"මං කෝවිලකට ගිහිං පොල් ගහනව"
ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය.
"ඔච්චර ඉක්මනින් කතා කරාද?"
තත්පර කිහිපයකට පසු යළිත් තමන් ඇමතූ තුරුලිගෙන් මියුරු ඇසුවේ සිනාමුසුව ය.
"මං ඇත්තටම හිතුවෙ එක්කෝ සමාව ඉල්ලනවා.නැත්නම් දුක කියනවා කියලා.බනියි කියලත් හිතුණා..ඒත් කිව්වෙ ඔක්කොටොම වඩා විකාර කතාවක්.."
ඇය පොල් ගසන කතාව හෙළි...
ලෝකයේ වන ලොකු ම සතුට තියෙන්නේ පවුලක් ඇතුළේ බව මා දෑසින් දුටු ප්‍රථම අවස්ථාව එයයි. සිතිජ ගේ පියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. ඒ සතුට ඔහු පිටතට දැමුවේ හඬ නගා සිනහ වීමෙනි. සිතිජ, ආඩම්බර කාරයා සිය හැඟීම් වැඩිපුර කාටවත් පේන්නට හැරියේ නැත. නෙළුම් නැන්දා ගේ සතුට තිබුණේ ඇස් වල ය.
විදුහල්පති...
"ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු."
ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය.
"ඒ උනාට ආදරේටයි බලා ඉන්න එකටයි සමාන වෙන්න පුලුවං.."
"මියුරුගේ හිතේ ඔයා ගැන අයිඩියා එකක් තියනවා" මිතුරියක ඒ පණිවිඩය රැගෙන ආවේ ඈ ආදිත්‍යගේ පෙම්වතිය වූ අලුත වග තුරුලිට මතක ය.අනුන්ගේ අයිතියකට...
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල් යායක් මැදින් වැටුණ ගුරු පාරකි. ලා කොළ පැහැයෙන් ගොයම් පැළ ඉස්සී එමින් තිබුණේ ය. මට ගම සිහි විය. කොළඹ දී මේ වගේ වෙල් යායක් මගේ නෙත ගැටී තිබුණේ ම නැත.
"මෙහෙ අයිති කොළඹට නෙවෙයි. කළුතරට. වෙස්ටර්න් ප්‍රොවින්ස්ම තමයි"
සිතිජ පැහැදිලි කරමින් සිටියේ ය. මම කතා නොකර, නෙතට...
"පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න.."
ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු සිතුවේ ය.ඇය සියදිවි නසා ගන්නට ඇත. දැන් එහි සැකයක් නැත.
"ආදිත්‍ය අපි එක්ක යං.."
ඒ විධානය එද්දී ආදිත්‍යගේ අම්මා පෙරට ආවා ය.
"තුරුලි නැති වෙලාද? බොඩි එක අඳුනා...
බෝඩිමේ ඉස්තෝප්පුවේ කොන් හතරට වන්නට තබා තිබූ පරණ ලී පුටුවක සිතිජ ගේ පියා අසුන් ගත්තේ ය. ඔහු හිඳ ගන්නා විට, කාලයකින් අලුතෙන් නො වියන ලද ඒ පුටුවේ දිරා පත් වූ පරණ වේවැල් කිරි කිරි ගානවා මට ඇසුණේ ය.
"මැඩම් මට කිව්ව සර්...ඒ ගැන ගෙදර කවුරුවත් දැන ගන්න ඕන නෑ කියල..."
"එහෙම...
රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි.
"අපි එන ගමන් සඳූ."
රනුක එසේ කියමින් ඇමතුමට ආවේ ය.සඳලි හුස්මක්වත් නොගෙන සිදුවීම හෙළි කරන්නට පටන් ගත්තා ය.
"ආදිත්‍ය දැන් ඇත්තටම ඉන්නෙ අවුල් වෙලා.මිනිහා හිතන්න ඇත්තෙම අක්කා හොස්පිටල් එකෙන් ඩිස්චාජ් වෙලා අපි එක්ක ආව...
මා සිතූ ලෙස ට දුරකතනයේ එහා ඉම වූයේ විදුහල්පති තුමා හෝ ඔහු ගේ බිරිඳ නොව සිතිජ ගේ බාල සොයුරිය ශෙනාලි ය.
"තමුසෙට මේ හොඳින් කියන්නෙ හරිද...අපේ අයියත් එක්ක තියන සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැන්ම. තමුසෙ කවුද ඕයි අපේ අයිය වගේ කොල්ලෙක් එක්ක යාළු වෙන්න...ඔළුව කොහෙ හරි හැප්පිලාද එහෙම දෙයක්...
ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ රනුක සිටී නම් ගැටළුව විසඳීම කොහෙත්ම පහසු නැත.ඔහු නිවසට ගොඩ වැදුණේ අනවසරයෙනි.සඳලි ලැප්ටොප් තිරයෙන් දෑස මෑත් කර ඔහු දෙස නොවටිනා බැල්මක් හෙළුවා ය.
"අම්මා..මේ ආදිත්‍ය ඇවිත්.."
එපමණකි....
හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය තාපයෙහි පීඩනයක් ගැන අල්ප මාත්‍රයකුදු නො දැනෙනා තරම් හෙමිහිට ය.
"මිනිස්සු හිතනව ඇති අපිට පිස්සු කියල"
මඳ දුරක් ඇවිද ගිය පසු ඔහු මන්දස්මිතයකින් තෙපළේ ය. මා ඇයි...