සතුටු මන්තර

ට්‍රයිඩැක්ස් මිටියාවතට වැහි වැටේ. ඉස්සරහා තාප්පය නිසා මුළු මිටියාවත ම පෙනෙන්නේ නැත. සයුරංගනා වැරැන්ඩා කනුවකට හේත්තු වී පිටත බලා සිටියා ය. තාප්පයට මත්තෙන් වැස්ස පෙනෙන්නේ තනි සුදු අවකාශයක් ව ය. මේ තද වැහි දිය වැදී හැපී දැන් ට්‍රයිඩැක්ස් මල් වල නටු බිමට නැවී තිබෙනවා විය යුතු ය. කොයි තරම්...
තිලකාත් ශක්‍යාත් මංජුලත් රූපවාහිනිය ඉදිරියේ වාඩි වී සිටියේ ඇස් පෙනීමෙහි හදිසි අඩුවක් සිදු වූවා සේ පුටු වඩාත් රූපවාහිනියට ලං කොට ගෙන ය. තත්පරයක් ගෙවෙන්නේ විනාඩියක් වාගේ ඔවුන් ට දැනිණ. කෙසේ හෝ අන්තිමට ඒ උදෑසන වැඩසටහනේ නම තිරය මත පතිත විය. "සුබ උදෑසනක්! ආයුබෝවන් ඔබ හැම දෙනාට ම" කියමින් සිනහවකින්...
ගඟක් නම් ගලා යා යුතු වේ. ජීවිතය ද එහෙම ය. එක තැනක නතර කොට ගන්නට අපට උවමනා වී ද එය සිදු වන්නේ නැත.  සයුරංගනා පසෙකට වී බලා සිටියා ය. යශෝදර කෑම ඇනවුම් කළේ ගෙවල් දෙකේ ම අයට ය. ඔහු වරින් වර සයුරංගනා ගෙන් කෑම ගැන ඇගේ අදහස් විමසුවේ ය.  "ඔයා කැමති...
යශෝදර රාමනායක ගේ තුරුණු හදවතෙහි, කුණාටු සයුරක් මත්තෙහි වාගේ හැඟීම් ප්‍රවාහයක් සංසරණය වන්නට විය. රියෙහි ඉදිරි කැඩපතින් ඔහු නැවත ද සයුරංගනා දෙස බැලුවේ ය. ඇය කිසිත් සිදු නොවුණා වන් නිශ්චලත්වයක ඇස් බිමට හරවා ගෙන ම සිටී. යශෝදර හෙමි හෙමිහිට සුසුම් ධාරාවකින් පෙනහලු පිරෙන්නට හැරියේ ය. ඔහු ට දැනෙන්නා වූ...
සයූ'ස් කිචන් යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට සහයෝගය දක්වන්න කියමින් පාරමී රාමනායක ඇගේ ෆේස් බුක් පිටුවේ බෙදා ගෙන තිබූ සයුරංගනා ගේ වීඩියෝවක් ඇස ගැටීමෙන් පස්සේ තුලන ටීවී වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු වන නිරංග වහා එතැන නතර විය. ටික දිනෙක සිට උදෑසන වැඩසටහනක් සඳහා ඔවුහු අලුත් මුහුණක් ගැන කතා කරමින් ද විපරම්...
ගිම්හාන් ගේ තුන් මාසේ දානමය පිංකමෙන් පස්සේ තිලකා දින ගණනාවක් ම පුතා ගේ ගෙදරට නෑවිදින් මහ ගෙදරට වී සිටියා ය. සයුරංගනා ඇයට අවනත නොවීමේ කේන්තිය ඊට හේතුවයි. ගමකින් ගෙන ආ ළාබාල කෙල්ලක වූ ඇය මේ තරම් දැඩි වේවියි ඇය සිතුවේ ම නැත. තුන් මාසේ දානයෙන් පස්සේ ඇය ගමට පිටත්...
එසඳි ට සරුංගලයක් ඕනේ කියමින් අරගල කරන්නට පටන් ගත්තා ය. දැන් දැන් අහසට සරුංගල් පැමිණෙමින් තිබේ. තවමත් පාසල් නිවාඩු නො දුන්න ද ළමයි සරුංගල් ගෙන පාරට බහින්නටත්, අහස දෙස බලා ඉන්නටත් පටන් ගෙන තිබේ. එසඳිටත් ඕන වී තිබෙන්නේ අසල්වැසි පිරිමි ළමයින් වෙලේ සරුංගල් අරිනු දුටු නිසා ය.  "අපි කඩේ ගියාම...
කිසිදු අඩුපාඩුවකින් තොර ව ගිම්හාන් ගේ තුන් මාසයේ පිංකමේ වැඩ කටයුතු සිදු කරන්නට සයුරංගනා ඉත සිතින් වෙහෙසුණා ය. මළගමෙහි දී ඇයට කිසිවක් ම සොයා බලා කරත හැකි වූයේ නැත. ඇය සිටියේ එහෙම පියවි සිහියක නොවේ. ඒ දවස් තිබුණා ද නැද්ද, ගෙවුණා ද නැද්ද කියාවත් ඇය දන්නේ නැත. පියවි තත්වයෙන්...
ආපසු එත්දී එසඳි ආවේ රියෙහි ඉදිරි අසුනේ, යශෝදර ගේ උකුළේ ය. බෝ දිනකට පස්සේ ඇය සතුටෙන් සිටියා ය. යශෝදර ගේ පපුවට හිස තියා ගෙන, පැත්තට හැරී, රිය පදවන අම්මා ගේ මූණ දෙස ආදරයෙන් බලා සිටියා ය. හේතු හොයන්නට තරම් ඇය කුඩා වැඩි වී ද පුංචි පුංචි සතුටු කැබලිති ඒ...
සයුරංගනා ගේ මුළුතැන්ගෙයි ඉහුම් පිහුම් සහිත වීඩියෝ කිහිපයක් යොදා සයූ'ස් කිචන් නමින් යූ ටියුබ් නාලිකාවක් ඇරඹිණ. එහි තම්බ්නේල් සැකසීම, වීඩියෝ සංස්කරණය වැනි පරිගණක කටයුතු වෙහෙසී සිදු කළේ තේමියයි. පාරමී ඔහු ළඟින් හිඳගෙන වඩා සාර්ථක අත්දැකීමක් වෙනුවෙන් ඇගේ උපදෙස් හා අදහස් දුන්නා ය. විටෙක සිය දකුණු පසින් හිඳ ගෙන කියවන...