Novels

"ඔයා හිතන්නෙ මට මේ චැනල් එකේ වැඩ සේරම නැති කරාම ඔයා දිනුම් කියලද?" තරිඳි ඉඳුවරගෙන් ඇසුවේ සමච්චලයෙනි.ඉඳුවර කිසිත් නොකියා ඉවත බලා ගත්තේ ය. "දෙන්නගෙන් කෙනෙක් තෝරා ගන්න වෙන තැනකදි මිස්ට වික්‍රමබාහුගෙ ඔප්ෂන් එක ඉඳුවර.ගොඩක් වෙලාවට අපි කාගෙ හරි තේරීමක් වෙන තැන් එනව තරිඳි.අපිට ඒවට මූණ දෙන්න වෙන්නෙත් අපිම කරගන්න දේවල් නිසා." රනුක...
සඳ එළිය වඩාත් සෞම්‍ය වූයේ ය. මගේ කාමරය මට අහිමි වී තිබුණෙන් මම ගෙදර දොරකඩ උළුවස්ස මත හිඳ, ළමා වියේ පටන් දකින්නට මා මහත් සේ ආශා කළ සඳ දෙස බලා ඉන්නට වීමි. වැඩි වියට පැමිණීමෙන් පසු මා සඳ දෙස වුව බැලුවේ යන්තම් හොරැහිනි. ඒ, මිදුලේ නානා ප්‍රකාර පිරිමින් රංචු...
ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා වූවද ඔහු ඉවසුවේ ය.පළමුවැනි කාරණාව ඇය දැන් මවක් වන්නට සූදානමින් හිඳින්නියකි.අනිත් කාරණාව ඒ ඔහු පෙම් කළ තරුණිය ය. ආදරය කළ ගැහැනියකට අත උස්සා පහර දෙන්නට...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට වුව මට සිහිපත් නොවූ තරමි. මේ පුදුමය මගේ පුංචි හිතට විසල් වැඩි වූ තරම ය. "පූජා ඇයි බය වෙලා වගේ...." ආකාශ් මඳහස තවත් පිපෙන්නට හරිමින් ඇසුවේ ය....
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට ඕනෑ වූයේ සංගීතයේ නව මාන සොයා යන්නට ය.සංගීත ගවේෂකයෙකු වන්නට ය.බාලක පාසලක අධ්‍යාපනය හදාරන කාලයේ පවා නගරයේ වූ බාලිකා පාසල්වල යුවතියන්ගේ "ක්‍රෂ් එක වන්නට" ඉඳුවරට...
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක අස්වැසිල්ලක් ගෙන එන්නටවත් ද කියා මට සිතිණි. ඒ තරමට ම ඕ මගේ හිත හැදෙන කතා කීවා ය. මගේ හිතට දිරි ලැබෙන කතා කීවා ය. කිසිදු වටිනාකමක්...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ ය.ඔහුට අපුලක් දැනෙන්නට විය.ජීවිතය අලුත් කරගන්නා සිදුවීම ඇයට "ඉවරයක් කරගත යුතු දෙයක්"වීමම ඔහුට කෝපය උපදවන කතාවක් විය. "මම කියන්නේ මේ අපිට ස්පොන්සර්ලා ගන්න පුලුවං කාලේ..අපි දෙන්නගෙම...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම් හතකවත් මළ ගෙවල් අත් හරින්නෙකු නො වන බැවිනි. හත් දොහක් ගෙවෙන තෙක් තාත්තා මළ ගෙවල බූරු පොලෙන් නො නැගිටින බව ආච්චම්මා කියන්නී ය. එවිට ඔහු...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු අසන්නේ සෝපහාසයෙනි. "ඔව්..එහෙම ඇවිදිනවද ගෑනු..උඹ තමයි ඒකිට ඕනෑ පදං නටන්න දෙන්නේ.." නයනි එසේ කියන්නේ කෝපයෙනි.ඇය සැමියාගේ උදව්වෙන් තොරව ළඟම ඇති නගරයටවත් යන්නට දැන හුන්නේ නැත.මේ අන්දමට අමන්දී...
ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත් ඔහු ගේ සිත්හි තුනී හෝ කේන්තියක් එහෙ මෙහෙ වෙමින් තිබෙනවා ඇත. ආකාශ් ගේ ඒ කේන්තිය ගැන වරදවා සිතන්නට තරම් මම මෝඩියක නො වෙමි. ඔහු වූ කලී...