කිසල් හිටියේ යහනේ උඩුකුරු ව වැතිර සිවිලිම දෙස බලා ගෙන ය. මකුළුවෙක් සිය පාද යුගල් හතර විහිදා ගෙන සිවිලිම දිගේ ඉක්මන් ගමනක් ගියේ ය. හදවතේ සීරුම් තුවාලයක් වනවා වැනි කීරි ගැසීමක් ඔහු ට දැනෙමින් තිබිණ. අර මකුළුවා සිය හදවත සූරා ලේ බොන්නට හදනවා ද කියාත් ඔහු සිතුවේ ය. කිසිත්...
Mini Stories
අම්මා කෙනෙක් වෙන්න නම් දරුවෙක් කුසින් වදන්නම ඕනෑ කියලා ඔබ හිතනවද?
නිබන්ධිකා වන්නිනායක - 0
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්.
වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. "බබෙක් නැද්ද" අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන්...
ඇගේ හිස කේ උස් ව ගෙන ගැට ගසා තිබුණේ ය. සිහින් දෙතොල් මත මෙරූන් පැහැති තොල් ආලේපනයක් ගල්වා තිබූ අතර, කෘතිම රෝස පැහැයක් කොපුල් තලා වල විය. ඇස් මායින් කළු ඉරි වලින් සීමා සලකුණු කොට තිබිණි. හිස් මුදුණේ අව් කණ්ණාඩි යුලගය රැඳී තිබුණේ ය. ඒ සියල්ල කාලයක් තිස්සේ ක්රමික...
මහමෙරුව හදවත මත පැටවී ඇතිවා වන් බරක් වත්සලා ට දැනෙමින් තිබිණ. ඇය අමාරුවෙන් හුස්ම ගත්තා ය. මේ පපුවේ හිර වීම, ඔහු ගැන හිතනා බොහෝ අවස්ථාවන් හි ඈ අත්විඳින්නී ය. තව එක ම එක වතාවකට ඔහු ගේ සැප දුක විමසන්නට ඇයට උවමනා ය. නමුත් ඒ පණිවිඩය යවන්නට තරම් අතැඟිල්ල වාරු...
මීට පෙර කිසි දා ක දැක නැති ගස් වල පවා මල් පිපී ඇතිවා සේ පළිඟු ට දැනුණේ ය. ඒ මල් අතු පතර නෙක වර්ණ සමනලුන් සැරිසැරූහ. වෙල්ලෙයිකොලොම්බන් අඹ ගස කේන්ද්‍ර කර ගත් කුඩා තණ කොළ ගෙබිම පුරා අලුත් හිරු කිරණ ඉහිරී තිබුණේ වෙන කිසි දවසක නොවූ විරූ මිහිරකිනි. යතුරු...
මගේ හැඟීම් බෙදා ගන්නට කවුරු හෝ මට ඕනෑ විය.දේවක කෙරෙහි මහත් ප්‍රේමයකින් වසර ගණනාවක් දුක් ඉහිලූ හදවත ගලක් බවට පත් කර මම සංකල්පගේ බිරිඳ වූයෙමි.තවම මා හිඳින්නේ ඒ ගල් ගැසීමෙනි.
"ඇයි කෙල්ලෙක්ට තනියම ඉන්න බැරි.. මට උපාධියක් තියනවා. රස්සාවක් තියනවා. ගෙයක් හදාගෙන වාහනයක් අරන් තනියම ඉන්නං අම්මා මම.. නැත්නම් වෙන...
එහෙත් නිසල් දුරකථනය ක්‍රියා විරහිත කරගෙන ය. හදවතට දැනෙන අපහසුව සහ වේදනාව ලෝචනාගෙන් සඟවන්නට තැත් දරමින් මම දවස අසීරුවෙන් ගෙවා දමමින් හුන්නෙමි.
"නිසල් දවස් කීපයක් නිවාඩු අරන්ලු. දැන් ඉතිං වැඩියෙන් බර ඇදපංකො.."
භාතිය එසේ කියාගෙන පැමිණියේ ය.ඕපාදූපය දැන ගන්නා රිසින් අපි ඔහු වටා රොක් වුණෙමු.
"එච් ආර් එකෙන් කිව්වෙ. ඌ මේල් එකක්...
ලෙඩුන් බලන හෝරාවේත් වත්සලා ව සැත්කම සඳහා ගෙන නො තිබිණ. වේදනාව තිබුණත් ඇය හිටියේ කිසියම් සැනසීමකිනි. ඒ වූ කලී රෝගයත්, ඊට හේතුවත්, එය නැති කර දැමීමේ මාර්ගයත් යන සියල්ල දැන ගැනීම නිසා ඇති වූ සැනසීමක් විය යුතු ය.
"තනියම ඉන්නෙ කොහොමද පළිඟු රෑට..."
වත්සලාට වූ ලොකු ම ප්රශ්නය එයයි.
"මොන තනියක්ද අනේ...මං...
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද?
"මට හරි මහන්සි අර්ජුන්.."
මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින්
"නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම...
මේ වෙලාවේ පළිඟු මේ විදිහට අඬන්නේ ඇයි? අක්ෂි හෝ මොරීන් විසින් ඇය ව කිසියම් අපහසුතාවකට පත් කරන ලද්දේ ද? පෙර දා රාත්‍රිය වන තුරු ත් එවැන්නක් සිදු ව නො තිබූ බව කිසල් ට විශ්වාස ය. එසේ වී නම් ඇය මේ විදිහට හැඬිය යුත්තේ දැන් නොව ඒ වෙලාවේ ය. ඉතින්...