Stories

සියක් සියපත්
සදාතන කහවණුගොඩ යමක් වැටහෙන්නට ගත් කාලයේ පටන් ජීවිතය ඉතා ප්‍රවේසමෙන් අත පත ගාන්නට උත්සාහ කළ තැනැත්තෙකි. විශේෂයෙන් ම හදවතක් සමග ගනුදෙනු කළේ ඒ වූ කලී බිඳිය හැකි බඳුනක් බව කල් ඇතිව ම දැන ගෙන වාගේ ය. අම්මා අකාලයේ ම මරණයත් එක්ක යන්නට ගිය දවසේ ඔහු ට ඒ ගැන ඒ...
ආයෙමත් හමුවන බලාපොරොත්තුවක් සිත තුල නොතිබුණද දුලන්‍යා තම පෙර පාසලේ ඉගෙනුම ලබන තෙක් ඔහු හමුවන්නට සිදු වන බව උශාලි නොදැන උන්නා නොවේ. එහෙත් ඒ තමාට අයත් ඉඩක් නොවන බව තේරුම්ගෙන හිඳීම වඩා යහපත් ය. හමුවන වාරයන්හි වැඩිය කතා නොකර හිඳීම හොඳය. මක්නිසාද යත් කොතෙක් ඇත්ත තේරුම් ගන්නට උත්සාහ කලද සිත...
සියක් සියපත්
සනාතන ට මහත් ලැජ්ජාවක් දැනෙන්නට ගති. සදාතන සියපත් ගැන සුවිශේෂ හැඟීමකින් පසු වෙන බව ඔහු ට දැනෙන්නේ දැන් ය. ඔහු වූ කලී සිය යෞවනයේදී හෝ කෙල්ලක ගැන උනන්දු වූ කොල්ලෙකු නොවන බව සනාතන දනී. කොටින් ම ඔහු ට යෝජනා වී තිබෙන වියානා ගැන හෝ කිසිදු හැඟීමක් සදාතන ට නොවූ...
කංචන තුන් වෙනි දවසටත් මාව මඟෑරලා ඉන්න ගත්තා. මාසයක් ඇතුලේ එයා මට මෙහෙම කරන තුන් වෙනි වතාව මේ. සතියකට දවස් හතරක්වත් කතා නොකරම අරිනවා. ඇමතුම් මඟ අරිනවා. කෙටි පණිවිඩ කියවලා, පිළිතුරු නොදී අරිනවා. සමහරවෙලාවට දවස දෙක සියළු සන්නිවේදන මාර්ග වලින් මාව අවහිර කරනවා.  ඇත්තටම එයාට එහෙම වෙන්න මගේ අතින් වෙන...
අනුප ෂෝබිතාට අමතන්නට කොතෙක් උත්සාහ කලද ඇය උන්නේ ඒ කිසිවකට සවන් දෙන්නට නොකමැත්තෙනි. අනෙක් අතට තමා ඔහුව හැරදා පැමිණියායින් පසුව හෝ ඔහු තමාව දික්කසාද කරනු ඇතැයි කියා සිතුවද ඒ ගැන කිසිදු කාරණාවක් ඔහුගෙන් අසන්නට නොලැබීම ගැන ෂෝබිතාට ඇත්තෙ පුදුමයකි. "මට හිතාගන්න බෑ ඇයි අනුප ඩිවෝස් එකක් ෆයිල් කරන්නෙ නැත්තෙ කියලා" රෑ...
සියක් සියපත්
කාමරයේ කුඩා ජනේලයෙන් සියපත් පිටත බලා සිටියා ය. එය සිරස් අතට යකඩ කූරු සවි කෙරූ, ලා නිල් පාට තීන්ත ආලේපිත කුඩා ලෑලි ජනේලයකි. ඒ තීන්ත වසර පහළොවකට විස්සකට කලින් ආලේපිත ඒවා විය යුතු බව, පතුරු ගැසුණු ජනේල පියන නිහඬව කියයි. යකඩ කූරු වල මළ බැඳී තිබේ. ශාන්ත ට සිය...
තරණිට අම්මා ගැන තිබුණේ යහපත් මතකයක් නෙවෙයි. අම්මා තරණිව ආච්චි ට දාලා රට යනකොට තරණි යන්තම් එකේ පන්තියේ. තාත්තා කියන්නේ කොහොම කෙනෙක්ද කියලාවත් නොදැනගෙන උන්න තරණිගේ ජීවිතේ නෑදෑයෝ කියලා හිටියේ ආච්චයි සීයයි විතරයි. ආච්චි නැති වුනාම ඒ හැමදේටම හිටියේ සීයා විතරයි. දැනුම් තේරුම් තිබුණ වැඩිහිටියෝ දෙන්නෙක් විදියට ආච්චියි, සීයයි...
ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය කාර්යබහුල වීදියක අහම්බෙන් හමුවීමක් වුවද, ආපන ශාලාවක අහඹු හමුවීමක් හෝ ආගන්තුකයෙකු සමඟ අහඹු සංවාදයක් වුවද, ආදරය අපව වඩාත් ප්‍රීතිමත් සහ අනපේක්ෂිත ආකාරවලින් පුදුමයට පත් කරන...
සියක් සියපත්
ඒ සිදු වූයේ කුමක් දැයි සදාතන ට සිතා ගත නො හැකි ය. අහසින් පොළොවට වැටුණා සේ ඔහු කම්පිත ව සිටියේ ය. සිහින උපන් ගෙයි ම මිය ගොස් තිබේ! අරුණ උදා වන්නට කල්පයක් කල් ඇත්තා සේ සදාතන ට දැනිණ. අඳුර විසින් ආත්මය අතුරු සිදුරු නැතිව වසා ගෙන තිබිණ. ඔහු ට යහන්...
“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා” අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත නැවීය. අරුණි සහ මධුකගේ විවාහ මංගල්‍ය උත්සවයේදී දුලන්‍යාගේ ගුරුතුමිය දකින්නට වේයැයි අනුප බලාපොරොත්තු වූවා නොවේ. එහෙත් ඇය නිරත්තරයෙන් සිත මත්තට පැමිණෙමින් තමාගේ දැවුණු හිතට වැස්සක් මෙන් ඇද...