fbpx

ළපෙති මල් -10

තේජන පසුදා උදෑසන මෙවන් හමු වීමට ආවේ රහල් නිවසේ නැති බව සැක හැර දැන ගැනීමෙන් පසුව ය.රහල් සමඟ සමීප ඇසුරක් තිබුණ ද මේ මොහොතේ මන්දාරාගේ මානසික මට්ටම ගැන ඔහු හා කතා කරන්නට තේජනට තිබුණේ දෙගිඩියාවකි.නමුත් මෙවන් සමඟ කතාබහ කරගන්නට දේ තේජනට තිබිණ.

“අනේ! එන්න මහත්තයා.කෝ පුංචි නෝනා..”

ජයන්ති තේජනව පිළි ගත්තේ කේලම් මල්ලම ලෙහා දමන්නට සිතමිනි.
තේජන ඇයට මඳ සිනාවක් පමණක් පා කළේ ය.

“මං පුංචි නෝනෙට ඊයෙ ඉඳන් ගන්නෙ.අර ලීලා ගෑනි මගෙ එක කෝල්ලෙකක්කත් පුංචි නෝනෙට දෙන් නෑ. එයා එහෙ නෑය කියන්නෙ.”

තේජන නළල ඇඟිලි තුඩු වලින් මිරිකාගෙන මොහොතක් ගෙවා දැම්මේ ය.

“ජයන්ති, මන්දි නුවර නැන්දලාගෙ ගෙදර ගියා.ඔයා ආච්චම්මගෙ ගෙදරට කෝල්ස් අරන් කරදරයක් වෙන්න එපා.අනික් එක තමයි මෙහෙ වෙන හැමදේම මන්දිට රිපෝට් කරන්න එපා.ඒක කැතයි.මේක එයාලගෙ ෆැමිලි එකේ ප්‍රශ්නයක්නෙ.ඒක එයාලා බලා ගනීවි නේද? මං වුණත් අත දාන්නේ නැති ඒවට ඔයා අත දාන්න එපා.”

තේජන එවගක් පවසා උඩු මහල වෙත ගියේ මෙවන් සොයා ගෙන ය.මෙවන් සඳැල්ලට වී ගිටාරය වයමින් හිඳියි.කිසිවක්ම නොසිතා ඔහු සැනසීමෙන් හිඳින අන්දම තේජනට පුදුමයකි.රහල්ගේ අනාගත බෑනා වූ තමන්ට ඇති තිගැස්ම සහ කළකිරීමවත් මෙවන්ට නොවේ.

“මන්දි ඉන්නේ සෑහෙන අවුලෙන් බං..”

තේජන මස්සිනා අසල හිඳ ගත්තේ එසේ කියාගෙන ය.

“මේක අවුල් වෙන්න හේතුවක් කරගන්නෙ ඇයි කියල මට තේරෙන් නෑ අයියෙ.”

මෙවන් පවසන්නේ ය.තේජනට මේ ළාබාල යෞවනයා තුළින් සිරිමා බමුණුසිංහ මැවෙන්නට විය.

“තාත්තා අපේ තමයි.ඒත් එයාගෙ පෞද්ගලික තීරණ අපිට ප්‍රශ්න කරන්නත් බෑ.ඒවට අපි වොරි වෙන්න ඕනත් නෑ..”

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

මෙවන් පවසන්නේ ඔහුගේ හැඟීම ය.නමුත් තේජනට ඒ සම්බන්ධයෙන් විශාල එකඟවීමක් තිබුණේ නැත.

“දැන් කොහොමත් කරන්න දෙයක් නෑ මල්ලි.අෆෙයා එක තියන කාලේ ඒක නවත්තන්න මම ට්‍රයි කරා.ඒත් කරන්න මොකුත්ම තිබ්බෙ නෑ.හිමංගි අපි කියන එක ඇහුවෙත් නෑ.කොල්ලො දම්මලා එයාගෙ හිත වෙනස් කරන්න ගියාට ඒක වුණෙත් නෑ.”

තේජන පවසද්දී මෙවන් සිනා වූයේ සැහැල්ලුවෙනි.

“අයියට හිතෙන් නැද්ද අපේ රටේ මිනිස්සු අනිත් අයව පාලනය කරන්න යනවා වැඩි කියල.දරුවෙක් අෆෙයා එකක් පටන් ගත්තම පේරන්ට්ස්ලා කොච්චර දේවල් හොයනවද? මෙතන වෙන්නේ ඒකට විරුද්ධ දේ..”

මෙවන් එසේ කියා නැගිට එහා මෙහා ඇවිදිමින් මඳ වෙලාවක් ගෙවා දැම්මේ ය. මිනිසුන් ආර්ථික වශයෙන් දියුණු වන්නට පෙර මානසික වශයෙන් දියුණු විය යුතු බව ඔහු උගත්තේ තාත්තාගෙනි.මේ දූපතේ වැසියන් සම්බන්ධයෙන් එය සනාතන සත්‍යයක් බව ඔහු සිතුවේ ය.

“අපේ කැම්පස් එකේ උන්ගෙ චැට් ගෘප්වල එහෙම හරි අවුල් කතා යනව.අපේ මූණට නොකීවට උන් අපිට හිනා වෙනව..”

මෙවන් එවර හිනැහුණේ උස්හඬිනි.

“කොච්චර උගත් කිව්වත් අපේ මිනිස්සු සෝෂල් මීඩියා යූස් කරනවද අයියේ වැඩක් ඇති විදියට.බලාගෙන හිටියා වගේ අනුන්ට පද හදන්න තමයි ඒක යූස් කරන්නේ.ස්ක්‍රීන් ෂොට්ස් ගහ ගහ කේලං එකතු කර කර චැට් ගෘප්ස් හදන් රෙදි හෝද හෝද පලක් නැති ජීවිත තමයි ගෙවන්නෙ.”.

එහි අසත්‍යයක් නැතැයි තේජන සිතුවේ ය.මිතුරියන් ඒ සමූහ අස්සේ කතාවන දේ එවීම නිසා මන්දාරාගේ කැළඹීම වැඩි වී ඇති බව ඔහු දනියි.

“අපි සෝෂල් මීඩියාවලින් කීයක් හරි හොයා ගන්නව.ඒකත් කී දෙනෙක්ට හිතේ අමාරුවක්ද..ඔය කවර් සෝන්ග්ස් දැම්මම ඒකට බැනල කමෙන්ට් කරේ නැත්නම් නින්ද යන් නැති මිනිස්සු මං නෝට් කරල තියෙනව.අපේ බෑන්ඩ් එකේ ඉන්න විදූෂා බඩුවක් කියල කමෙන්ට් දාන්න වෙනම එකවුන්ට්ස් හදා ගත්තු උන් ඉන්නවා..”

තේජන මඳ වෙලාවක් නිහඬව සිටියේ ඔහුට තර්කයක් මතු කළ හැකි තැනකට මෙවන්ගේ කතාබහ මතු වූ නිසා ය.

“අන්න ඒකයි මල්ලි මම කියන්නෙ.මිනිස්සු ඉන්නෙ ස්ට්‍රෙස් වෙලා.කාටහරි බැනල හිතේ පීඩනේ යවාගන්න තමයි බලන්නෙ.ඉතිං උන්ට කතා කරන්න අපි මාතෘකා සපයන්නෙ ඇයි?”

මෙවන් ගිටාරයේ තත් අක්‍රමවත් ව පිරිමැද්දේ ය.

“අපි හොඳට හිටියත් ඔය මිනිස්සු මොනවහරි කියනව තේජන අයියෙ.ඉතින් අපි මොකටද ලෝකෙට බයේ අපිට ඕන දේවල් නොකර ඉන්නෙ.රටේ ලෝකේ උන්ගෙන් වැඩක් නෑ.අපි අක්කගෙ මානසික මට්ටම ගැන හිතමු.ආච්චම්මා ගාව එයා ටිකක් කූල් වුණාවෙ.ඊටපස්සෙ අපිට පුලුවන් එයාට මේ ගැන තරහින් හිතන්නෙ නැතුව ඉන්න කියා දෙන්න..”

ඒ තීරණය කදිම බව තේජන සිතී ය.සමවයස් සරසවි මිතුරන්ගේ ගැටලුවලට අපූරු පිළිතුරු සොයා දෙන රහල් බමුණුසිංහ ඔහුගේ සිහියට නැගුණේ ඒ මොහොතේ ය.මෙවන් පෙනුම පමණක් නොවේ,රහල්ගේ හදවතද ප්‍රතිනිර්මාණය කරන්නෙකි.

“මන්දි හුඟාක් ආදරේ කරේ තාත්තට.එයාට අම්මා එක්ක මොකක්ම හරි තරහක් තියනව.මේ ප්‍රශ්නෙදි වුණත් තරහ කාටද කියන එක එයාටම පැහැදිලි නෑ.මට හිතෙන්නෙ මෙතන අවුල ඒකයි.”

තේජන නැවත ගිටාරය අතර ඇඟිලි තුඩු ගෙන ගියේ වේගයෙනි.

“අක්කා මේ කතාව ඔයාට කියල නැද්ද? කියන්න නැතුව ඇති.එයා ඒ කතාවට එච්චර හර්ට් කරනව.හැබැයි ඉතින් අයිය මේක දැන ගන්න එක අක්කාව ගොඩ දාන්න හේතුවක් වෙයි.”

තේජන ඒ කතාව අසන්නට සූදානම් වෙද්දීම උණු චොකලට් කිරි කෝප්ප දෙකක් ද රැගෙන එතැනට ආවේ හිමංගි ය.තේජන ඇයට මුහුණ නොදී ඉවත බලා ගත්තේ ය.

“තෑන්ක් යූ හිමා අක්කා.”

මෙවන්ගේ හඬ තේජන පියවි ලෝකයට ගෙන ආවේ ය.මෙවන් හිමංගිට අමතන නෑකම සම්බන්ධයෙන් ජයන්ති පරලව හිඳින අන්දම ඔහුට සිහි විය.

“තේජන උදේට කාලද ආවේ? කෑම කන්න එනවද?”

හොඳම මිතුරන් කාලයේ දේශනවලට ප්‍රථම තමන්වත් මන්දාරාවත් කැන්ටිමට ඇදගෙන යන හිමංගිව තේජනට සිහි විණ.උදෑසන ආහාරය මඟ හැර අසනීප වන්නට උත්සාහ කිරීම ගැන ඔවුන් හිමංගිගෙන් බැනුම් ඇසූ දවස් අපමණ ය.

“මෙයා අපේ අම්මා වෙන්න යන්නෙ අප්පා”

හිමංගිට බනිමින් උදෑසන ආහාරය ගිල දමද්දී ඒ කාලයේ මන්දාරා කියන්නේ එහෙම ය.වර්තමානයේ හිමංගි මන්දාරාගේ සුළු මව බවට පත්වීම දෛවයේ විසුළු සහගත තීරණයක් බව තේජනට සිතිණ.

“කාල යං අයියා.ජයන්ති ස්ට්‍රයික්.හිමංගි අක්කා තමයි ඉව්වෙ..”

මෙවන්ගේ මිත්‍රශීලි කටහඬ ඇසුණු තේජන අහිතක් නැතුව හිනැහුණේ ය.තමන්ගේ තාත්තාගේ දෙවැනි බිරිඳ වූ හිමංගිට යහපත් ලෙස සලකන්නට මෙවන්ට හැකිනම් තමන් කෝන්තර පිරිමැසිය යුතු නොවේ.තේජන හිමංගිට සිනාවක් තිළිණ කළේ ය.

“ආච්චම්මගෙ ගෙදර ගියාම ලීලාගෙ කෑම නොකා එන්න හිතෙන් නෑ.මෙහෙ ආවම ජයන්තිගෙ කෑම කාලා යන්න හිතෙන් නෑ.ඉව්වෙ හිමානම් කමු.හිමා ඉතිං රහට උයන කෙනානෙ.”

කලක් අමනාප වී හුන් මිතුරා යළි ළැබීම ගැන හිමංගිට ඉසිහින් සතුටක් දැනෙන්නට විය.ඇය තරුණයන්ට සඳැල්ලේ රැඳෙන්නට ඉඩ හැර පහත මාලයට ගියේ කෑම මේසය සකසන්නට ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x