"ඊට ..පස්සේ ... "
එහෙම කියපු තලා හයියෙන් හිනා වුණා.
"මොනවා වුනත් මට හිතා ගන්න බැරි මොනාහරි විශේෂිත සිද්ධියක් එතන වෙනවා කියන එක නම් මට තේරුනා.මේ විදිහට කාලය ගෙවීගෙන යනකොට මාස දෙකකට සැරයක් මේ සිද්ධිය වෙන බව මට හොඳට නෝට් උනා.හැබැයි මම ඒක නොතේරුනු විදිහට හිටියා.මොනවා වුණත් මට පස්සේ හිතෙන්න ගත්තා...
"එදා රෑත් පුරුදු විදිහට මම කාමරේ ඇතුලට වෙලා දොර වහගෙන හිටියට එළියේ සිද්ධවෙන සද්ද බද්ධ ගැන බොහොම සැලකිල්ලෙන් හිටියේ...රෑ දහය මාරට විතර මම කාටවත් ඇහෙන්නේ නැති වෙන්න මගේ කාමරයේ දොර හෙමිහිට ඇරලා තිබ්බා.රෑ එකොළහට විතර මට මිදුලෙ වැලි කැට චරබර ගාන සද්දයක් ඇහුණා. ඒකෙන් මම තීරණය කළා කවුරුහරි කාමරේ...
මම එහෙම කියනකොටරාජරත්නම් ට බකස් ගාලා හිනා ගියා.
"ඔ..යා..ට.. බඩු වැඩි ...හ්.. වෙලා..."
කියලා රාජා කිව්වෙ හැබෑවටම වෙරි වෙච්ච තාලෙන් හින්දා අපි හැමෝටම හිනාගියා.මෙච්චර සංකීර්ණ කතාවක් කරන අතරතුරදීදිත් මේ විදිහට හක හක ගාලා හිනාවෙන එක ..එක අතකට හොඳයි කියලා මට හිතුනේ අපි තුන්දෙනා එකතු වෙලා රාජ්‍ය කුමන්ත්‍රණ කරනවා කියලා තව කෙනෙකුට...
"අම්මටසිරි... "
කොච්චර මැද්දෙන් කතා කරන්න එපා කියලා කිව්වත් ඒක අහගෙන ඉන්නකොට මට ඉබේම කියවුනා.
රාජරත්නම් හිනාඋනා..
"ඔව්... ඇත්තටම ඒක සුපර් අම්මටසිරියාවක් තමයි"
තලා හිනාඋනා ...
"උඹ කොහොමද එහෙම කියන්නේ..උඹ ඒ මනුස්සයව කැමරාවෙන් දැක්කේ නැද්ද..උබ කොහොමද මෝහනය නොවී බේරුනේ.."
"නෑ මම හිටියේ රත්නාලෝකට මුහුණ දාලා ඉඳගෙන.කැමරාව තිබුණේ රත්නාලෝක පැත්තට.එයා සෙකියුරිටි ගාඩ්ට කිව්වා මට මිනිහගේ මූණ...
"ලැගගෙන ඉන්න කොට"..?
කියලා තලා අහපු විදිහට මටයි රාජටයි දෙන්නටම හිනා ගියා.ඒ වෙලාවේ අපි හිටියේ ගිනි කන්දකට වුණත් හිනා වෙන්න පුළුවන් මට්ටමක.. විස්කිවල පිහිටෙන්..
"ජනාශ්‍රී ඒ වෙනකොට හිටියේ රත්නාලෝකකාරයාගෙන් හැංගිලා.."
රාජා එහෙම කිව්වේ සුදු පාට තුහීන බැඳිච්ච විස්කි වීදුරුවෙ ලස්සන බලන ගමන් ගමං..
"ඒ කිව්වෙ.."
"මටත් අදහා ගන්න බැරි වුණා මිනිහා කියපු විස්තරය ඇහුවට...
උඹ නිකමට හිතපන්කෝ සාමාන්‍ය හොඳ පවුලක මනුස්සයෙකුට ඔහොම වුණයි කියලා..ඉතිං ඕක රෙයා සිද්ධියක්නේ..එහෙනම් ඉතින් ඕකට හොඳ පබ්ලිසිටි එකක් හම්බවෙනවා. එහෙමනම් hospital එක මීඩියා කාරයෝ වටකර ගන්නවා. මේ නිකන් හිගන ගෑනියෙකුට ඔහොම දෙයක් උනහම කවුද ගණන් ගන්නේ..
ජයසූරිය කියපු වචන ටික මගේ ඔළුවේ ඒ විදිහටම දෝංකාර දෙනෙකුට මම කැලිඩෝ එකට ඇවිල්ලා...
පහුවදා මම වැඩට ගිහිල්ලා මගේ වෝර්ඩ් එකේ ඉන්න ලෙඩ්ඩුන්ගේ ෆයිල් ටික බලන්න පටන් අරගන්නකොට රාජරත්නම්ගෙන් කෝල් එකක් ආවා.මට දැනුනේ ලොකු සතුටක්..
"හෙලෝ ඩොක්ටර් .. වෙරිගුඩ් මෝර්නින් ..."
"අම්මා .. රාජා.. ගුඩ් මෝර්නින් ..කොහෙද දෙයියනේ මෙච්චර කල් ගිහිල්ලා හිටියේ..."
"ඩොක්ටර් .. බය උනාද.. මේ රාජාගේ බෙල්ල කපන්න එහෙම කාටවත් බෑ..."
මගේ හිත කියෙව්වා වගේ...
පහුවෙනිදා ඉඳලා මම මගේ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා.අනික් ලෙඩ්ඩුන්ගේ වැඩකටයුතු ඉවර වුණාට පස්සේ වාට්ටුව භාරව ඉන්න අනික් දොස්තරට වැඩ ටික බාර දීලා සම්පූර්ණ දවසම වෙන් කරන්න තීරණය කළේ ප්‍රහාන් වෙනුවෙන් .කිසිම කෙනෙකුගේ මූණක් බලලා වචනයක් කතා කරන්නේ නැතුව හිටපු ප්‍රහන්ව මම මගේ වාහනේ දාගෙන වාද්දුව හරියේ තියෙන බොහොම...
එදා අපි කැලිඩෝ එකෙන් එළියට යනකොට රෑ එකොළහත් පහුවෙලා තිබුණා. ලෙමන් ජින් බෝතලය මදි කියලා බිටර් ස්කොච් ජින් එකක් ගමු කියලා රාජරත්නම්ගෙ එකම පොරයයි.
"ඩොක්ටර් ඉන්නකො.. මං ගන්නම්.. අද අපේ බටා ඩේ එක.. සල්ලි තියෙනවා මට අද...ඩොක්ටර් දන්නවා ද.. මට අද මාර සැහැල්ලුවක් දැනෙන්නේ ...මගේ හිතේ තියෙන දේවල් වලින් බාගයක්...
රාජරත්නම් එයාගෙ හතරැස් බෑග් එකෙන් එකතු කරපු පත්තර වගයක් ගත්තා.ඒක ස්ක්‍රැප් බුක් එකක් .. මුළු පොත පුරහම රත්නාලෝකගේ වගේම අනික් ප්‍රධානම මැති ඇමති ගොල්ලන්ගේ ඉස්සර සහ මෑතක එකතු කරපු ඡායාරූප එකතුවක් වුණා.
"මේ බලන්න ඩොක්ටර්..අපි කවුරුවත් මේ ගැන වැඩිය හිතන්නේ නෑ..මම කරන රස්සාව හින්දද මම දන්නෙ නෑ..මට ඉතින් හැම දෙයක්ම...