක් හෝ මට ඇති නොවුනත් ඇය මට පහර දෙන්නට උත්සාහ කිරීම මගේ කෝපය වඩවන්නක් වුණා.මම එය දැන ගැනීමෙන් පසු ආපසු හැරී බැලුවේ ඉතා කෝපයකින්.මට මේ ගැහැනියට ඈ කළ ක්‍රියාව ගැන වැඩිම ඇමතීමට වුවමනාවක් ඇති වුණා.නමුත් රෝහල් කොරිඩෝවෙන් එපිට සුදාරකගේ වෛද්‍ය කණ්ඩායමේ සමහරුන් සහ හෙද නිලධාරිනියන් රැඳී සිටි අන්දම මා දුටුවා.

“ඇත්තටම පුතාගේ ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු තියන්න බෑ අම්මා. අපි එන විදිහකට බලමු. “

ඒ ආරංචිය අමුඅමුවේ වෛද්‍යවරුන් පවසද්දී පවා නෙතින් කඳුළක් නොහෙළා බලා සිටි සුදාරකගේ අම්මා ගැන රෝහල් කාර්ය මණ්ඩලය සතුව කොහොමටත් අපැහැදීමක් තිබුණා.එනිසා විනාශ වන්නට ඇයට ආත්ම ගරුත්වයක් නැති බව මා හොඳින්ම දන්නවා.

නමුත්,රෝහල් සයනේ නිහඬවම වැතිරී සිටින්නේ සැබෑ වීරයෙක්.තමන්ගේ රැකියාව අභිමානයෙන් කරමින් බොහෝ ජන ප්‍රසාදයක් දිනා ගත් පුද්ගලයෙක්.ඔහුගේ ගරුත්වය ඔහුට සිහි ඇති මොහොතකට වඩා මේ මොහොතේ රැකිය යුතු බව මට මගේ හදවත පවසන්නට වුණා.ඒ නිසා මා ආපසු හැරී නිහඬවම එන්නට තීරණය කළා.

ආපසු නවාතැනට පැමිණි පසුව මම සුදාරකගේ සහෝදරියන්ට සහ මස්සිනාට මේ සම්බන්ධයෙන් දැඩිව අප්‍රසාදය පළ කරන්නට පටන් ගත්තා.

“ඔය අම්මා එහෙ මෙහෙ යන්නෙ මගේ වාහනේ.එහෙම තියාගෙන තමයි මට මේ වගේ කතා කියන්නේ. ආයේනම් මගේ වාහනයට නගින්න වත් ඉඩ තියෙන්න එපා.”

මම එසේ තර්ජනාත්මකව කියද්දි ඔවුන් වහාම මගේ හිත සනසන කතා පවසන්නට වුණා.

“මේ අම්මට නම් පිස්සුද මන්දා. මොකක්ද අනේ ඒ හැසිරෙන හැටි.”

එසේ කියමින් ඔවුන් මා සන්සුන් කරන්නට කටයුතු කළත් මේ වෙද්දි වෙද්දී ඔවුන් සියල්ලන්ම එකතු වී ක්‍රියාත්මක කරන සැලැසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මා දැන සිටියේ නැහැ.

මට නොදැනෙන්නට දිල්හානි සමඟ සම්බන්ධතා නැවත අලුත් කරගන්නට ඔවුන් කටයුතු කරමින් සිටි කාලයක් ඒ.තමන්ට ලංකාවට නැවත පැමිණියේ නොහැකි තත්ත්වයක් ඇති බව පවසමින් දිල්හානි ඔවුන්ට ලිපියක් ද පෙන්වා තිබුණා.දිල්හානිට නොයෙකුත් නොසරුප් බස් කියමින් බැණ වදිමින් සිටි ඔවුන් මේ වෙද්දී ඇය කියන සෑම දෙයක්ම පිළිගනිමින් ඇගේ පාර්ශවයට උදව් දෙන්නට තීරණය කර තිබුණා.පිළිගැනීමට අසීරු වුවත් එය තමයි සත්‍ය කතාව.

“අපි ජීවත් වෙන්නෙත් කුලියට.අයියට මොනවා හරි උනාමඑයාගේ දේවල් අයිති වෙන්න ඕනේ අපිට.නිකං ගෙවල් කුලී ගෙවගෙවා ඉන්න ඕනි නෑනේ.අයියට දෙකෙන් එකක් උනාම එයාගේ ගේ අපිට ගන්න ඔයා අපිට උදව් කරන්න.”

සුධාරකගේ එක් සහෝදරියක් දිල්හානි ගෙන් එවැනි ඉල්ලීමක් කර තිබුණා.ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටින මිනිසාගේ ජීවිතය කෙසේ හෝ රැකගන්නට මම පන්සල් කෝවිල් ඒ ගොස් පුද පූජා පවත්වද්දී ඔහුගේ ලේ ඥාතීන් ඔහු මියගිය වහා දේපල බෙදා ගන්නා අන්දම ගැන ඉතා නිහීන සැලසුම් සකස් කරන්නට පටන් ගෙන තිබුණා.ඔවුන්ට සුදාරක සුවකරගන්නට කිසිම උවමනාවක් තිබුණේ නැහැ.ඔහුගේ අවසන් හුස්ම කිනම් මොහොතේ පිට වේදැයි නොදන්නා බැවින් සියලු සැලසුම් කල්තියා සකසන්නට ඔවුන්ට ඕනෑ කර තිබුණා.

(මේ ජීවිතයේ අප්‍රමාණ අත්දැකීම් වලට මුහුණ දුන් ගැහැනියක් අපට පවසන ඇගේ සත්‍ය කතාව ඇසුරින් අප ඔබට ගෙන එන ප්‍රබන්ධ මුසු කතාවක්.ආදර්ශමත් ජීවිත කතාවක් වෙනුවට මහ පොළොවේ ජීවත් වන ගැහැනියක කළ වැරදි,ඇයට සිදු වූ අසාධාරණකම් සහ ප්‍රේමයත් පරිත්‍යාගයත් ගැන කතාවක් මේ.කතාවේ හිමිකාරිනිය ඔබේ සියලු ප්‍රතිචාර කියවා බලන බැවින් ඔබ මතුපිටින් කියවන ඇගේ කතාවට රළු ප්‍රතිචාර නොදක්වන්නට කාරුණික වන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...