Novels

විකුම් විජයවික්‍රම සිය අව් කණ්ණාඩි යුගල හිසෙහි රුවා ගත්තේ ය. ගෙදොරකඩ හිඳිනා ආදිත්‍යා දෙස ම බලා ගෙන ඔහු අඩියක් දෙකක් පෙරට තැබුවේ ය. ආදිත්‍යා ගේ හදෙහි ගැස්මක් ඇති ව තිබිණ. ඔවුන් නීතියෙන් ම වෙන් වී ඉවර ය. විකුම් ගේ ලේ අයිතියක් ආදිත්‍යා වෙත ඇති බව ඇත්ත ය. නමුත් විකුම්...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි රශ්මිගේ ඇමතුම අවසන් වූ පසු හුන් තැනම ගුලි වී කල්පනාවට වැටුණා ය.දැන් ඉතා ඉක්මනින් පිටත් වී කොළඹ යා යුතු බව ඇගේ බුද්ධිය ඇයට තර්ජනාත්මක ස්වරයකින් පැවසී ය.නමුත් හදවත පවසන්නේ වෙනම කතාන්දරයකි. "ඇයි ඔයා මේ බයේ දුවන්නේ?මොකටද ඔයා කාටවත් බය වෙන්නේ?" හදවතට ඉඩ දෙන්නට සිතන මොහොතේම දුරකථනය නාද විය.ඒ තිසරු ය.අතිශය...
ශිරෝෂි විවාහ වෙන්නට යන බවක් ගැන හාංකවිසියක් හෝ විකුම් දැන සිටියේ නැත. ඉදිරියට එමින් තිබි මැතිවරණයේ කටයුතුත් එක්ක කාර්ය බහුල වූයෙන් විකුම් ට දින කිහිපයක් ශිරෝෂි හමු විය නො හැකි විණි. ඒ අතරේ මේ තරම් ලොකු දෙයක් වෙන්නට පුළුවන් යයි විකුම් නම් සිහිනයෙනුදු නො සිතුවේ ය. කෙසේ වෙතත් පුවත...
Nilasi novel by Nibandhika Wanninayake
"අක්කි,ඔයා ඉන්නේ කොහෙද?" රශ්මි නැවතත් අසයි.ඇගේ පැටලෙන හඬ ද කලබලකාරී ස්වරය ද නිලැසිව සොලවන්නට සමත් විය.අම්මා ප්‍රකෝප වී රස්තියාදුකාර ලොකු කෙල්ලට ලේලිය සමඟ බැන වදිනවා විය හැකි බව නිලැසිට සිතිණ.රශ්මි ලේලියකගේ වෙස් ගෙන ඒ කතාවලට හූමිටි නොතබන්නේ නම් යහපත් ය.නමුත් ඈ එසේ නොවේ.නිම්නගේ බිරිඳ වන්නට පෙර සිට රශ්මිට රසාදරීගේ සිත...
සේනක ට සිය හෘදය සාක්ෂියෙන් ගැලවිය හැකි වූයේ නැත. ඔහු තදින් පසු තැවුණේ ය. විඳවූයේ ය. අත දරුවෙකු දෙස නො බලා ම ඔහු ව ප්‍රතික්ෂේප කොට පලා යා හැකි වූවා ට, උස් මහත් වූ පුත්‍රයෙකු යනු එසේ ඉවත බලා ගත හැකි කෙනෙකු නොවේ. තාත්තා කෙනෙකු හට උස් මහත් වූ...
Nilasi novel by Nibandhika Wanninayake
වැසි ඇද හැලෙයි.සීතල කඳුකරය මත හිම වැටී ඇතිදැයි සැක හිතෙන තරමේ සීතලකින් වැසි ඇද හැලෙයි.නිලැසි නිල් නෙතු විහිදා කඳුකරය දෙස බොහෝ වෙලා බලා හුන්නා ය.මේ මහ වැස්සේ කොළඹ ඉන්නට සිදු වූවානම් සිතෙද්දී පවා ඇගේ සිත අපුලකින් පිරී යයි.ජරාජීර්ණ කාණු උතුරමින් වැසි ජලය ගලා යන අන්දම සිහි වෙද්දී ඈ ගත...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"අම්මලා ආයේ යන්නේ කවද්ද?" කාලයකට පසු දකින්නට ලැබුණු හේමචන්ද්‍ර යුවළගෙන් කාව්‍යා විමසූයේ වෙනුර ඔවුන්ව තනිව මව්රට තුළ නොතබන බව දන්නා හෙයිනි.පද්මිනී හේමචන්ද්‍ර මහත්මිය කාව්‍යා දෙස බලා හුන්නේ ආදරය උතුරා යන බැල්මකිනි.ඇයට කාව්‍යා තවම ඇගේ දියණිය ය.බොහෝ දේ වෙනස් වූ පසු ද ඒ ඇගේ බාල දියණිය ය. "මාසයක් දෙකක් ඉඳලා යනවා පුතේ.අයියගෙ...
 දික්කසාද තීන්දුව ලැබිණි. කිසිදු උපද්‍රවයක් සේනකලා ගේ පැත්තෙන් නොවී කඩිනමින් එසේ වීම ගැන ආදිත්‍යා සැනසුම් සහගත වූවා ය. කරදරය සිදු වූයේ තීන්දුව ලැබුණාට පසු දිනයේ ය. බැංකුව වෙත යමින් යමින් සිටියදී දුමාල් ට මැර ප්‍රහාරයක් එල්ල වූයේ ය. ඔහු ගේ මෝටර් රථයට ද බරපතල හානි සිදු කර තිබිණි. දුමාල් වූ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"ආත්මාර්ථකාමී තීරණ ගන්න එපා..ඔයා ඔය අරන් තියෙන්නේ හරි කැත තීරණයක්.." බොහෝ කාලයකට පසු නිවසට ආ භාවනා කාව්‍යාට පැවසුවේ කෝපයෙනි.කාව්‍යා මඳහසකින් පමණක් පිළිතුරු දෙන්නට වග බලා ගත්තා ය.නමුත් කාව්‍යාගේ කෝපය නොනවත්වා අක්කා වෙත එල්ල විණ. "ඔයා හිතනවද ඔය තීරණේට සකුණගෙ ගෙදරින් සතුටින් කැමැත්ත දෙයි කියල.ඔයා හස්බන්ඩ් මැරුණු මනුස්සයෙක්.ඒ මැරුණෙත් සකුණගෙම යාලුවා.ඒ වෙඩින්...