“ඔයාගේ තීරණේ තාම වෙනසක් නැද්ද ප්‍රභාත්?”
ප්‍රභාත් තමාට කතා නොකරන තැන තමා ප්‍රභාත්ට කතා කර යුතුය යාන තීරණයට කැළුමිණී ආවේ කරන්නට දෙයක් නැතිම තැනය. කතා නොකර ප්‍රශ්න විසඳාගන්නට නොහැකි බව පැවසුවේ ප්‍රභාත්මය. එහෙත් එහෙව් ඔහුව අද මෙවන් මොහොතක නිහඬව හිඳීම දරාගන්නට කෙතරම් නම් අපහසුද?
“වෙච්ච දේවල් අමතක කරල වෙන තීරණයක් ගන්න...
“පුතා දැන් ඔය ගැන තැවි තැවි ඉන්න එක නතර කරන්න කියලයි මම නම් කියන්නේ”
පබෝධා උන්නේ කුස්සියේ හිඳ එලියට බහින්නට සකසා තිබෙන මැටි පඩිපෙල මත ඉඳගෙන කහට කෝප්පය අතේ තබා හුන් කැළුමිණීටය. තේ කෝප්පය ඇගේ අත මත රැඳි දැන් බොහෝ වෙලාවකි. දෙණියායේ සීතලට හසු වී එහි උණුසුම පහව ගොසින් දැන්...
ප්‍රභාත් ඉන්නේ වෙනදාට වඩා සතුටෙන් බව තේරුණද කැළුමිණිට ඒ දෙස බලා සතුටු වෙන්නට හැකියාවක් තිබුනේ නැත. මක්නිසාද යත් ඔහු සතුටෙන් සිටින්නේ තමා නිසාවෙන් නොවන බවට සිත කියන නිසාවෙනි. වෙනදාට වඩා දුරකතනයට නැඹුරු වී හිඳිනුද, වෙනදා මෙන් නොරිස්සුමෙන් නොව කිසිත් සිදු නොවූවාක් මෙන්, තමාව නොපෙනුනාක් මෙන් තමාව මගහැර යද්දී වුව...
කැළුමිණී උන්නේ කඳුලු ගංගාවක ගිලෙමිනි. ගෙදර හිඳින්නට බැරි නිසාවෙන් බස් රියේ පැය ගාණක් අසුන්ගෙන ආවද මහන්සිය දැනුනේ ගතට නොවේ සිතටයි. උදා අරුණලු සෙමෙන් සැරේ සීතල දෙණියායට පාත් වෙමින් තිබුනද සිත තිබුණේ මියගියාක් මෙන් නිසොල්මනේය. අවදිවෙන්නට කිසිත් බලාපොරොත්තුවක් නැතිවය. ඒ මියගිය සිත උඩ හැරදමා ආ වේදනාකාරී මොහොතක මතකය බිඳෙන් බිඳ...
“ඇයි කෝසල ඔයා එහෙම දෙයක් කරේ?”
කෝසල කිසි දිනක තමාට එලෙසින් අමතනු ඇතැයි බලාපොරොත්තු නොවුවද ඔහු තමාව ඇමතීම ගැන කැළුමිනීට එක්තරා අතකින් සතුටු වන්නට කාරණාවක් තිබුනි. ඒ මෙතරම් කාලයක් ගෙවී ගිය පසුත් තමාට මෙසේ කරන්නට තරම් කෝසලට තමා සමග තිබූ තරහව කුමක්දැයි දැනගන්නට තිබූ උවමනාවය.
“ප්‍රභාත් මගෙ යාලුවා. ඌට එහෙම වලක...
ප්‍රභාත් විසින් බොහෝ වාරවල බීමත්ව විත් තමා සමග රාත්‍රිය ගෙවීමත්, අනතුරුව උදෑසන ඒ වෙනුවෙන් බැණු, ඇසීමත්, හැඬීමත් වෙනසක් නොමැතිව සිදුවන දෛනික දින චරියාවක් කරගන්නට කැළුමිණීට හැකියාව ලැබුණි. මේ තමා ලද, තමාට ලැබෙන්නට නියමිතව තිබූ ජීවිතය යැයි හිත හදාගන්නවා හැරෙන්නට කල හැකි දෙයක් කැළුමිණීට තිබුණේ නැත. එහෙත් ප්‍රභාත්ගෙන් වෙන්වී හෝ...
“ප්ලීස් කැළුමිණී මම බීල එන්නෙ මට දරාගන්න බැරි තරමෙ රැවටීමක්, දුකක් හිතේ තියෙන හන්දා. මට ඔයාට සමාව දෙන්න හිත හදාගන්න අමාරුයි. සමාව දුන්නත් ආපහු ඔයා එක්ක එකට ඉන්න පුලුවන්ද කියල මට හිතාගන්නවත්, මේ වෙලාවෙ ඒකට හරියට උත්තරයක් දෙන්නවත් අමාරුයි. ඒත් ප්ලීස් මට සිහිය නැති වෙලාවට මට ලංවෙලා මාව ආයෙ...
කැළුමිණී කෑම සකසාගෙන බලා උන්නද ප්‍රභාත් වෙනදාට ඔහු එන වේලාව පසුවී පැය දෙකකුත් වේලාවක් ගෙවෙන තුරු නිවසට ආවේ නැත. කැළුමිණී උන්නේ බියෙනි. මේ දිනවල තම නිවස ඇතුලාන්තයේ ගිනි ඇවිලෙන බව දැන ඉද්දී, නිවසේ වැඩපලක් වත් කීරීමට නිවනක් තමාට නොමැති වෙද්දී ඉතාම කාර්‍යබහුල රාජකාරියක නිරත වන ප්‍රභාත් මේ සියල්ල මැද...
කෙතරම් නිදාගන්නට උත්සහ කලද ප්‍රභාත් උන්නේ සුව නින්දක් අහලකවත් නැතුවය. නින්ද සොරු ගෙන ගොසින් බව හැඟෙඳ්දී ඇඳෙන් නැගිට කාමරයේ එහා මෙහා ඇවිදිමින් පවා ප්‍රභාත් කල්පනා කරේ කැළුමිණී ගැනය.
කාර්‍යාලයේදී දුටු ඒ සුන්දර, අවිහිංසක තරුණියට මෙවන් අඳුරු අතීතයක් ඇතැයි තමා කිසිදිනක සිතා නොතිබුන මව මතක් වෙද්දි එහා කාමරයේ නිදන කැළුමිණී වෙත...
“අනේ මන්දා ලමයො අපේ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම දේවල් අහල නෑ අපි. වෙන ගෙවල්වල නම් රණ්ඩු සරුවල් වෙලා ගෙදරින් පිටවෙල යන්නෙ ගෑණි නෙ. මේකෙ ඒකෙ අනිත් පැත්ත”
මුතුකුඩආරච්චි මහත්මිය පැවසුවේ හැඳ සිටි ගවුම් කරෙන් බෙල්ලේ වූ දහදිය බිඳු කිහිපයක් පිසදා ගනිමිනි. කැළුමිණී මේ ගමන ආවේ හිතකින් නොවේ. මේ තමා විසින්...