එයා මැරිලා හුගක් කල් 10

මම එහෙම කියනකොට
රාජරත්නම් ට බකස් ගාලා හිනා ගියා.

“ඔ..යා..ට.. බඩු වැඩි …හ්.. වෙලා…”

කියලා රාජා කිව්වෙ හැබෑවටම වෙරි වෙච්ච තාලෙන්  හින්දා අපි හැමෝටම හිනාගියා.මෙච්චර සංකීර්ණ කතාවක් කරන අතරතුරදීදිත් මේ විදිහට හක හක ගාලා හිනාවෙන එක ..
එක අතකට හොඳයි කියලා මට හිතුනේ අපි තුන්දෙනා එකතු වෙලා රාජ්‍ය කුමන්ත්‍රණ කරනවා කියලා තව කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්.ඒත් මේ විදිහට සැරින් සැරේ හිනාවෙනකොට එච්චර සංකීර්ණ කතාවක් මෙතන වෙනවයි කියලා කෙනෙකුට නොහිතෙන්න පුළුවන්.කවුද දන්නේ? බිත්ති වලටත් කන් තියනවා.ලයිට් වලටත් ඇස් තියෙනවා.

“ඔය කාල වකවානුවේම තමයි ඊට පස්සේ ජනාධිපතිවරණය පැවැත්වුණේ.මිනිහා උඩින්ම දිනුවා.අගමැති කාලේ මිනිහා ළඟ තිබිච්ච හොඳ ගතිගුණ කිසිම දෙයක් මේ කාලය වෙනකොට ඉතුරු වෙලා තිබුණෙ නැහැ කියලා මට හිතුනා.හරියට නිකං වාෂ්ප වුණා වගේ..ජනාධිපති වෙච්ච වෙලේ ඉදං මිනිහා හැසිරෙන විදිහ උබලටත් පේනවනේ.හැම තිස්සේම අරගන්නේ අදූරදර්ශී තීරණ.හැම තිස්සේම සාමාන්‍ය මිනිස්සුන්ව තලා පෙළාදාන තීරණ.නීතියේ කිසිම සාධාරණත්වයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මිනිහගේ අතේ.තිස්සෙම කල්පනා කරන්නේ මේ රටේ දේවල් විකුණන්නේ කොහොමද කියන එකයි.කිසිම දෙයක් මේ රට ඇතුලෙ දියුණු කරන්න උත්සාහ කරන්නේ නෑ.රටේ තියෙන සම්පත් පුළුවන් තරම් ඇමරිකාවට දෙන්න තමයි කල්පනා කරන්නේ.මිනිහට විරුද්ධව එක මනුස්සයෙකුට කට අරින්න දෙනවද..මේ රටේ තියෙන මාධ්‍ය හැම දෙයක්ම මිනිහා තමයි පාලනය කරන්නේ.අහිංසක මිනිසුන්ගේ පැනඩෝල් පෙත්තෙනුත් ගසා කන ඇමතිලාට මාර කැමැත්තක් තියෙන්නේ..සාමාන්‍යයෙන් ඔය නිලතල වලට යන මිනිස්සු ඔහොම තමයි.හැබැයි ඔහොම සීයට සීයක් තමන් විතරක් කාලා ඉන්නේ නැහැ.අඩුම තරමේ රටේ මිනිස්සුන්ව බඩගින්නෙවත් තියන්නේ නැතුව ඉන්නවා.රාජා දන්නවද.. මෙරපනම් කියලා කියන්නේ ඇන්ටිබයිටික් ගොඩේ තියෙන ප්‍රබලම ඇන්ටිබයිටික් එක.ඒක සාමාන්‍යයෙන් දෙන්නේ නිමෝනියාව මොළේ උන වගේ බොහොම බරපතල තත්ත්වයන්ට වලට පත්වෙච්ච අයට.  ඔය සෞඛ්‍ය ඇමතීත් එක්ක එකතු වෙලා රත්නාලෝක කාරයා මෙරපනම් කන්ටේනර් පෙට්ටි දෙකක් ගෙන්නුවා. මමත් ළඟ හිටපු හින්දා මට යන්තම් යන්තම් ඔය සාකච්ඡාව ඇහුනා.ඉවසගෙන ඉන්න බැරිම තැන  වෙන වෙලාවක් බලලා මම බොහොම හෙමිහිට රත්නා ලෝකෙට කිව්වා..”

….සර් මේක මට අදාලම දෙයක් නෙමෙයි.මට සමාවෙන්න මෙහෙම කියනවට.ඒ බෙහෙත් හංගන වැඩේට මම හරි විරුද්ධයි කියල….

“අම්මටසිරි ..ඉතින් …”

“ඔව් යකෝ… මූ මගේ මූණ දිහා මාර බැල්මක් බැලුවා.උඹල විශ්වාස කරයිද මන්දා උගෙ මුළු ඇස් දෙකම කළු පාටටයි මම දැක්කේ. සුදු ඉංඟිරියාවක් තිබුනෙම නැහැ. මූ මගේ දිහා බලාගෙන ඉඳලා කියනවා

ඩොක්ටර් … සීසර්ගෙ දේ සීසර්ට දෙන්න කියලා …

ඊට පස්සේ මම මොකුත් කතා කරන්නේ ගියේ නැහැ.මට මිනිහගේ ලොකු වෙනසක් තේරුණා.ඊට මාසෙකට විතර පස්සේ තමයි අපිටත් දැනගන්න හම්බවුණේ මිනිහා ඒ බෙහෙත් කන්ටේනර් ටික ඇල කන්ද පැත්තේ කොහෙද හංගලා මෙරපන සෑහෙන ගණනකට ගියාට පස්සේ මාකට් වලට දැම්මයි කියලා.ඒකෙන් මිනිහා හිතා ගන්න බැරි තරම් මුදලක් උපයා ගත්තා.ඔය අපි දන්න එකක් විතරයි. ඔය බත්තලංගුණ්ඩුව පැත්තේ තියෙන සෑහෙන දූපත් ප්‍රමාණයක් එක එක ඇමරිකන් හෝටල් සමාගම් වලට මිනිහා තනි කැමැත්තෙන් බදු දුන්න.කිසි කෙනෙකුට ඒවා කතා කරන්න පුළුවන් වුණේ නැහැ.සාමාන්‍ය ජනතාවට ඒවට විරුද්ධ වෙන්න දැනුමක් තිබුනෙත් නැහැ.මේ සේරම හැසිරීම පටන් ගත්තේ ජනාධිපති වුණාට පස්සේ.ඒ දවස්වල මට මතකයි ඉන්දියාව පාකිස්ථානය ඩුබායි වගේ රටවල් රත්නා ලෝකකාරයා පස්සේ අඬ අඬා ආවා ඔය එක එක විකුණන දේවල් උන්ටත් දෙන්න කියලා.මූ ඒ සේරම තවමත් ඇමරිකාවට තමයි දෙන්නේ. ..

ඒ වගේම තව හරි විශේෂ වැඩක් උනා..”

“කියපං කියපං ඉක්මනට.. යකෝ මේක මාර ෆිල්ම් එකක් නේ..”

මං කිව්වෙ අලුත්ම බ්‍රැන්ඩි බෝතලය බෙල්ලෙන් අල්ල ගන්න ගමං….

“ඉතිං අහනවාලකො  කලබල නැතුව.. උගේ ගෑනිටවත් තේරුනාද දන්නෙ නෑ මේ වෙනස්කම්… ඉස්සර රත්නාලෝකකාරයා හෙව්වෙම ලස්සන ගෑණු.වැඩිමනක්ම අවුරුදු විස්සේ විසිපහේ එවුන්… මෙහෙදී නම් හුඟක් ඔය සෙල්ලම කරනවා අඩුයි.දන්නැද්ද ඕපදූපකාරයෝ පිරිලානේ..එක එක වෙලාවල් වල පිටරටවල්වල ගියහම තමයි ගොඩක්ම තිබුණේ.පෞද්ගලික වෛද්‍ය උපදේශක හැටියට දෙන්න ඕනේ උපදෙස් මම ඔක්කොම දීලයි තිබුනේ.හැබැයි මිනිහා ඒවා නූලට තිතට පිළිපැද්දා. ඒ වගේම ගොඩක් වෙලාවට ජාත්‍යන්තර නායකයින්ට ස්ත්‍රීන් සපයන වෙනම ආයතන ඒ රටවල්වල තියෙනව.මෙහෙ වගේ ලෙඩ ගෝදාවල් නෙමෙයි.. ටොප් බඩු..”

එහෙම කිව්වහමත් අපි සේරමල්ලා ආපහු හිනාවුණා.

“හැබැයි ඔය සිද්ධියෙන් පස්සේ රත්නාලෝක විශේෂයෙන්ම කැමති වුණේ බාල වයස්කාර කෙල්ලන්ට නෙමෙයි..”

“එහෙනං…”

මටත් කට තියාගෙන ඉන්න බෑ. ඉවසිල්ලක් නැති හින්දා තලා විස්තරය කියන්නත් කලින් මට ඕනේ කොහොම කොහොමහරි විස්තරේ එළියට ඇදලා අරගන්න.

“ඒක මට කියන්න තේරෙන්නේ නෑ බං…උඹලා විශ්වාස කරයිද නැද්ද දන්නෙත් නැහැ?..දරු ප්‍රසූතියට ලංවෙච්ච ඔන්න මෙන්න  ගෑණුන්ව තමයි
රත්නාලෝක කාරයාට ඕන කළේ..”

“ඒ කියන්නේ… “

“ඔව් .. හැබැයි මිනිහා මටවත් ඒක කිව්වේ නැහැ.කීප දවසක් මං දැක්කා කවදාවත් නැතුව මිනිහා කාටත් නොකියාම ඔය බොහොම දුර පළාත්වල ලොකු ලොකු හෝටල්වල නවතින්න යනවා කියලා.මිනිහ මට කිව්වේ මිනිහගේ මානසික සුවය උදෙසා කිසිම ආරක්ෂකයෙක් නැතුව හොර රහසේ මෙහෙම යනවා කියලා.හැබැයි මිනිහා කොයි වෙලාවකවත් තනියම යන්න බය වුණා ..මං කිව්වේ යන යන තැන මාවේ එක්කගෙන ගියේ…මිනිහ මැරෙන්න හරි බයයි..මම ළඟ ඉන්නවනම් මිනිහට ඒ ඇති. ඉතින් ඔහොම යන කීප දවසක මම දැක්කා මහ රෑට මුළු ඔළුවම ඇඟම වහගත්ත ගෑනියෙක් කාමරය ඇතුළට එනවා කියලා.ඒක මම අහම්බෙන් දැකපු දෙයක්. නින්ද යන්නෙ නැති දවසක රෑක කාටත් කරදරයක් නොකර මට ඕන උනා එලියට යන්න.බොහොම හෙමින් දොර අරගෙන මම එළියට එන්න ආවේ ඒකයි.එතකොටයි මම දැක්කේ රත්නා ලෝක ගේ කාමරය ඇරලා කවුරුහරි ගෑණු කෙනෙක් ඇතුලට යනවා කියලා.මේක මට  විශේෂ සිද්ධියක් වුනේ  මං දන්නවා රත්නාලෝක කොහෙ ගියත් මෙහෙන් නම් ගෑනු හොයන්නෙ නැති බව. ඊටත් වඩා ඒ ගෑණු කෙනා කොච්චර ඇඟපත වහගෙන හිටියත් බඩ හොඳට ලොකුවට පෙනුනා.


දොස්තර කෙනෙක් වෙච්ච මට හොයන්න බැරිද ඒ බඩ මොකක්ද කියලා.ඒක ඇත්තටම ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ ලාස්ට් ම ටයිම් වල වගේ බඩක්…මට හිතාගන්න බැරුව ගියා ඒ මොකක්ද ඒ කියලා.පස්සේ මම හැංගිලා ඒ දිහා බලාගෙන හිටියා.හරියටම පැය තුනකටත් වඩා ඒ ගැහැණු කෙනා කාමරය ඇතුලේ හිටියා.පස්සේ ඒ ගෑනු කෙනා එළියට ගියා.හැබැයි කිසිම අමාරුවක්වත් කිසිම වෙනසක්වත් තිබුණෙ නැහැ.ඇතුලෙන් කිසිම කෑගැහිල්ලක් ඇහුනෙත් නැහැ.පස්සේ මම හෙමින් හෙමින් මේ ගෑනු කෙනා පස්සෙන් ගියා.ගෑනු කෙනා හෝටේල් එකේ ගේට් එකෙන් බොහොම ලස්සනට එළියට ගියා.ඒකෙන් මට තේරුණා හෝටලය දැනුවත්ව තමයි මේ ගෑණු කෙනා ඇතුලට ඇවිල්ලා තියෙන්නේ කියලා.උඹල කියන්නේ මටත් මාර පිස්සුනේ හැදෙන්නේ.රත්නා ලෝකකාරයා මෙහෙ ගෑනු ගෙන්න ගන්නේ නැති බව මම දන්නවනේ.මට ඕනෙ වුනා මේ ගෑනු කෙනා කොහේ ගෑනියෙක්ද කියලා බලන්න.ගෑනි ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ත්‍රීවිලර් එකක නැගලා ගියා. මං උඹලට කිව්වේ..මිනිහා මානසික සුවයට කියලා ගියේ අනුරාධපුරය පොළොන්නරුව වගේ හද්දිබ්බාගේ පිටිසර තියෙන හෝටල් වලට කියලා. ඉතින් කොළඹ වගේ එක ත්‍රීවිල් එකක් යද්දි තව ත්‍රීවීල් එකක් නැහැ..ඊටත් මේ මහ රෑ…මං හිතන්නේ පාන්දර තුනට විතර ඇති.මට ගෑනි පස්සෙන් පන්නං යන්න  පුළුවන්කමක් උනේ නෑ.. ඔය විදිහට කීප සැරයක් මිනිහා මාත් එක්ක මානසික සුවය ගන්න කියලා විවිධ පළාත් වලට කාලෙන් කාලෙට ගියා.හැබැයි නිශ්චිත කාලයක් තිබුණෙ නැහැ. හුඟක් වෙලාවට මාස දෙකෙන් දෙකට වගේ තමයි.එදා ඒ සිද්ධිය දැක්කට පස්සේ අනික් යන හැම වෙලාවකම මම බොහොම කල්පනාකාරී වුණා නැවත නැවතත් මේ සිද්ධියම වෙනවද කියල බලන්න.ඉරෝටික් සෙක්ස් එකක් කියලයි මට හිතුනෙ.උඹල දන්නවනේ ඔය ලොකු ලොක්කන්ට එක එක තියෙන අසහනකාරී දේවල්.ඇත්තටම මට ඕන උනා රත්නා ලෝකකාරයාගේ මේ දෙබිඩි ජීවිතය මොකක්ද කියලා හොයලා බලන්නේ? මොකද මේ සම්බන්ධයෙන් මිනිහා මට වචනයක්වත් කියලා තිබුණෙ නෑ.ඊළඟ සැරේ අපි ගියේ අම්පාර පැත්තේ හෝටලයකට..අපි දෙන්නාව කිසි කෙනෙක් අඳුන ගත්තේ නැත්තේ  කිසිම ආරක්ෂකයෙක් නැතුව සාමාන්‍ය විදිහට අපි දෙන්නා සාමාන්‍ය වාහනයකින් ගිය හින්දා.කිසි කෙනෙක් විශ්වාස කළේ නෑ මේ රටේ ජනාධිපති කියලා.මිනිහා නිතර දෙවේලේ අඳින්නේ කලිසම් කෝට් උනාට මේ වගේ ගමන් යනකොට සාමාන්‍ය සරමයි ශර්ට් එකයි ඇඳගෙන තමයි ගියේ..කන්නඩි දෙකක් දාලා බොරු රැවුලකුත් අලවගෙන ගිය හින්දා මිනිස්සු කිසි කෙනෙකුට හොයාගන්න බැරුව ගියා මේ කවුද කියලා.
එදා රෑත් මම හොඳ විමසිල්ලෙන් හිටියේ…”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles