"ආරංචි වුණාම?"
විනුදි ඇසුවේ පුදුමයෙනි.නිලැසි නොකියා සිටියාට තිසරුට ද වෙනත් සම්බන්ධයක් පවතින්නේදැයි ඇයට සැක ඉපදිණ.නමුත් එසේ වීමට ඉඩ නැති බව විනුදි සිතුවා ය.තිසරු නිලැසිට බොහෝ ආදරය කරන බව ඇය හොඳින්ම දන්නා කාරණයකි.
"ඩිවෝස් එකකට අනියම් සම්බන්ධයක් කියන්නෙ හොඳ හේතුවක්.."
විනුදි නිලැසිගේ ඒ කතාව අසා දෑස් නළලට ගත්තා ය.අනියම් සම්බන්ධයක් හන්දා ඈ දික්කසාද...
සුනෙත් ගේ වදයෙන් බේරෙන්නට බැරි තැන මම දවල් ඔහු සමගින් ජාතික රෝහගේ හෘද රෝග ඒකකය වෙත ගියෙමි. මා පුදුමයට පත් කරමින් වාට්ටුවට පිවිසෙන තැන මිදුලේ ලොකු අයියා සමග රවීන් වූයේ ය. කෙනෙකු අපේ සිතට බලපෑම් කරන්නට පටන් ගත් විට නො කඩවා හැම තැනකදී ම ඔහු ව දර්ශනය වන්නට ගන්නවා...
"ඔයා මාව දාලා යන් නෑ කියල මං දන්නව.බැඳීමක් කියන්නෙ එහෙම දේකටනෙ.."
එරන්ද මිමිණුවේ නිලැසිට වඩාත් ළංව ය.ප්‍රේමයෙන් දරා ගැනීමට නිලැසි හිත හදා ගත්තා ය.ආදරය කියන්නේ ආදරයට ය.අසම්මත හෝ සම්මත යැයි බැඳීමක් ආදරයක තිබෙන්නට නුපුළුවන.ඈ එසේ සිතුවා ය.ආදරය පිපී එද්දී ඒ මල් පොහොට්ටුව තැලෙන්නට ඉඩ නොහරින්නට නිලැසි හිත දැඩි කර ගත්තා...
උදේ ම නයනා නැන්දලා රෝහලට ගියහ. ඈ ගියේ පොඩි අයියා ගේ මෝටර් බයිසිකලයෙහි ය. එදා උදේ පහට මුළු වත්තේ ම ගෙවල් වල අය අවදි වී විදුලි පහන් දල්වා ගෙන සිටියහ. හොඳ ආරංචියක් අසන්නට ලැබීම අප කාගේත් පැතුම වන්නට ඇත.
පාන්දර අවදි වූ ගමන් මම ද දිය නා ගෙන වැඩට යන්නට...
"ඔයාගේ සින්දුවක් ඕන නිම්නට යවන්න සුදු මැණික.."
තරින්ද්‍යා ඔහු වෙනුවෙන් ගීයක් ගයා නොඑවන තැන එරන්ද යළි යළිත් බැගෑපත් වූයේ ය.නමුත් තරින්ද්‍යාට මේවා මහත් විසුළු උපදවන දෑ ය.
"ඇයි නිම්නට? නිම්න වික්රමාරච්චිට?"
තරින්ද්‍යා ඇසී ය.
නිලැසි වික්‍රමාරච්චි සමඟ එක් වී තමන් ලියූ ගීයක් ගයන්නට සහය ගායිකාවක් අවශ්‍ය බවත් එහි සංගීත අධ්‍යක්ෂණය නිම්න වික්රමාරච්චිට බාර...
ලොකු අයියා ගේ දුරකතනය කිහිප වතාවක් හැඬවී නිහඬ විය. ඔහු පිළිතුරු දුන්නේ නැත.
"ලොකු අයිය ආන්සර් කරන්නෑනෙ"
මා එසේ කී විට එතැන සිටි කිහිප දෙනෙකු ගේ ම දෙතොල් අතරේ අමුතු සිනහා නැගිණි. පවුල තුළ ලොකු අයියා ගොඩ නගා ගෙන තිබෙන ප්‍රතිරූපය එතරම් හොඳ නැත.
"ඔය යකාට කියලත් වැඩක් නෑනෙ. මොකද දැං දුවගෙන...
එදා ඒ අත්සනට පමණක් සීමා වූ විවාහය ගැන තිසරු බිඳක්වත් කම්පා වූයේ නැත.නිලැසි මීට පෙර විවාහපත් වී දරුවෙකු හිඳින ගැහැනියක වුව ද ඇයට ආදරය කරන්නට එය බාධාවක් නැතැයි තිසරු සිතී ය.ආදරය කියන්නේ ආදරයට ය.එයට විවිධ බාධාවන් හෝ නීති තිබිය යුතු නොවේ.
"සුමාල් මාව හරි කැත විදියට රැවැට්ටුවා.."
එදා තමන් ඉකිලන්නට හැදූ...
ලොකු අයියා සමගින් ආ මිතුරා ගේ සිනහව කිහිප වතාවක් ම මගේ සිත්හි මැවෙමින් බිඳෙමින් තිබිණි. හිනා වෙත්දී සිහින් වන ඒ දෑස් වල, මා අල්ලා බැඳ ගත් මොකක්දෝ ආකර්ෂණයක් වන බව මට දැනුණේ ය. කාමරයේ ඇඳට වී ද නැවත අම්මා මහන කැනට එමින් ද නැවත කාමරයට යමින් ද ඉන්න බැරි...
"ඔයාලාගේ වෙඩින් ඇනිවසරි එකත් ළඟයි නේද පුතේ?"
රසාදරී මහත්මිය නිලැසිගෙන් එසේ විමසා තවම අඩ පැයක්වත් ගෙවී නැත.අම්මා ඒවා අසන්නේ සාදයක් ගැන සැලසුම් සකසන්නට නොවන බව නිලැසි දන්නී ය.තිසරුගේ ධනස්කන්ධයට හිමිකාරයෙකු ගෙන එන්නට නිලැසිට සිහි කරන්නට ය.
"ඇයි පුතේ බබෙක් ගැන නොහිතන්නේ.."
ඉසිලිය නොහැකිම තැන රසාදරී අසන්නී ය.නිලැසි තිස් විය ද පසු කර...
දුර ඈත ශරදාකාශයේ වෛවර්ණ දේදුන්නක් පායා තිබේ. තවමත් හිරිකඩ වැස්සක් ඉතිරි ව තිබිණි ද මහ වැස්ස මුළුමනින් නතර වී, වැහි අඳුර පළවා හරිමින් බලයෙන් වාගේ හිරු ද අහසට ඇවිදිනි. තද වැස්සකට පසු නැගෙන හිරු ගේ එළිය මෙතරම් එළිය දැයි මට සිතිණි.
දේදුන්නේ පාට ගණන් කරන්නට පොඩි කාලේ සිට ම මම...