එය චෙරි වලින් සැරසිලි කරන ලද චොක්ලට් ගැටෝ එකකි. කපන්නට ලෝබ කමින් මම එදෙස බලා සිටියෙමි. ගැටෝ ගෙන ඒමෙන් පෙනෙන්නේ රවීන් මගේ කැමැත්ත ඉටු කර දෙන්නට ගත් උත්සාහයකි. මේ කේක් එක වෙන කෙනෙකුගෙන් ලැබුණත්, ගැටෝ වලට මගේ ඇති පෙරේත කමත් එක්ක මා සතුටු වනු ඇත. නමුත් එය රවීන් වෙතින්...
නිලැසි තරුණයෙකු හා වෙරළේ ඇවිදින අන්දම තිසරු දුටුවේ අහම්බයකින් නොවේ.ඔහුට ඇමතුමක් පැමිණියේ එවග කියා ය.නිලැසි ගැන කිසිදු අවිශ්වාසයක් නැති දවස් අතීතයට එක් කළ තිසරු වහා මුහුදු තීරය වෙත ගියේ නිලැසිගේ පසුගිය දවස්වල හැසිරීම සිහි කරමිනි.ඔහු ගල් ගැසුණේ එය ගෙතූ කතාවක් නොවන තැන ය.හඬමින් පිටව යන නිලැසි වෙත ගොස් තද...
එදා, මගේ හිතේ ඔහු කෙරේ වන හැඟීම පො සඟව රවීන් ඉදිරියේ හෙළි දරවු කළ දා, දවල් මා මනාලියක ගේ මල් කළඹක් සඳහා සැලැස්මක් අඳිමින් සිටියදී, රවීන් ගේ නම මගේ දුරකතන තිරය මත සනිටුහන් ව තිරය ආලෝකමත් විය. මේසය මත වන දුරකතනය දෙස බලා ගෙන සිටියදී මගේ දෙතොල් අතරේ සිනහවක්...
"තාත්තා ඔයාට හරිම කැමතියි.."
නිලැසි එසේ පැවසුවේ එරන්දගේ අතක වෙලී මුහුදු රළ පාගමිනි.ඔහු කිසිත් නොකියා බැස යන හිරු දෙස බලමින් හුන්නේ ය.රත්පැහැ ආකාසය තරමට රත් පැහැ ගැන්වුණු කම්මුල් ඇති නිලැසි මොනතරම් රූමත් දැයි ඔහුට සිතේ.එහෙත් ඒ ලස්සන සදාකල් ළඟ තබා ගන්නට තරම් දොළක් ඔහුට නොවේ.
"සර්ට මං වගේ වොයිස් එකක් මුණ...
මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි පෞරුෂයක් අස තිගැස්සෙන්නේ නැති වෙන්නට විදිහක් නැත. ඒ වුණත් ඔහු ගේ බිරිඳ ඔහුව අතැර වෙනත් පුරුෂයෙකු වෙත ගොස් තිබේ. ආකර්ෂණය කියන දේ එහෙම ය. එය යම් කිසි...
නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා පිළිවෙළකට හඳිමින් බොහෝ පරිස්සම් විලාසිතා කරන තිසරු ද සිරුරට නොගැළපෙන තරමේ විශාල කමිසයක් හැඳ රැළි කොණ්ඩය ගෙල මුල දක්වා විසිරෙන්නට ඉඩ හළ එරන්ද ද ඔහු සිතෙන් මනින්නට...
"ඔයා මේ දැන් ගෙදර යන්න ඕන අක්කා මේ දැන්.."
නිම්නගේ කෝපාවිෂ්ඨ ස්වරය නිලැසිගේ කාමරය පුරා පැතිරී ගියේ ය.ඒ හඬට තිගැස්සුණු දිගැසි සේම රසාදරී මහත්මිය ද නිලැසිගේ කාමරයට දිව ආහ.රශ්ම් හුන්නේ නිම්නව සන්සුන් කරන්නට තැත් දරමිනි.නිලැසි යහන මත හිඳ ගෙන මල්ලී දෙස බලා සිටියේ ගිනි පුලිඟු විසි වන දෑසකිනි.
"මං අක්කා..මමයි මේ...
අහසේ ඝණඳුරු බවක් වූයේ නැත. වලාකුළෙන් ගහන වීම නිසා දෝ එහි යම් සුදුමැළි පැහැයක් විය. ඒ හින්දා ම අතුරු සිදුරු නැතිව තරු බැබළුණේ ත් නැත. ඉඳ හිට තැනින් තැන දිළුණ තරුවකත් වූයේ මළානික බවකි.
"කෝ ඉතිං උත්තර"
මගේ කල්පනා ලෝකය විසිරුවා හරිමින් රවීන් ගේ පිරිමිකාර හඬ දුරකතනයෙන් මගේ සවනට රිංගා ගත්තේ...
"නිලැසි කියන්නේ දැන් උඹට ගැළවෙන්න අමාරු උගුලක් පුතේ.."
මත් බඳුන් එකිනෙක අහවර වෙද්දී මාධව එසේ කීවේ ගිටාරය අපිළිවෙල හඬකින් වයමින් හුන් එරන්දට ය.ඔහුගේ වේගවත් එහෙත් ක්රමානුකූල නාද රටාවකට ගමන් නොකළ සංගීත නාදය එරන්ද මොනතරම් කලබලයට පත්ව සිටීදැයි අනාවරණය කළේ ය.
"මං කියන්නේ උඹ ඒකිව බැන්දොත් මොකෝ.."
මාධව ඔහුගේ යෝජනාව ඉදිරිපත් කළේ ය.එරන්ද...
ලොකු මාමා හදවත් රෝගියෙකු වී ඇති බැවින් ආච්චා ගේ වගකීම පොඩි මාමා හෝ වෙනත් කෙනෙකු භාර ගත යුතු යයි නයනා නැන්දා කියා තිබේ. මහ ගේ සහිත ඉඩම් කොටස ලබා දුන්නේ ලොකු හා පොඩි මාමලාට වන නිසාවෙන් ආච්චා ගේ වගකීම ඔවුන් දෙදෙනා අතරේ පැවතිය යුත්තක් කියා අනිත් මාමලා දෙදෙනා ගේ...