(අ)හිමි සිහින -165

සුධාරකගේ ජීවිතය ඉක්මනින්ම අවසන් වන බවට ඔහුගේ ඥාතීන්ට දැඩි විශ්වාසයක් තිබුණා.යථාව පිළිගන්නට අකමැති වීම සහ ඕනෑම දරුණු අවස්ථාවකදී සටන් කරන්නට ඇති උවමනාව නිසා මම එය නොපිළිගත්තත් ඔවුන් එය දැඩිව පිළිගනිමින් සිටියා.

“දේපලවලට මොකද කරන්නේ?”

දිල්හානි සමඟ එක් වී අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීම මේ මොහොතේ ඔවුන්ට විශාලම ගැටලුව වී තිබුණා.ජීවිතයේ එක්තරා කාලයක තමන්ව දැඩිව ප්‍රතික්ෂේප කළ පිරිසක් එසේ විශ්වාස කිරීමට දිල්හානි එතරම් විශ්වාස කළ හේතුව මට හිතාගන්නට බැහැ.ඒ කාලයේ ඇය විදේශගත වීම සම්බන්ධයෙන් වැඩිපුරම සතුටු වූයේ ඔවුන්. ලෝකයේ ඇති දරුණුතම හැඟීමක් වන වෛරයෙන් ඇය පිරී සිටීම නිසා සුදාරක ගෙන් පළි ගන්නට ඇති හොඳම අවස්ථාව මෙය බව ඇය සිතන්නට ඇති.මගෙන් පලි ගන්නට ඇති හොඳම ආකාරය ද සුදාරකගේ ඒ අයිතිය පවරා ගැනීම බව ඇය සිතන්නට ඇති බව මට වැටහෙනවා.සුදාරකගේ සියලුම ඥාතීන් ගන්නේ තමන්ගේ පැත්ත වටහා ගත් පසුව ඇය ඉතාම මාන්නයට පත්වී තිබුණා.දිල්හානි සිතා තිබුණේ සුදාරකගේ වරද වටහා ගෙන ඥාතීන් සියල්ලෝම ඇයට ළංවී ඇති බවක්.නමුත් ඔවුන් මේ කටයුතු කරන්නේ වාසියට බව දැන සිටීම නිසා මට මා ගැන මෙන්ම දිල්හානි ගැන ගැන ද ඇති වූයේ ශෝකයක්.නමුත් ඇයට නැවත ලංකාවට පැමිණෙන්නට නොහැකි බව ඔවුන් දැන සිටියා.මට සුදාරක සම්බන්ධයෙන් කිසිම නීතිමය අයිතියක් නැහැ.එවිට ඔහුගේ දේපළ සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ ඥාතීන්‍ට බව වටහා ගත්තා නම් දිල්හානි මෙසේ කටයුතු නොකරන්නට ද තිබුණා.

“ඕව අපේ අයියා දාඩිය මහන්සියෙන් ගොඩනඟපු දේවල්.ඕව මේ  කොහෙවත් ඉන්න ගෑනුන්ට අයිති වෙන්න දීලා බෑ ඕවා අපි අයිති කරගන්න ඕන.ඕවා අපි අතර බෙදා ගන්න ඕන.”

සුදාරකගේ සහෝදරියන් එය පවසන අන්දම දැන සිටියා නම් දිල්හානි පවා වෙනස් වෙන්නට තිබූ බව මගේ අදහසයි.

හදවතෙන් බැඳෙන්නට නොහැකි මිනිසුන්ට පවා දේපල නිසා එක් වී කටයුතු කරන්නට හැකි බව මට සිතුණේ මේ සිදුවීම් මාලාව නිසා.අප මරණයෙන් ඉනික්බිති කිසිවක් ම රැගෙන නොගියත් ජිවත් වී සිටින කාලයේ රැස් කිරීමට ඇති ආශාව ගැන මගේ ඥාතීන්ගෙන් තරම් කිසිවෙකුන්ගෙන් වත් ඔබට පාඩමක් ඉගෙන ගත  හැකි යැයි මා සිතන්නේ නැහැ.

ජීවිතය කියන්නේ එවැනි සිදුවීම් පිරුණු තැනක්!

නමුත් ඔවුන් මෙසේ උගුල් අටවන බවක් මම කිසිසේත්ම ලෙස දැන සිටියේ නැහැ.සුදාරකගේ වෛද්‍යවරයා ඔහු හමුවීමට එන මෙන් මට පණිවිඩයක් එවා තිබුණේ මේ අතර දවසකදී.මම ඔහු වෙත ගියේ යහපත් ආරංචියක බලාපොරොත්තුවෙන්.මේ මොහොතේ සුදාරක සම්බන්ධ යහපත් දෙයක් ඇසීම මිස වෙන කිසිවක් ම ගැන මගේ සෙවීමක් බැලීමක් සිදු වූයේ නැහැ.මා වෛද්‍යවරයාගේ කාමරයට යද්දී ඔහු හිටියේ වෙනත් අයකු සමඟ දුරකථන ඇමතුමකයි.

ඒ දුරකථන ඇමතුමේ අනිත් පස සිටින පුද්ගලයා කියන දේවල් කිසිවක් මට නෑසුණත් වෛද්‍යවරයා ලබාදෙන පිළිතුරු සහ ඔහුගේ යෝජනා මත සිදුවන්නට යන දේ ගැන මට යම් ඉඟියක් ලැබෙන්නට වුණා

මගේ ජීවිතේ සිදු විය හැකි දරුණුම කඩා වැටීමට සැලසුම් සැකසෙමින් තිබුණෙත් ඒ ආකාරයෙන් 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles